-මං දන්නෑ ලිලී එහෙම කලේ ඇයි කියලා.
ජීවන් ටිකක්වෙලා ඉදලා ඒ කෙල්ලගෙ හිත සනසලා කොහොමහරි අයියව හොයල දෙනවා කියන පොරොන්දුව පිට එතනින් පිටත් උනේ ශක්තිව බලන්න හොස්පිට්ල් එකට යන්න පරක්කු වෙන හින්දා.එහෙම්මම ගෙදර ගිහින් ඇදුමක් දාගෙන අනිත් අතට හොස්පිට්ල් ආවෙ දවසම එහාට මෙහාට දුවලා මහන්සි පිට.
දොර ඇරගෙන ශක්තිගෙ රූම් එකට ජීවන් එනකොට ශක්තිගෙ ඇස් දෙක දිලිසුනේ හරියට පොඩි බබෙක් අම්මව දැක්ක වගේ.
ජීවන් ශක්තිට දවස ඇතුළත සිද්ධ උන හැමදේම කිව්වා.-ඔයා කියන විදියට ඔයා සැක කරන්නෙ ලිලී කියන කෙල්ලවයි,මරලා දාපු අර්ජුන්ගෙ කොල්ලවයි.එහෙමද?
-හ්ම්ම්.
-ඒත් ඇයි?ඒකත් මරල අවුරුදු දෙකකටත් පස්සෙ!
-මෙහෙමයි.එයාලා ඉන්න මානසිකත්වයත් එක්ක බලද්දි පලිගන්න වෙන්න පුළුවන්.හරි හරි.ඔයාට මේ දේවල් වැඩක් නෑ.මොනවත් කල්පනා කරන්නෙපා.රිලැක්ස් එකේ ඉන්න.ජීවන් එහෙම කියන ගමන් ඇවිත් ඇදේ කොණකින් වාඩිවුනා.
-මං මේ දේවල් කල්පනා කරන්නැතුව ඊලග පාර ශොපින් ගියාම ගන්න ටීශර්ට්වල පාට කල්පනා කරන්නද?
-අනේ අම්මප මුගෙ ඔලුකට්ට කුඩු වෙලත් කියවන එකේ අඩුවක් නෑනෙ.
-ඔව් ඉතිම් ඔලුවනෙ තුවාල උනේ.කට නෙමේනෙ.ජීවන් හිනාවෙලා ශක්ති ලගට ලං උනා.අත් දෙකෙන්,නළල
වැහිලා තිබ්බ කොණ්ඩෙ අයින් කලා.ජීවන් මුකුත් කරන්නත් කලින් ශක්ති ඇස් දෙක පියාගත්තා.ජීවන් හිනාවෙලා එහෙම්මම ශක්තිගෙ මූණට ළංවුණේ කිස් එකක් දෙන්න.-Excuse me Inspector Jeewan.
ජීවන්ට උන් හිටි තැන් අමතක උනේ Doctorගෙ කටහඩට.ඉක්මනට නැගිට්ට ජීවන් ඩොක්ටත් එක්ක කාමරෙන් එළියට ගියා.
____________________________________________________
විරාමයෙන් පසු නැවතත් අප ඔබත් සමග.අද විශේෂ මාධ්‍ය සාකච්ඡාව කෙලවරක් නැතුව ඝාතනය වෙන මැර කල්ලිවල සාමාජිකයිට අත්වන ඉරණම ගැන.
-ඉතින් පොලිස් ස්තානාධිපති ආනන්ද්,අපි කතා කර කර ඉදියෙ සමාජ ජාලාවල පැතිරීගෙන යනවා මේක මැරයන්ව නැති කරලා දාන්න පොලීසිය කරන කපටි වැඩක් කියලා.ඒ කියන්නෙ ඔයාලා එයාලව මරලා වෙන එක්කෙනෙක් කලා කියනවා වගේ එකක්.
-නෑ කොහෙත්ම නෑ.අපි නීත්‍යානුකූල රස්සවකට බැදිලා ඉන්නෙ.කවදාවත් නීතියට පිටින් ආරක්ශක තුවක්කුවවත් උස්සල නැහැ.
මෙහෙමයි මිස්.සෝශල් මීඩියාවල මිස්ගෙ ෆොටෝ එකක් අරගෙන සංස්කරණය කරලා නිරුවතින් ඉන්න ඡායාරූපයක් ලීක් කරන්න පුළුවන්.මිස් දන්නව මිස් නෙමේ මේ ඉන්නෙ කියලා ඒත් අනිත් මිනිස්සුන්ට කතා හදන්න පුළුවන්.
ඒ කතා වලක්වන්න අපිට කරන්න පුළුවන් ඇත්ත ඔප්පු කරන එක විතරයි.අපිත් ලගදිම මේවට වගකිව යුතු අයව හොයාගන්නවා.ස්තූතියි.
