අදත් උදෙ කැම්පස් ගිහින් ගෙදර ඇවිත් කාලා මම නාන්න ගියා . නාගෙන එනකොට මුන් දෙන්නා ඇද උඩට වෙලා උඩ පැන පැන නටනව. අමුතු පිස්සුවක් නෙ කොහොමත් මෙ දෙන්න ට තියෙන්නෙ .
''මේ ඔය උඩ පැන්නා ට කමක් නැ ඇද කඩන් වැටුනොත් ඇන්ටි ගෙන් හොදට අහගත්තහැකි.''
''අයියො එහෙම වෙන්නෙ නැ අනෙ මේක හයියයි''
''හයියයි නම් තමයි ඒත් ඇතින්නියො දෙන්නෙක් නැගලා නටද්දි නම් කඩන් වැටුන් නැති උනොත් තමයි පුදුමෙ''
මටත් රවලා මුන් දෙන්නා තව නටනව . ඕන එකක් කරගන්න්න කියලා මම මගෙ ඇදට ගිහින් පොතක් කියවන්න පටන් ගත්තා .
දඩාස්💥 .....................
එක පාරම ඇහුන සද්දෙට මාව ගැස්සුනා. ඔය කරගත්තෙ දැන් සතුටු ඇති
''අයියෝ මගෙ කකුල මොකක්ද උනා''
ශානිකා කෑගහනව''ඇන්ටි ආවොත් මොකද කරන්නෙ ''
''අපි කියමු ඒක කලින් ඉදන්ම කැඩිලා තිබ්බෙ කියලා ''
මේ නිහාරාගෙත් ගොන් මොලෙ ඉතිම්''එතකොට මෙ සද්දෙ මොකක්ද කියලා ඇහුවොත්''
ඔහොම කල්පනා කර කර ඉන්නකොට ඇන්ටි කාමරේට ආව
''මොකක්ද ඒ සද්දේ''
''ආ නෑ මේ මේ.......''
''හප්පේ ඇදේ ලීය කඩලනෙ''
''අනේ සොරි ආන්ටි ::
අන්තිමට ඇන්ටිට කැඩුන ලීයෙ ගාන දීලා ශේප් කරගත්තා
දැන් ඉතිම් 3 දෙනාටම ඉන්න වෙන්නෙ එක ඇදෙ.
මම සුපුරුදු පරිදි බිත්තිය පැත්තෙ කෙළවරට ගියා නිහාරා මැද ශානිකා අනිත් කෙලවරෙඑක පරම මාව ඇහැරුනා , කාගෙ ද කකුලකුයි අතකුයි මගෙ ඇග උඩ.
නිහාරා මගෙ ඇගට අතයි කකුලයි දාන් හොදට නිදි . හදවත වේගෙන් ගැහෙනව.
වෙලාව කීයද කියලා බැලුවෙ නින්ද යන් නැති නිසා රෑ 12 ට ත් ලගයි .
ලයිට් නිවපු නිසා මුලු කාමරයම කලුවරයි , ජැනේල් රෙද්දෙ ඇති කුඩා සිදුරෙන් හද එළිය කාමරේට ඇවිත් නිහාරාගෙ මූන ට වැටිලා , පූස් පැටියෙක් වගෙ නිදන් ඉන්නකොට නම් .