10 Chapter

245 21 6
                                    

-හරි බබාගේ නම කියන්නකෝ
-මම මීනාක්ෂි

-හරි මම මේ මැජික් එකෙන් වෙන්නේ මම මීනාක්ෂි පැටියව අතුරුදහන් කරනවා.

සතර අතින් දෝංකාර දීපු අත්පොළසන් නාදය අතරෙ මායාකාරී මීනාක්ෂිගේ ඇඟට කළු රෙද්දක් වැටෙන්න සැලැස්සුවා.

-3 2 1 magic

හැමෝම පුදුම වෙලා සතුටු වුණා.තත්පර ගානක් වත් යන්න නොදී රතු පාට තිරයෙන් වේදිකාව වැහුවා.-එතකොට මීනාක්ෂි-ගනේෂන් බය වෙලා සංදර්ශනේ ඉවර වෙලා පිටව යන මිනිසුන් අතරින් අමාරුවෙන් වේදිකාව ළඟට ආවා.ඒත්   වේදිකාව වැහුවා ළඟවත්  තිරයෙන් පිටුපසවත් මැජික්කාරිවත් මීනාක්ෂිවත් ඉඳියෙ නෑ.




----------------------
-අනේ මන්දා කොයිවෙලේද කියන්න බෑනෙ.කොයිකටත් මම ගනේෂනුයි දරුවයි ගාව ඉන්නවා.
-හ්ම්ම්.හරි හරි.වැඩේ ඉවර කරලා එන්නකො.මං ගැන වදවෙන්නෙපා.පරිස්සමින්.
-හ්ම්ම්

ජීවන් කෝල් එක ඉවරවෙනවත් එක්කම ගනේෂන් ඇවිත් සිද්ධ වුණු දේ කෙටියෙන් කිව්වා.ජීවන්ට ගනේෂනගෙ නොසැලකිලිමත්කම ගැන ඔහුට දොස් පැවරුවත් ජීවනුත් ඒ වෙලාවේ call එක answer කරපු එක කලකිරුණා.

-ඒ මැජික්කාරි කෝ?
-තිරය වැහුවට පස්සෙ එයාව දැක්කෙ නෑ.

-හෝල් එක පිටිපස්සට ගිහින් බලමු.

හෝල් එක පිටිපස්සෙවත් ඉස්කෝලෙ වෙන තැනකවත් පොඩි දරැවව හෙව්වට හම්බවුණේ නෑ.කලබලෙන් දුවන අතර මගදි පිරිසිදු කරන්නියකගේ ඇඟේ හැපුණ ජීවන් ඇයගෙන් සමාව අරගෙන ගනේෂන් එක්ක විදුහල්පති කාර්යාලයට ආවා.

-හරි ඔයාලට ඕනේ cctv check කරන්නනෙ.මිසිස් මායා මෙයාලව cctv room එකට එක්කගෙන යන්න.
-හරි Thank you madam.ඒත් principal හැටියට ඔයත් මේ අතුරුදහන්වීමට වගකියන්න ඕනෙ.
-ඔයාලගෙනෙ දරුවා.ඔයාලා ඒක ගැන බලාගන්න ඕනෙ.ඔය දරුවෝ ගොඩක් අස්සෙ කොහෙට හරි වෙලා ඇති.මිසිස් මායා ගිහින් එන ගමන් තේ එකක් අරන් එන්න.

----------------------

cctv දර්ශන බැලුවත් බැලූ බැල්මට කිසිම දෙයක් ගැන හෝඩුවාවක් හම්බුණේ නෑ.ඒත් අන්තිම මැජික් එක කරනකොට සහයට ඉඳපු කොල්ලා එතන ඉඳියෙ නෑ.අර කිව්වත් වගේ ළමයා සෙනඟ අස්සෙම ඉන්නවද දන්නෙත් නෑ.

ගනේෂන් phone එක අරගෙන මීනාක්ෂි මැජික්කාරි ළඟ ඉඳිද්දී ඒ දවස මතක් වෙන්න ගත්ත photo එකක් දිහා බලාගෙන ඇස් දෙකේ කඳුළු පුරෝගත්තා.

ජීවන් ගනේෂන්ගේ පිටට තට්ටුවක් දාලා ඒ photo එක දිහා බැලුවා.ඒ මායාකාරිගෙ අතේ තිබ්බ වළල්ල

-ම්ම්ම්.මං මේ වගේ වළල්ලක්.....කොහෙදි හරි දැකලා තියෙනවා.
-මහත්තයගෙ නෝනා ගාව තිබ්බ එකක් වෙන්නැති.
-අහ....අහම්....මං බැඳලා නෑ.
මේ මනුස්සයටත් ඕන්නැති දෙයක් නෑනෙ කියලා හිතාගෙනම ජීවන්,ඇස් දෙකට හුරු ඒ වළල්ල ගැන ටිකක් මතක් කරා.

-ඒ cleaning lady!















ගිය සතියෙ මට මේ චැප්ටර් එකෙ ෆොටො ටික එව්වෙ යාළුවා...මට වෙලාවක් නැතුව ඊයෙ යාළුවෙක්ට දීලා ටයිප් කරෝගත්තෙ...ටයිපින් මිස්ටේක්ස් තිබ්බොත් සොරි හොදෙ....


_Zrash_

You've reached the end of published parts.

⏰ Last updated: Jun 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 || HSII ~||(Ongoing BL)Where stories live. Discover now