පහන් තරුව...38

906 165 4
                                    

පහන් තරුව...38

"අප්පත්තී....."

කාබරේ දොර ඇරගෙන පොඩ්ඩ ඇතුලට දුවගෙන එද්දි මගෙ අවදානෙ නිකන්ම ගියෙ පොඩ්ඩ දිහාට..
තරූශ පොඩ්ඩ්ව දැකල ඇදේ නැගිටින්න හදද්දි කොල්ල ඇද උඩට නැගලත් ඉවරයි...

" අප්පතතියෝ... ඔයාට මොකද උනේ... ඇයි මේ ඔයාව අර ස්කුබිඩූ එකේ ඉන්න මමියක් වගේ ඔතල..."

කොල්ල තරූශගෙ ඇදට නැගල කකුල් දෙකත් හොදට නවාගෙන කරගෙන ඇද උඩ වාඩිවෙලා ප්‍රශ්න කරනව...

ඒත් පොඩ්ඩ තරූශ ලගට ලන් උනේනම් නෑ...

" අම්මෝ... ඔයාට මාව පේන්නෙ මමියක් වගේද සුදු.. ම්ම්ම්... අප්පච්චිට තුවාල උනානෙ සුදූ.. ඒක නිසා දොස්තර මාමල තමා මේ බේත් දැන්මෙ... "

"අයියෝ... අප්පත්ති පහන් මාමි කියන දේ ඇහුවෙ නෑ නේද ඒක නේද තුවාල උනේ..."

පොඩ්ඩක් ඇස් පුංචි කරල තරූශගෙන අහද්දි තරූශත් මගෙ දිහා බැලුව...

" මේ පුංචි ඔයාට තේරෙන දේ ඔයාගෙ අප්පච්චිට තේරෙන්නෙ නෑනෙ නේද..."

මන් හිතෙන් කිය කිය ආපහු දොර දිහාට හැදෙද්දි ආදි එක්ක අක්ක දොර වහගෙන රූම් එක ඇතුලට ආව...
අක්කගෙන මූනෙනම් තිබ්බෙ ටිකක් ශොක් වෙලාවගේ පෙනුමක්.. අඩන්න ඔන්න මෙන්නා වගේ මූනම  කලු වෙලා තිබ්බ...

ඇත්තටම ඒ මනුස්සය මේ හැම් දේම දරාගන්නෙ කොහොමද මුලින්ම හස්බන්ඩ් නැති උනා දැන් මල්ලි වෙඩි වැදිල  ඇදේ...

ඒත් එක්කම මගෙ ඔලුවට ආවෙ මේ ඔක්කොටම හේතුව මම නේද කියන එක...

" සුදූ කෝ ඉතින් අප්පච්චි ලගට එන්නෙ නැද්ද "

"බෑ.. අප්පත්තිගෙ තුවාලෙ ඌව උනොත් ඒම..."

"ඒකට කමක් නෑ මගෙ පන්ඩිත සීයෙ මෙන්නෙ මෙහෙ එනව...."

තරූශ එහෙම කියල එයාගෙ තුවාල පෑරෙන්නෙ නැති වෙන්න පරිස්සමින් පුතාව තුරුල් කර ගනිද්දි මන් ඒ දෙන්න දිහා බලන් හිටිය...

......................................................

" අක්කෙ..."

"අනේ මල්ලි කියන්න...ඔයාට කරදරයක් නෑ නේද..."

අක්ක හිටපු කල්පනාවෙන් අයින් වෙලා මාත් එක්ක කතාරකන්න ගත්ත...

පහන් තරුව...Where stories live. Discover now