The Monster

487 142 9
                                    

මං පාර දිගේ‍ ඇවිදින් ගියා.හිම වැටිලා ලස්සන වුනත් සීතලයි.කලින් හිටිය පැත්ත මීට වඩා රස්නෙයි.මං බැලුවෙ පාරට වැටෙන චෙරි මල් වල පෙති දිහා..

අම්මා එක්ක මට තිබුන අන්තිම මතකේ මායි අම්මායි චෙරි මල් ගහක් යට හිටියෙ..ඒ වැටෙන මල් පෙති අල්ල ගන්න මං උඩ පනිද්දි අම්මා හයියෙන් හිනා වෙලා මාව තුරුළු කර ගත්තා.ඒ අවුරුදු දාහතරකට කලින්...දැන් මට අවුරුදු විස්සක්...

අම්මා මාව දාලා ගිහින් ඒ තරම් කාලයක් වුනත් චෙරි මල් පෙති වැටෙද්දි මට අම්මාගෙ ආදරේ දැනුනා හැමදාම..ඒ හින්දා හැමදාම චෙරි මල් පෙති දකිද්දි මට ඇඬුනා..මගෙ ඇස් වලින් කඳුළු කැට වැටෙද්දිත් මං බලන් හිටියෙ චෙරි මල් පෙති දිහා.

එයා නැති වුනේ මගෙ තාත්තාගෙ වැරදි නිසා.ඔව් ඒ නිසා..එයා හැමවෙලේම අපිට කරපු බොරු නිසා..අම්මා තරුවක් වුනේ ඒකයි.

අම්මා තරුවක් වුනාට පස්සෙ තාත්තා මං ගැන හොයලා බැලුවත් අම්මා ඉන්න කාලෙ නම් මං හිටියදවත් එයා දන්නෙ නැහැ.

එයා ඩොක්ටර් කෙනෙක්..ඩොක්ටර් ජෝන්....

අපිට මෙහෙට එන්න වුනේ එයා මෙහෙට මාරුවක් ගත්ත නිසා.මටත් කොලේජ් එක මාරු කරන්න වුනේ ඒ නිසා.

හැමෝටම පිටින් හොඳ.ඒත් ඇත්තටම එයා ඇතුළෙන් මොන්ස්ටර් කෙනෙක්..

මං වෙෙර කරනවා එයාට...

අදත් එයා එන්න පරක්කු වෙයි.මං ගෙදර එද්දි කවදාවත් එයා ගෙදර ඇවිත් නැහැ.මං මොනවා හරි හදන් කාලා නිදා ගත්තම එයා එන්නෙ.ඒකත් ගොඩක් වෙලාවට ඩ්‍රින්ක්ස් අරන්.

මං ගෙදර ගිහින් බෑග් එක ඇඳ උඩට දාද්දි එකේ තිබුන පොත් ඇඳ උඩ විසිරුණා.ඒ ජිමින්ගෙ පොත්..

මං නිකමට ඒ පොත් පෙරළද්දි මගෙ ඇස් ලොකු වුනේ නිකන්ම.

විකාරයි..

________________________________ ♥

දෙවනි අප්ඩේට් එක...හිතුනොත් කතාව ම අද දාලා ඉවර කරනවා...❤

....❤❤❤....

Broken Angels [▪︎COMPLETED▪︎]Where stories live. Discover now