ලාවට කෙරෙලි වූ දනහිස ගාවට කඩා දැමූ කොන්ඩය , සුදු පැහැති දිදුලන සම , දන හිස ගාවට වූ ලා රෝස පැහැ ගවුම ඇත්තටම දකින ඕනෑම කෙනෙකුගෙ සිත් දිනා ගන්න සමත් වෙනව .
ඒ උදෙ ඇගෙ හැප්පුන කෙල්ල එතකොට මෙයාගෙ නම නිහාරා ද
ඇස් හීනි කරන් වල ගැසෙන කම්මුල් අතරින් සිනාසී ඇතුලට ආව. ගෙනාපු බෑග් ටික පැත්තකින් තියලා එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තා .
''හායි ඔයා ගෙ නම මොකක්ද ?´´
ශානිකා කතාවට මුල පිරුවා.''මම නිහාරා කාවින්දි ´´
''මම ශානිකා හංසිනී , මේ මගෙ යාලුව ලිතුමි සහස්නා ´´
''ඔයාලා ගොඩ දවසක ඉදන්ද මෙහෙ ඉන්නෙ´´
''නැ අපිත් මෙ ඊයෙ ආවෙ , අපි ඔයා ව කැම්පස් එකෙදි දැකලා තියනව ´´
''ආ ඔව් මම ත් දැකලා තියනව ඔය දෙන්නාව´´
මට වැඩිය කතාකරන්න හම්බුනෙත් නැ ශානිකා මගෙ විස්තරත් ඔක්කොම කියනව , ඔහොම කියො කියො ඉදලා ශානිකා හදපු කොත්තුමී එකත් කාලා නින්ද ට ගියා.