HIDDEN LOVE 🤍

205 30 19
                                    

"ඩොක්ටර් ඩොක්ටර්....අර පේශන්ට අමාරුයි ගොඩක්"

"වට්.....එයාට හොද වෙලානෙ තිබ්බෙ.එකපාරටම..."

"දන්නෑ ඩෝක්ටර්.... ඉක්මනට යමු"

"ඔව්....යමු"

නර්සුයි ඩෝක්ටර්යි ඉක්මනටම ගියෙ අර කිව්ව පේශන්ගෙ රුම් එකට.....යනකොටත් කොල්ලට හොදටම අමාරුයි....කොල්ලා දැන් මාස හයක් තිස්සේ කෝමා තත්වෙ හිටියෙ....ඊයෙ තමා කොල්ලට ටිකක් හරි හොද උනෙ....ඒත් එකපාරටම ආයෙ අමාරු උනෙ කවුරුත් නොහිතපු විදිහට

"නර්ස්...අර ඉන්ජෙක්ෂන් එක ගන්න"

"මෙන්න ඩොක්ටර්"

ඩොක්ටර් ඉක්මනට ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ ගැහි ගැහි හිටපු කොල්ලව එකපාරට ගැහිල්ල නැතිවෙන අතරේ.....කොල්ලා ආයෙ සාමාන්‍ය තත්වෙට පත් උනා....සමහර විට අද ඉදින් දිගටම මේ තත්වෙ එයාට ඇතිවෙන්න පුළුවන්...

"මිස්ටර් පාර්ක්...."

"ඩොක්ටර්ට මොකද්ද කියන්න ඕනි කිවේ"

"මිසිස් පාර්ක් බයවෙන්ඩ එපා.....මේකයි තත්වෙ...."

ඩොක්ටර් බැරුරැම් පෙනුමකින් පුටුවට හේත්තු උනේ මිස්ටර් පාර්ක්ව වගෙම මිසිස් පාර්ක්වත් බය කරමින්

"අපි හිතුවේ ජිමින්ට හොද වෙලා කියලා...ඒත් ඒම නෙවෙයි මිසිස් පාර්ක්"

"මො......මොකක්"

"ඔව්....ජිමින් ආයෙත් කෝමා තත්වෙට වැටෙන්න ඉඩ තියෙනවා පුළුවන්....මොකද එක්සිඩර්ට් එකෙන් පස්සෙ ජිමින්ගෙ කුඩා මොලේට ගොඩක් හානි සිද්ධ වෙලා තියනවා....එනිසා බරපතල වෙන්න පුළුවන් තත්වේ"

"වට්.....අනේ.....අනේ ඩොක්ටර් කෝමහරි මගෙ දරුවව බේරලා දෙන්න ඩොක්ටර්"

ජිමින්ගෙ ඔම්මා ඩොක්ටර් ඉස්සරහා බැගැපත් උනා....කොයි අම්මටද පුළුවන් තමන්ගෙ ලමයා මැරෙනවා දකින්න...ජිමින්ගෙ අප්පාට තාම මේක හිනයක් වගෙ...

"අපි පුළුවන් තරම් උත්සාහ කරමු ජිමින්ව බේරගන්න මිසිස් පාර්ක්....දැන් ඔයදෙන්නා යන්න....දෙන්නම ඊයෙ ඉදන් මෙහෙනෙ....මොනාහරි වුවමනා උනොත් මම කොල් කරන්නම්"

ඩොක්ටර් නම්ජුන් ඉතා කාරුණිකව කිව්වෙ දෙන්නගෙම වෙහෙස දැකලා

_______________________________________________

"මං නම් කියන්නෙ ඕකට මැරෙන්න දෙමු"

"පිස්සු ද යකු....මොනා උනත් බොසා අපීට එයාගෙ ළමයව බලාගන්න දුන්නෙ අපිව වීශ්වාස නීසානෙ"

