bonus chapter

2.6K 398 195
                                    

හවස් වරුවේ තම සේවය කරන අවන්හලේන් එලියට ආ ටේහියුන්ග් කඩිනමින් ඔවුහුගේ මෝටර් රථයට නැඟි නිවස බලා පිටත් උනේ ඔවුහුගේ නැවත පැමිනිම බලා දෙදෙනක් දොර අබියස බලා හිදින නිසා....

මිනිත්තු කිහිපයකට පසූ තම නිවසේ වත්ත ඇතුලට වාහානය දාපු ටේහියුන්ග් එයින් බැස කෙලින්ම ගියේ නිවස තුලටයි.....

නමුත් වෙනදා මෙන් ලූනාව අත් අතර තබාගෙන දොර ලඟ සිටගෙන සිටින ජන්කුක් නොමැති වීම ටේහියුන්ග්ගේ හිතට ගෙනාවේ කුතුහලයක්....

තම නිවසට ඇතුල් වූ වහාම ටේහියුන්ග් ඔවුන්ගේ නිදන කාමරය වෙත ගියේ ජන්කුක් සහ ලූනා එහිවත් ඉදි ද බලන්නයි....

ඔහු සිතුව දේ හරි...

ඔවුන් දෙදෙනා සිටියේ නිඳන ඇඳ මත....

පුංචි ලූනාගේ උරහිස මත හිස තබාගෙන දරුවෙක් නලවන ආකාරයට ඔඩොක්කුව උඩ අතත් තබාගෙන භාගෙට මුවත් විවර කරන් ජන්කුක් සිටියේ සුව නින්දක....

කාමරේ දොරින් ඇතුල් වූ ටේහියුන්ග්ව දුටු ලූනා ඇය මෙච්චර වෙලා ඇඟිලි එහෙ මෙහෙ ගෙනියමින් සෙල්ලම් කර කර සිටි ජන්කුක්ගේ දෙතොල් අතහැර ටේහියුන්ග් දෙසට හිස හරවන ගමන් ඔවුහුට කතා කරන්න සූදානම් උනා.......

" අප්ප-"

" ශ්ශ්ශ් රෝස මල...කෑ ගහන්න එපා...ඉන්න අප්පා මැණිකව ගන්න..."

නින්දේ පසූවන ජන්කුක් ඇහැරෙයි කියන බයට ලූනාව ඉක්මනින් නිශ්ශබ්ද කරපූ ටේහියුන්ග් ඔවුහුගේ කරේ පැත්තක එල්ලා තිබු බෑගය පසෙකින් තබමින් ඊලඟට ගෑටුවේ ජන්කුක්ගේ ලඟටයි....

කකුල් දෙක ඇඳෙන් එලියෙනුත් උඩුකය ලූනාගේ ඇඟටත් බර කරගෙන ඉන්න ජන්කුක්ව ලූනාගේන් හිමින් අයින් කරපු ටේහියුන්ග් ජන්කුක්ට නොදැනෙන පරිද්දෙන් කොට්ටය මත ඔහුගේ හිස තබා ඇඳෙන් එලියේ තිබූ පාදද ඇඳ මතින් තැබුවා....

මේ හැමදේම දීහා බලන් හිටිය ලූනා අවසානේ ටේහියුන්ග් දෙසට අත දිගු කරේ ඇයව වඩා ගන්න මෙන් ටේහියුන්ග්ට අඟවලයි....

" මගේ මැණික ඇයි මේ ඇහැරිලා..."

" දොයි මත නැහැ මට...."

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Where stories live. Discover now