Don't Know

443 138 15
                                    

මං හිටියෙ ජිමින් කොලේජ් එකට එනකන් මග බලාගෙන..

ඊයේ රෑත් තාත්තා එන්න පරක්කු වුනා...මං ඇඬුව තරම මං දන්නෙ නෑ..අම්මාගෙ ෆොටෝ එකක් තුරුළු කරන් මං අඬද්දි...එහෙම ම නින්ද ගිහින්..

ජිමින් ආවාම මං එයා දිහා අළු කරලා දාන්න බැල්මක් දැම්මා...මං නැතත් එයා මේවා දන්නවා ඇතිනෙ..තමන්ගෙ ගේ ඉස්සරහ ඒ තරම් ඒ කාර් එක නවත්තලා තියද්දි නොදැන ඉන්න විදියක් නෑනෙ.

මං එයාගෙ අතින් ඇදන් රූෆ් ටොප් එකට ගියෙ තරහින්..එයා පුදුම වුනත් මාත් එක්ක ඇදිලා ආවා.

"ඇයි මේ..?"

"දන්නෙ ම නැද්ද ඇයි කියලා..?"

"නෑ...මං කොහොමද දන්නෙ..? ඉන්න.ඔයා ඇඬුවද...?"

"ඒක මොකටද ඔයාට..? හරි මට කියනවා ඇයි අර කාර් එක තමුන්ලාගෙ ගෙදර ලඟ තියෙන්නෙ..?"

"මොන කාර් එකද..?"

එයා බය වෙලා වගේ පුදුමෙන් අහන්නෙ මං එයාව බිත්තියකට තියලා තද කරලා බෙල්ලෙන් අල්ලන් හිටිය නිසා..

"බබෙක් වෙන්න එපා.මං අහන දේ තමුන් දන්නවනෙ..තමුන්ගෙ ගේ ඉස්සරහ තියන කා එක..ඒක කාගෙද? ඇයි එහෙ තියෙන්නෙ..? "

"අහ් ඒක මගෙ අම්මාගෙ..ඒක ඉතිං එහෙ තියෙ..න්..න එපැ....අහ් බෙල්...ල අතඅරි...න්න.....හුස්..ම..ගන්න..බැ."

"බොරු කියන්න එපා..බොරු!.."

මං කෑ ගහලා තව බෙල්ල හිර කරද්දි එයා දැඟලුවා.

"මං ඇත්ත කිය..න්නෙ.."

"තමුසෙ මහ බොරුකාරයෙක්......"

මං කෑ ගහලා එයාව බිමට තල්ලු කරලා දාද්දි එයා විසි වෙලා ගිහින් බිම වැටුනා..මං එතනින් වේගෙන් ඇවිදන් ගියෙ මං එයාව ටොප් එකෙන් බිමට තල්ලු කරයිද දන්නෙ නැති හින්දා..

මට තරහ ගිහාම මට පාලනය නැති වෙනවා....

මං ආයෙ ක්ලාස් එකට ඇවිත් ඉඳන් ටික වෙලාවක් යද්දි එයා ආවත් එයා කෙළින්ම ගිහින් එයාගෙ බෑග් එක අරන් ක්ලාස් එකෙන් යන්න ගියා..













පහුවදා එයා ආවෙ නැහැ....





































































ඊට පහුවදත් නැහැ..


















































දවස් තුනක් දැන්....ඒත් එයා නැහැ....






















































































සතියක්..........! එයා ආවෙ නැහැ.....
















































































































ඇයි මං බලන් ඉන්නෙ....? එයා එනකන්...?

______________________ ♥

😶

....❤❤❤....

Broken Angels [▪︎COMPLETED▪︎]Where stories live. Discover now