"අනෙ රෙද්දෙ විශ්වාසේ...මිස්ටර් ජෝන්ට අපීව ඔනී උවමනාවකදි විතරයී"

"ඒත් බම් මේ පොඩි කොල්ලාය අපී කොමද එම කරන්නෙ....වීකාර නොකර හීටපන්"

මිස්ටර් ජෝන්ගෙ දකුණු අතයි වම් අතයී වගෙ තමා මාර්ක් සහ ඩැනී කියන්නේ....තමන් මැරයෙක් නීසාම මිස්ටර් ජෝන්ට මරණ තර්ජන ගොඩක් තිබ්බා...ඒත් ඒක හේතුවක් නිසා මිස්ටර් ජෝන් මැරෙන්නැතුව ඉන්නවා

ඒ හේතුව තමයි

ජන්ග්කුක්

"අන්න ඩොක්ටරයා එනවා"

ඩැනී එම කියන්න නැගිට්ටේ රූම් එකට එන ඩොක්ටර්ව දැකලා

"ජන්ග්කුක් ට ගොඩක් අමාරුද ඩොක්ටර්"

"ලොකුවට අමාරුවක් නම් නෑ....ඒත් ඒම කියලා අපි පාඩුවෙ ඉන්නත් හොද නෑ.... ඉක්මනට ජන්ග්කුක්ට ගැලපෙන හදවත් අපී හොයාගන්න ඔනි"

ජන්ග්කුක්ගෙ හදවතේ සිදුරක් තියනවා කියලා දැනගද්දි ජන්ග්කුක්ට අවුරුදු දාහතයි....මිස්ටර් ජෝන් කරන්න පුළුවන් හැමදේම මේ වෙනකම් කරලා තිබ්බෙ....දැන් ජන්ග්කුක් ඉන්නෙ අවසාන තත්වේ.....ජන්ග්කුක්ට මේ වෙලාවෙදි එයාට ගැලපෙන හදවතක් හම්බුනේ නැත්තන් ආයෙ ජන්ග්කුක්ට ජිවත් වෙන්න බැරි වෙන බව ඩොක්ටර් කල් තියාම මිස්ටර් ජෝන්ට කියලා තිබ්බෙ....

"අපිත් හොයනවා ඩොක්ටර් ජන්ග්කුක්ට ගැලපෙන හදවතක්....ඒත් හම්බුනෙ නෑ තාම"

"එක තමා....හොස්පිටල් එකෙනුත් තාම හම්බුනෙ නෑ....අපි පුළුවන් උපරිම කරමුකෝ"

ඩොක්ටර් වෙද නලාව සාක්කුවෙ දාගෙන ජන්ග්කුක්ගෙ රිපෝට් එකෙ ලියමින් කිව්වෙ ඩැනිටත් මාර්ක්ටත් කිවා...

"මම ආයෙ රැට එන්නම්.....මැෂින් එකෙ මොකක් හරි වෙනස් තිබ්බෙත් මට ඉක්මනට කතා කරන්න"

ඩොක්ටර් ඩැනිටත් මාර්ක්ටත් සමු දිලා එලියට ගියෙ මිස්ටර් ජෝන්ට කෝල් එකක් දෙන්න බලාපොරොත්තුවෙන්

"මම හිතුවෙ නෑ බම් ජන්ග්කුක්ට මෙච්චර අමාරු වෙයි කියලා"

ඩොක්ටර් ගියාට පස්සෙ පුටුවෙන් ඉදගන්න ගමන් ඩැනී එම කිව්වෙ දුකෙන්...

"මාත් බම්....පව් කොල්ලා"

___________________________________💛💜

අලුත් එකක් 🌚👉👈
අප්ඩේට් තමා පස්නේ🥲ඒත් ඉක්මනටම දෙන්නම්
වෝට් කමේන්ට් කොරන ගමන් පොඩි සෙයා පාරක් දාලා සප් එක දෙන්න 😪😪

#jasmine🌸

HIDDEN LOVE 🤍 || Jikook ||Where stories live. Discover now