ටේගේ හිත

336 67 2
                                    


''ජිමිනා ආපහු කියන්නෑ මං හරිද මට කතා කරන්න එපා මට බෑ''

''අනේ ටේ යන්කෝ..අනික හැමපාරම ඔයානේ මට හරියන්න ඇදුම් තේරුවේ..ප්ලීස් ටේ යන්කෝ අනේ අනේ..මගේ කසාදෙනේ ටේ ඔයා හැමදාම කියුවනේ ජිමිනි බදිනකොට මම තමා ඔක්කොම කරල දෙන්නේ කියලා''

''ඒයි ඒවා චූටි කාලේ කතානේ දැන් ඒවා අදාල නෑ..තමුසෙගේ පූස් මිනිහා ඉන්නේ ඒවටනේ ඇදන් යනවා එයාව''

''අනේ ටේ යුන්ගි හියුන්ට ඔය විදිහට කතා කරන්න එපා..අනික එයාව ඇදන් ගියාට වැඩක් නෑ එයා මුල්ලක් බදාගෙන නිදාගනීවි ‌''

''මට නම් බෑ එච්චරයි කරුණාකරලා යනවා වදයක් නොවී මට නිදිමතයි''

''ටේ..ඔයා ඇයි මට මෙහෙම කරන්නේ''

''ආශ් මලඇණයක් ටවුසේ අඩන්නැතුව ගිහින් ලේස්ති වෙනවා මං එන්නම්''

''හනේ මගේ හොද කොටිපැටියා උම්ම්ම්ම්මාහ්..''

''යනවා ගුටිනොකා කෙල ගෑවනේද මූනේ''

ජිමින් හිනාවෙවි උඩ පැන පැන යන දිහා ටේ බලන් ඉදියේ හිතේ අමුතුම දුකකින් පිරිලා යද්දි

ඔයා ඇයි මට මෙහෙම කරන්නේ ජිමින්..මාව යාලුවා විදිහටම බලනවා මිසක් ඔයාට මට ‌වගේ දෙයක් හිතෙන්නැද්ද? ඇරත් ඔයා හොදටම දන්නවා යුන්ගි හියුන් කවදාවත් ඔයාට ආදරයක් දෙයි කියලා එයා අදත් හෙටත් ආදරේ කරේ එකම කෙනාටයි..ඒ ඔයා නෙවෙයි

ඔයත් අකමැති කසාදයක් කරගෙන විදවනවා මම බලන් ඉන්නේ කොහොමද ජිමින්? තමුසේ අඩන හැමපාරකම මටත් රිදුනා ජිමින්..




''ටේ ටේ අලේව් ටේ..''

ජිමින්ගේ බෝල අතක් ටේගේ මුණ ඉස්සරහ උඩ පහල යද්දි ටේ ජිමින්ව අතින් ඇදලා අරන් උකුලෙන් වාඩිකරවන් ජිමින්ගේ පිටට මූණ තියන් බදාගත්තේ ඇස් වලින් කදුළු ගලද්දි

''ටේටේ අඩනවද?''

''ම්හු''

''ඇයි බොරු කරන්නේ මට මේ ඇයි අඩන්නේ''

''ම්හු ජිමින් ලේස්ති වෙලා ඉවරයිනේ එන්න අපි යමු..''

''ටේටේ ඒත් ඔයා ඇයි..''

ROSES✅✅✅Where stories live. Discover now