" වොහ් එයාලා ගොඩක් ටැලන්ටඩ් වගේ" ජිමින් නම්ජුන් හයුන්ග්නුයි බල බල හිටපු වීඩියෝ එක දිහා බලන ගමන් කිව්වා.
"ඒත් එයාලාගේ entertaitment Company එක පොඩි එකක් වුන එක නම් එයාලගේ අවාසනාව" නම්ජුන් හයුන්ග් කිව්වා.
"ඔයා මොනවාද ගැනද කතා කරන්නේ හයුන්ග්?" ජන්ග්කුක් අපි හිටපු රූම් එකට එන්න ගමන් ඇහුවා.
"අලුතෙන් ඩිබියුට් වුන ගර්ල් බෑන්ඩ් එක ගැන ජන්ග්කුකා" ජින් හයුනුග් කිව්වා. "ඒක නෙවෙයි මොනවද සේජින් හයුනුග් කිව්වේ? Concert එක ඉවර නිසා අපිට පොඩි බ්‍රේක් එකක් ගන්න පුලුවන් නේද?"
"වැඩක් නෑ හයුනුග් නම්ජුන් හයුන්ග්ට කියපු ටිකම තමයි. අපිට ලබන ලබන සතියේ කියපු ටුවර් එක යන්න ලෑස්ති වෙන්න කිව්වා." ජන්ග්කුක්ට කිව්වා. "මේ පාර කොච්චර කතා කරත් වැඩක් වෙන්නේ නෑ හයුනුග්. සේජින් හයුනුග්ටත් කරන්න දෙයක් නෑලු. ඉහලින් තීරණය කරපු එකක්. අපිට දවස් දෙකක නිවාඩුවක් තියේ" හ්ම් මේක තමයි ජීවිතේ අපිට ඕන විදියට විවේකයක් ගන්නවත් බැහැ.
"තේහයුන්ග් ඔයා කොහේද යන්නේ?" නම්ජුන් හයුනුග් ඇහුවා.
"එලියට හයුනුග්. මට ටිකක් තනියම ඉන්න ඕන" මම කිව්වේ මාස්ක් එකත් දාන් කෝට් එකත් ඇදගන්න ගමන්.
_Taehyung_