ජිමින් ජන්කුක් එක්ක කාමරේට ආවා ඒ දෙන්නා පොඩි චැට් එකක් දාගෙන ඒ කාමරේ බඩු එහේ මෙහේ කරලා පිරිසිදු කරගත්තා
ජිමින්ට වොශ් දාගන්න දීලා ජන්කුක් එයාගෙයි ටේගෙයි රූම් එකට ආවේ ටේව බලන්නයි
නම්ජුන් ටේව අරන් ඇවිත් ඇදේ හාන්සි කරලා තිබුනා
ටේ අහන්ද ඉන්නේ ඒ ඔයාගේ ජිමින් නේද?..මම එයාව එකපාරින්ම අදුරගත්තා..මම එයාව මෙහේට ගෙනාවේ තවත් ඔයාට දුක් විදින්න දෙන්න බැරි නිසා..මට සමාවෙන්න මම එයාට ඉස්සරහට මොන විදිහට සලකයිද කියලා මටවත් හිතාගන්න බෑ ටේ..''
මොකද මම ආදරෙයි ඔයාට..මෙච්චර කල් ලග ඉදලත් ඔයාට මාව ලං කරගන්නවත් ජිමින්ව හිතෙන් අයින් කරගන්නවත් බැරි වුනේ ඇයි ටේ..''
මං දන්නෑ මම හෙට උදේට ජිමින්ව ඔයා ඉස්සරහ තියාගෙනම අහනවා..ඔයාට ආදරේ කලානම් ඇයි අර වගේ මෝඩ වැඩක් කරේ කියලා..''
ජන්කුක් ටේගේ නළල සිපගෙන බ්ලැන්කට් එක ටේට පෙරෙව්වා..ජන්කුක් ජිමින් ගේ කාමරේ ගාවින් යද්දි සිහින් ඉකියක් ඇහුණා..ජන්කුක්ට බය හිතුණ ජිමින් ගැන..ජිමින්ගේ කාමරේ අඩවන් උන දොර ඇරලා බලපු ජන්කුක් දැක්කේ ජනේලේ ගාව වාඩිවෙලා අඩන ජිමින්ව..
ජිමින්..ඇයි මේ?..අනේ ඇයි අඩන්නේ..''
ම්හු..මට..මට මගේ බෝයිව මතක් උනා..සොරි ''
අනේ ඒකට කමන්නෑ ජිමින්..අකමැත්තක් නැත්තම් හිතේ තියෙන දේවල් මට කියලා හිත හදාගන්න''
නෑ ජන්කුක්..ඒක ඉවරයි..සමාවෙන්න මට ඔයාව ඇහැරුවා නම්..''
පිස්සු නේ ඔයාට මම නිදාගනෙ ඉදියේ නෑ මෙතනින් යද්දි ඇහිලයි ආවේ...නිදාගන්න ජිමින් හෙට ඔයාට සුභ දවසක් වෙයි..''
ජන්කුක් ගියාට පස්සේ ජිමින් තාමත් ටේ ගැන හිතමින් ඉදියා..ඇදේ හාන්සි වෙලා ඇස් පියාගත්තත් හරියට නින්දක් නෑ..ඒක ජිමින්ට හුරු වෙලා..
(ටේ ඉන්න ගේ ඇතුලෙම ඉදන් ජිමින් ටේ වෙනුවෙන් අඩනවා..ටේ කොහේද ඉන්නේ කියලා හිතනවා..ටේව එකපාරක් ජිමින් දැක්කනම්..)
ESTÁS LEYENDO
ROSES✅✅✅
Romanceමං එයාටත් ඔයාට තරම්ම ආදරෙයි......ඒත් එයයි මගේ පළමු ආදරය...මගේ හුස්ම නවතපු හිනාව..එයා මගේ ඒ්නජල් ඔයා මගේ බනී..මට ඔය දෙන්නවම වටිනවා..