අදිසි හස්තය බිම වැටි සිටි වෛශ්ව නැගිට්ටවා තමා දෙසට ගත්තාය....එවෙලෙහි කෝපයෙන් සිටි නිසා වෛශ් විසිවී ඇවිත් අදිසි පුද්ගලයාගේ ඇඟ තුළට වී නතර විය.වෛශ් ට ඇයගේ හුස්ම හොදින් ම දැනෙන්නට විය.මන්ද වෛශ් සිටියේ ඇයට තුරුළු වී සිටිනවා මෙන් ය. තවමත් ඔවුන් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන සිටී.
ඇය වෛශ් ගේ අතින් අල්ලගෙනම එතනින පිට වන්නට සූදානම් විය.
"ඒයි තමුසේ ඔහොම ඉන්නවා....කවුරු කියලා හිතාගෙනද මගේ වැඩ වලට බාධ කරන්නේ?"
*ඔනෙලා*"මං කවුරු වුනත් මොකද මං කළේ කරන්න ඔනේ දේ"
*අදිසි පුද්ගලයා*"තමුසෙගේ කටනම් හොඳටම වැඩී.....තමුසේ මහ ලොකු චණ්ඩියා කියලාද හිතන් ඉන්නේ"
*ඔනෙලා*
තමා වාඩි වී සිටි මේසය මතින් බැස ඔවුන් දෙසට එමින් ඔනෙලා ඇසුවාය.අපෝ නැහ් .......ඇයි එහෙම පේනවද?...අපිට පරක්කු වෙනවා...."
*අදිසි පුද්ගලයා*ඒ නිසා ප්රශ්න ඇතිකරගන්න ඔනේ නැති නිසා නැවතත් ඇය වෛශ් වත් ඇදගෙන එතනින් යෑමට සුදානම් විය.
ක්ෂණිකව ක්රියාත්මක වූ ඔනෙලා වෛශ් ව තමා වෙතට ග්රහණය කර ගැනීමට උත්සාහ කළාය.
අදිසි හස්තය නැවත වේගයෙන් හැරී වෛශ්ව තමා පසුපසට කොට ඔනෙලාගේ ඉදිරියෙන් සිට ගත්තාය.
"මේ අහනවා තමුන් මේ ඉස්කෝලේ අයිතිකාරයා වුනත් මට අදාල නෑ....ආයි වෛශ්ගේ එක කෙස් ගහකටවත් අත තියලා අහු වෙන්න එපා...." තර්ජනාත්මක දෑසින් ඔනෙලාට කිව්වාය.
"ඇයි තමුන් එයාගේ කවුද?අයිතිකාරයද?"
ඔනෙලා පුපුරන දෑසින් යුතුව ඇසුවාය....මුළු පාසලක් ඉදිරියේම ඇය මේ ලැජ්ජ වුණු පළමු අවස්ථාව විය."මං වෛශ් ගේ කවුරු වුනත් ඔයාට මොකටද?ලැජ්ජාවක් කියලා එකක් තීනවනම් කිව්ව දේ කරනවා....තමුන් මේ ඉස්කෝලේ ඇතුලේ හදාගත්ත Card එක කුඩු කරගන්නේ නැතුව."
"දැන්නම් ඉවසුවා හොඳටම ඇති , තමුන් මේ අවුස්සගත්තේ වැරදි කෙනාව...."යයි කියමින් ඔනෙලා ඇයගේ මුහුණ මැදටම පහරක් එල්ල කළාය.
ඒ අවස්ථාවේ ඇය එවැනි පහරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු අතර ඇය මෙය කටින් විසදා ගැනීමට සිතාගෙන සිටියාය.