' හේතුව කියන්නෙ...අපි මෙහෙම කිව්වොත්.දැන් ඔය සිනමා නිර්මාණ වල තියනවා වගේ නෙවෙයි ඇත්ත ලෝකෙ.ඒවා අස්සට පමණට වඩා දේවල් ඇතුලත් කරලයි තියෙන්නේ.නමුත් සමහරවිට වෙන්නත් පුලුවන්,නොවෙන්නත් පුලුවන් වගේ..ස්ථිරවම කියන්නත් බැහැ නමුත්..උන් සාමාන්යයෙන්නං මිනිස්සුන්ට බයයි ෆ්ලෙචර්.කව්රුහරි උන්ට ලංවුනොත් බොහොමවිට උන් කරන්නෙ ඇවිදන් යන එක.නැත්තං පීනන්න උත්සාහා කරන එක.ඈත් වෙලා ඉන්න හදන එක.අන්න ඒ හේතුව නිසා සමහර මිනිස්සු ආසයි උන්ගෙ වාසස්ථාන හොයන් මඩ ගොහුරු අස්සෙ රිංගන්න.වතුර වලවල් වල බැහැගන උන්ගෙ කූඩු හොයන්න.බිත්තර හොරකං කරන්න.උන්ව මරලා හම ගන්න.දත් විකුණන්න.නැත්තං ඔය කැමරාවක් උස්සගෙන මොනාහරි කරන්න.කරදිය මිරිදිය දෙකේම බැහැගන උන්ව පන්න පන්න විනෝද වෙන්න.ඔය වගේ එකඑක විකාර.ඒත් ඔතනදි වෙන නරකම දේ තමයි උන්ගෙ කූඩු අස්සට ආගන්තුකයො එන්න ගන්න නිසා උන් කලහකාරී වෙන එක.බය වෙන එක.අන්න එතනදි මොකක්ද වෙන්නෙ?උන් උත්සාහා කරනවා පහර දෙන්න.උන්ව ඒ තත්වෙට පොළඹවන්නෙ කව්ද?අයිසෙ ඒ අපි!මොකද අපිනෙ බලහත්කාරෙන් කාගෙවත් ගෙයක් ඇතුලට රිංගගත්තෙ.කව්ද ඕයි කැමති තමන්ගෙ ගෙදරට නොදන්න එකෙක් රිංගනවට?තමුසෙ කැමතිද?ඔන්න ඔය හේතු නිසා සමහර ප්රාන්ත වල,ගම් වල ,ලෝකෙ එකඑක තැන් වල මේ සත්තුන්ට අවසරයක් නැතුව කෑම දෙන එක,උන්ව තියාගෙන ඇති කරන එක,ලොකු කරන එක නීති විරෝධී.හරියටම කිව්වොත් තහනම්!එහෙම කරොත් නවතින්න වෙන්නෙ හිර කූඩුවෙ තමයි.ඕකට හේතුව මොකක්ද දන්නවද?අපි උන්ට කන්න දීලා දීලා උන් ඒකට පුරුදු වෙනවා.උන් අපිට හුරුවෙනවා.උන්ට අපේ ඉව,සුවඳ හොඳින් දැනෙන්න ගන්නවා.බය නැති වෙනවා.අවසානෙදි උන් උන්ගෙ ආහාරත් එක්ක අපිව සංසන්දනය කරන්න ගන්නවා.ඒ නිසා දවසක තමන්ගෙම හුරතලා වුනත් සුවාමියව කන්න බැරි නෑ.ඒ විතරක් නෙවේ.උන් ඔක්කොම ගොඩ ඇවිදින් අර කියපු චිත්රපටි කොටස් තියෙන්නේ,අන්න ඒ වගේ අපි පස්සෙ එලවන්න බැරිත් නෑ..ඊලඟට මොකක්ද?ම්ම්ම්...අාහාර රටා..ඒත් විනාඩියකට ඔහොම නවතින්න..!සාකච්ඡාවට කලින් අපි ගේල්ව බලලම ඉමුද?තමුසෙලට පුලුවන් උගෙ දත් ගනන් කරන්න.කට ඇතුලට ඔලුව දාලා.මේ මගෙ අතේ තියන ටෝච් එක උගුරට ගහලා බලලා.හකු වල ඉඳන් දත් වල මිම්ම මයිනවා.මං දෙන්නං තමුන් කැමති ගානක්!
මං කරේ එහෙමයි.තමුසෙ කැමති කොයිවිදිහටද? '
____________________________________
The Monster aren't under your bed, They live inside your head
____________________________________
YOU ARE READING
The ALLigator || FIC | 2023
Misterio / Suspensoතද කොල වර්ණෙට පෙනුන පාසි පිරුණ තෙත ගොහුරක අඩි තිබ්බත් , රෑ අහසෙ අන්ධකාරෙ රැඳුන වතුර වලක සීතල දැනුනත් , දවස් ගානක කුනු වුන මස් වැදැල්ලක දුඟද හැමුවත් , හිරු පෙරළන් සඳු අහසට නැගි ගොම්මනේ ගෙඹි කෑගැහිල්ලක් ඇහුනත් , උල් දත් මුවහත්,දිගු නිය උස්සන් ඉස්සරහි...