_____________________________________________________
-ශක්තී ශක්තී...ඔන්න ගුඩ් නිව්ස් එකක්.ඔයාට හෙට ගෙදර යන්න පුළුවන්ලු.ජීවන්ගෙ මූණෙ පුදුම එළියක් තිබ්බෙ.ශක්තිටත් සතුටුයි ගෙදර යන්න පුළුවන් වුන එක ගැන.ඊටත් වඩා සතුටුයි ජීවන් සතුටින් හිනාවෙලා ඉන්නව දැක්කම.
ශක්ති ඉදියේ හොස්පිටල් එකේ ජනේලෙ ගාවට වෙලා හිටගෙන.ජීවන් පැනලා ගිහින් ශක්තිව බදාගත්තා.
-අම්මෝහ් මෙයාගෙ සතුට.මමයි හරි නං උඩ පැන පැන නටන්න ඕනෙ.
-මට නං දැන් පුදූම නිදහසක් දැනෙනවා.දැන් මං ඔය එක එක්කෙනාව බලන්න හොස්පිට්ල් ගානෙ බඩගාන්න ඕනෙත් නෑ.කවුරු ගැනවත් වද වෙන්න ඕනිත් නෑ.
-යනවා යන්න අහකට ඕන්නැත්තන්.
-මං යනවා ඒහෙනන්.
-මේ මේ එන්න බොරු ශෝ දාන්නෙ නැතුව.ශක්ති ජීවන්ව ලගට ඇදල ගත්තෙ ඇදගෙන හිටපු ටී ෂර්ට් එකෙන්.
-නවත්තපු තැනින් පටන් ගන්න.
-මොකද්ද?
-ඇයි ඔයා මාව
ජීවන් එකපාට්ටම ශක්තිගෙ තොල්වලට බරවුනේ එයාගෙ අත්දෙක ශක්ති ඇදගෙන හිටපු සැහැල්ලු ෂර්ට් එක ඇතුළට යවන ගමන්.ශක්තිත් එයාගෙ අත් ජීවන්ගෙ කොණ්ඩෙ අතරින් එහෙ මෙහා ගෙනිච්චා.
දීර්ඝ හාදුවකින් පස්සෙ දෙන්නත් එක්කම නිදාගන්න ගියෙ ජීවන් හෙට උදෙන්ම පරීක්ෂණවලට පිටත් වෙන්න ඕනෙ නිසා.________________________________________________
ඊළග දවසෙ උදේ ජීවන් මුලින්ම ගියෙ චීෆ්ව හම්බවෙන්න
-ආ ජීවන් එන්න.කොහොමද ඔයාගෙ අර....මේ...පුංචිගෙ බාප්පගෙ...
-එයා ශක්ති චීෆ්.
-ආහ් ඕකේ.කොහොමද එයාට.
-හොදයි චීෆ්.ඒත් සර්..
-ඔව් ජීවන් කියන්න.
-සර් ශක්තිව නවත්තපු ප්‍රයිවට් රූම් එකේ චාජර්ස් චීෆ් ගෙව්වා කියලා කිව්වා.ඒක හොද මදි නේද චීෆ්.චීෆ් මට ගොඩක් ලොකු උදව්වක් කලේ එවෙලෙත්.එහෙම එකේ...
-හා හා ඇති.ඕව මෙතන ඕන්නෑ.ජීවන් ඔයා මීට වඩා උනන්දු වෙන්න ඕනෙ ඔයාට භාරදීලා තියෙන කේස් එක ගැන.
-ඕකේ සර්.මං ඊයෙත් ඩීටේල්ස් ටිකක් හොයාගත්තා.මං වැඩි දුර විස්තර හොයාගෙනම චීෆ්ට ඒ ගැන කියන්නම්.
-හ්ම්ම්.දැන් යන්න එහෙනම් මට සිගරට් එකක් ගන්නෝනෙ.ජීවන්ට ඉතින් මෙව්ව අල්ලන්නෙ නෑ නෙ.චීෆ් කට කොනින් දාපු හිනාව මග අරින ගමන් ජීවන් එතනින් ගියා.
________________________________________________
උදේ අප්ඩේට් කරන්න බැරි වුණා ගෙදර හිටියෙ නෑ....ඇදිරිනීතිය අයින් කලාමවත් පොඩි රවුමක් ගහලා එන්න යන්නෙපැයි...
_Zrash_
YOU ARE READING
|| HSII ~||(Ongoing BL)
Adventureඅසහනකාරී සමාජයේ යම් සිදුවීම් හමුවේ වන්දි ගෙවූ ජීවිත වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම රාජකාරිය කරගත් ජීවිත සියල්ලකම එකතුවක්..... Bl story, කරුණාකර අකමැති නම් කියවීමෙන් වලකින්න.....