Is He Wrong ?

246 63 41
                                    

මහරගම බස් හෝල්ට් එකේ මං හිටන් හිටියේ දෙකහමාරට එන බස් එක එනකන් .. අද බස් එක පරක්කුයි .. තුනට පටන් ගන්න විද්‍යාව ක්ලාස් එකට වෙලාවට යාගන්න බැරි වෙයිද කියලත් මට නිකන් හිතුනා ... එකම තැනට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට පොඩි කරකැවිල්ලක් වගේ ආපු නිසා මං ෆෝන් එක බෑග් එකට දාගෙන ටිකක් වට පිට බැලුවා .. වහින්නත් වගේද මංදා ... ගහගෙන හිටපු හෑන්ඩ්ෆී එකත් ගලෝල දාපු නිසා එක එක සද්ද වලින් මගේ කන් පිරිලා ගිහිල්ලා ...

මං ලඟම හිටියේ අම්මගේ අතේ එල්ලිලා හිටපු අවුරුදු අටක විතර පොඩි ගෑණු ලමයෙක් ... මොකක්දෝ කූරක ගහපු එකක් එයා කටේ ඔබාගෙන ඒක උර උර හිටියා .. එයාගේ අම්මයි තව ගෑණු කෙනෙකුයි බර කතාවක .. අපි හතර දෙනා විතරයි මුළු බස් හෝල්ට් එකටම කියලා හිටියේ ... බස් හෝල්ට් එකට එහා පැත්තේ ත්‍රීවිල් පාක් එක .. වෙලාව දැන් තුනටත් කිට්ටුයි ... මං ලොකු ඈනුමකුත් පිට කරලා ආයෙමත් ෆෝන් එක අතට අරන් හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ගහගත්තා .. තත්පරේකින් මගේ කන් බාහිර ලෝකෙට නිරාවරණය වෙන එක නතර උනා ...

එකපාරටම මට ඇහුනේ කවුරුහරි මහ හයියෙන් හිනා වෙන සද්දයක් .. මං නිකමට වගේ ඔලුව උස්සලා බලනකොට දැක්කේ ත්‍රීවිල් කාරයෝ සෙට් එක කාවහරි වට කරගෙන මොනා හරි කිය කිය හිනා වෙනවා .. එතන හිටියේ ගිය සතියේ ක්ලාස් එකට අලුතින් ආපු කොල්ලා .. පන්සිලු ...එයාව මීටර් වෙච්ච ගමන් මං හෑන්ඩ්ෆ්‍රී දෙක ගලෝලා දාලා ඒ පැත්තට ටිකක් ඔලුව දැම්මේ මොකක්ද කේස් එක කියලා බලන්න .. අපේ පන්තියේ එකෙක් නම් නිකන් අතාරින්න බෑනෙ .. එයා වටේට ඉන්න අයව තල්ලු කරගෙන ඉක්මන් අඩියෙන් මේ පැත්තට ඇවිදගෙන ආවා .. එකත් එකටම කාරණේ මොකක්ද කියලා මට තේරුනා .. කට්ටිය එයාට විහිලු කරන්නේ එයා ගෑණු ලමයෙක් වගේ අඳින පලඳින නිසයි .. එයා ඇඳන් හිටියේ රෝස පාට ටී එකක් ඇඟට හිර ඩෙනිමකට යට කරලා .. එයාගේ අතේ එක එක පාට මුදු ගොඩක් දාගෙන හිටියා .. තව වලල්ලකුත් .. එයා කතා කලෙත් ගෑණු ලමයෙක් වගේ .. හැමතිස්සෙම ඇස් ගහ ගහ තොල් හපාගෙන .. එදා ක්ලාස් එකට ආපු මුල් දවසෙත් එයාව අල්ලගෙන සර් ජෝක් කලා .. ඒක අපිට මහ හයියෙන හිනා වෙන්න තරම් විහිලුවක් උනත් ඒ වගේ දෙයක් කරන එක වැරදි කියලා මට තේරුනේ එයා ඒ වෙලාවේ කඳුලු පිරිච්ච ඇස් වලින් බිම බලන් හිටපු නිසා .. ඒකයි මට එයාව එච්චරම මතක ...

Is He  Wrong ? Tempat cerita menjadi hidup. Temukan sekarang