||5||

1.6K 260 9
                                    

"දරුවෝ ඔයා තව ටික දවසක් විවේක ගත්තනම් හරි නේද? අද යන්නම ඕනද?"

මම ඊයේ රෑ කියපු විදියට එලියට යන්න හැදුවත් යුරා ඔම්මා නම් ඒකට වැඩි කැමැත්තක් නැ..

"අනේ ඔම්මා ප්ලීස්..."

"මොකද මොකද මේ උදේ පාන්දර ඔම්මගෙයි පුතාගෙයි කුණු කුනුව.."

වැඩට යන්න ලෑස්ති වෙලා හිටිය අප්පා කාමරෙ ඇතුලට එන ගමන් ඇහුවා... ඒ තරහින් නම් නෙවෙයි...

"අහ් බලන්නකෝ අප්පා ඔම්මා මට යන්න දෙන්නේ නැනේ.. අප්පා ඔයාවත් කියන්නකෝ..."

"ඔමෝ බලන්නකෝ මෙයාගේ හුරතලේ..."

අප්පා මගේ කම්මුල මිරිකලා මගේ ඔලුව අත ගෑවේ බොහොම ආදරෙන්... ඒ ආදරේට ඇත්තටම මම ගොඩක් ලෝබයි...

"අනේ අප්පා ඔම්මට කියන්නකෝ යන්න දෙන්න කියලා..මම හවස් වෙන්න කලින් එනවා ප්‍රොමිස්.. "

"යුරා..."

අප්පා හරි ආයාචනාත්මක විදියට ඔම්මා දිහා බැලුවේ එහෙම බලනකොට එයා අනිවාර්යෙන් ඒ ඉල්ලීමට එකග වෙනවා කියලා දන්න නිසා... ඔම්මා ටික වෙලාවක් අහක බලාගෙන ඉදලා හරි යන්න කියනකොට මම අප්පව බදාගෙන උඩ පැන්නා.. ඊටපස්සේ ඔම්මටත් කිස් එකක් දීලා මම ගෙදරින් එලියට ආවේ පුදුම සතුටකින්...

අපි උන්නේ ජනාකීර්ණ නගරයක උනත් අපේ ගෙවල් තිබ්බේ හරිම නිස්කලංක පරිසරයක...

කැලැ මල් වලින් පිරුණු ගස් වැල්වලින් එන සුවද මගේ නහයට නොදැනෙන සිමාවටම මම ඇවිදගෙන නගරයට යනකොට මට දැනුනේ හරිම නුහුරු හැගීමක්...

බලන බලන හැමතැනම ලොකු පොඩි ගොඩනැගිලිවලින් පිරිලා.. නගරයේ මේ හරියේ ගහක් කොලක් දකින්න හම්බවෙන්නේ නැති තරම්...

තව ටිකක් මම ඉදිරියට ඇවිදගෙන යනකොට මම හොයපු දේ මට හම්බුනා...

"ඩු යු වෝන්ට් ටු බී අ සිගර්.."

ඒ දැන්වීමේ හෙඩින් එක මම මිමිනුවා... ඔව් මට ගායකයෙක් වෙන්න ඕන.. එක මට පොඩි කාලේ ඉදලම තිබ්බ හීනයක්.. මට මුණ දෙන්න උන කරදරත් එක්ක මම ඒ හීනෙන් ටික ටික ඈත් උනත් ගිය සතියේ ඔම්මත් එක්ක මේ නගරෙට එද්දී දැක්ක මේ දැන්වීම මට තව බලාපොරොත්තුවක් එකතු කලා..
එදා මට එක හරියට කියවන්න බැරි උනත් මම අද ඒක හරියට කියවලා එකේ තිබ්බ ෆෝන් නම්බර් ඒකට කෝල් එකක් ගත්තා...

||Love is love||taekook||short story||completed||Where stories live. Discover now