පහන් තරුව...18

970 185 2
                                    

පහන් තරුව...18

එක හීනෙකින් තව එකකට... ඒ හීනෙන් තවත් එකකට...
මුලු නින්ද පුරාම මගෙ සිත එහෙ මෙහෙ දගලල දගලල අන්තිමට හිත සන්සුන් වෙන්න ලන් වෙද්දිම වගේ කම්බුල දිහායින් දැනුනු සීතලම සීතල ගතියක් නිසා මන් ගැස්සිල ඇහැරුනා..

නිදන් ඉදපු නිසා මුලින්ම පේන දේ හරියට පැහැදිලි නොවුනත් මන් තදින් ඇහිපිය ගහද්දි මට පැහැදිලිව පේන්න ගත්ත ...

" සොරි බන්... මන් උබව ඇහැරුවද..."

මගෙ ඇදේ කොනක වාඩි වෙලා මගෙ දිහා බලන් ඉන්න ආදි අහද්දි මන්   යන්තම් ඈනුමක් අරින ගමන් ආදිට කතාකරා..

" දැන්ද ආවෙ....බන්..."

" හ්ම්ම්...."
ආදි හ්ම්ම් කියන් ගමන්  මගෙ දිහා බලන් ඉද්දි මම බැලුවෙ ඇයි මේ තරම් සීතලක් දැනෙන්නෙ කියල...

එලියෙන් ඇහෙන  සද්දෙ නිසා නිකමට එලිය බැලුවහම තමා මන්
දැක්කෙ එලියෙ හොදටම වහිනව කියල..
ආපහු ආදි දොහා බැලුවහම මට තේරුම් ගියා මැට්ට වැස්සට තෙමිල කියල...

මන් එහෙමම ආදිගෙ අත අල්ලල බැලුව..
අත් දෙක හොදටම සීත්ල වෙලා...

" මොකද බන් මේ තෙමිල ... හොදටම සීතලයි..."
මන් එහෙම කිව්වහම තමා ආදිට ඒක දැනුනෙ එයා අත් දෙක එකට එක අතුල්ලල කටින් හුස්ම පිබ පිබ  උනුහුම වෙන්න හදද්දි මන් ආපහු කාතාකරා..

" අනේ බොරු වැඩ නොකර ඔය ඇදුම් මාරුකරගන්නව මැට්ටො....
කෝ ඉතින් කිව්වහම කරනව...."

මන් ආදිව ඇදෙන් තල්ලු කර කර කියද්දි එයා මට ඔරව ඔරව ගිහිල්ල කබඩ් එක ඇරල ඇදුමක්  අරන් වොශ් රූම් එක්ට ගියා...

..........................
ආදිට කෑ ගැහුවට මොකද මමත් තාම ඔෆිස් ඇදුම පිටින්...
මම මටම හිතෙන් බැනගන්න ගමන් ඇදෙන් බැහැල දඩි බිඩියෙ ඇදුමක් මාරු කරන් ආපහු ඇදට පැන්න...
අම්මෝ දැන්නම් කලින්ට වඩා හීතලයි වගේ...
ශෝට පිටින් ඉද්දි කලින් දැනුන හීතල ඩබල් වෙලා දැනෙද්දි මම මටම හිතෙන් කිව්ව...

ටිකකින් ආදි ඇවිල්ල මගෙ ඇදේ කොනකින් වාඩි උනා...
කොල්ලගෙ ඇග මගෙ ලග උනාට හිත් කොහේදෝ දුරක තනි වෙලා ගිහිල්ල කියල මට දැනුන...
මෙච්චර කාලෙකට ආදි මෙහෙම ඉන්නව මම දැකලම නෑ.. ඒත් අහන්න විදිහකුත් නෑ... මොකෝ මේක එහෙම කියන් කෙනෙක් නෙවෙයිනෙ දෙයක්...

පහන් තරුව...Where stories live. Discover now