යූන්මින් කසාදය සහ යුන්ගිගේ ලවර්

255 58 3
                                    

''යුන්ගියා..ඔයා අද ඇත්තටම රාජකුමාරයෙක් වගේ..''

''තෑන්ක්ස් ඔම්මා..''යුන්ගි මද හිනාවකින් ජිමින්ගේ ඔම්මට ස්තුති කලා..

''පුතා දන්නවද අද මගේ චූටි මිනීව පුතාට දෙන්න ලෝභ හිතෙන තරමට ලස්සනයි..බලන්නකෝ තව ටිකකින් ඒවී.. යුන්ගි පුතේ මගේ මිනීව හොදට බලාගන්න''

''ම්ම් හරි ඔම්මා..මම එයාව බලාගන්නම්..''


එකපාරම පල්ලියේ ලොකු දොර විවර උනේ හැමෝම නිහඩ වෙලා රතුපලස මතින් එන අප්පගේ අතේ එල්ලිලා හිමි හිමීට අඩි තියමින් එන පුංචි කොලු පැටියා දිහා බලන අතරයි

'පුංචි උනත් ජිමින් අපේ සැරම සැර ගම්මිරිස් ඇටේ' ටේ නිතරම ජිමින්ව තරහ ගස්සන්න ඒක කියද්දි ජිමින් මූණ රතු කරන් පුම්බන හැටි ටේ පස්සේ එලවන් දුවන හැටි පුංචි පුංචි හුරතල් කතා ජිමින්ගෙයි ටේගෙයි සද්ද හිනාවලින් විතරක් පිරුණ ගෙදර අද ඉදන් නිහඩ වෙන බව ජිමින්ගේ ඔම්මා පාර්ක් මහත්මියගේ නෙතගට කදුලක් එක් කරන කරුණක් උනා..

විවාහ උත්සවය ඒ විදිහට ගෙවුනේ ජිමින්ව යුන්ගිටම භාර කරවලා

හැමෝම යූන්මින් දෙන්නට සුභ පතලා ආශිර්වාද කලා..ජිමින් ඒ හැමවෙලාවෙම ‌කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න උනා..ජිමින්ගේ තරු පිරුණ නිල් ඇස් හෙව්වෙම ඒ දුඹුරු ලස්සන ඇස් විතරයි

''ඇයි ටේටේ තාම එන්නේ නැත්තේ?මිනී කෝ ටේටේ''

''ආහ් ඔම්මා ටේට මම කෝල් කලා ඒත් එයා නෑනේ අනික එයා ගියේ ඔඩිශන් එකකට ඔම්මා ඒ තරම් ඉක්මනට ඉවර වෙන එකක් නෑ..''කටට ආපු බොරුවක් ගොතපු ජිමින් එයාගේ ඔම්මට පිළිතුරු දුන්නේ එදා රෑ ටේ එක්ක ගෙවපු හැටි මතක් වෙලා..

''එයාගේ චූටි චිම්ව බන්දන්න ඉදපු කෙනා අද නෑ..බලන්න ඒකෙත් හැටි..''

එයා බන්දන්න නෙවේ බදින්නයි ඉදියේ ඔම්මා ඒකත් මේ මාව..මට සමාවෙන්න මගේ ටේ..මම ඔයාට ලියවිලා නැතුව ඇති..සමහර විට වෙන බවයක මම ඔයාගේ වේවි ටේ..'

ජිමින්ගේ හිත තිබුනෙම ටේ ලග ජිමින්ට එදා රෑ මතක් උනා..

Flashback

ROSES✅✅✅Donde viven las historias. Descúbrelo ahora