"ඒ...ජෙසී..ඔයාට මොනාහරි ඕන දේවල් තියනවනම් ගන්න..ආයෙ රස්තියාදු වෙන්න බෑනේ..."
ජෙසීගෙ අම්මා යන ගමන් ජෙසීට කියනවා.
"මගෙ ක්‍රීම් එහෙමත් ඉවර වෙලා.ඒවා ගන්න ඕනෙ සේරම..."
ජෙසී අම්මාට බටර් පාර දාගෙන හුරතල් වෙවී කියනවා...
"හරි හරි ගිහින් සේරම අරගෙන එන්න..ආ කාඩ් එක.මං ගෙදර යනවා උයන්න එපැයි රෑට..අනික ඉක්මනට ගෙදර එන්න."
"ඒ ඇයි අම්මෙ...අනේ..."
"මං අද රෑ යන්න ඕනෙනෙ. අනික හෙට සඳුදා....ඔයාට හෙට ස්කෝලෙ යන්න තියනවා..ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා ඔයා මට එදා කිව්වා මතක් කරන්න කියලා."
"ආහ්...දෙයියනේ...අමතක උනා..."
ජෙසීගේ ඇස් උඩ ගියා...වී හිනා වෙනවා..
"ඔයාට ඉතින් මොනාද මතක හිටින්නේ..අර ක්‍රීම් එක ඉවරයි මේක ඉවරයි..ඇඳුම් නෑ...කැත ඒවා තියෙන්නෙ...ඕවා විතරයි ඔලුවෙ පිරිලා තියෙන්නෙ ලොකු ඔලු ගෙඩියක් තිබ්බට..."
YOU ARE READING
HANDSOME BOSS
Fanfictionතමා විනාශ කිරීමට පැමිණි කුලී ඝාතකයාට පෙම් බැඳි ව්‍යාපාරිකයා....