සාරිකෙ ෆෝලසා කබි නාච කියාරේ.....
- ughhhh කවුද මේ උදේ පාන්දර....
ජීවන් උදේම කරදර කරන ෆෝන් එක පොලවෙ ගහන්න තරන් කේන්තියකින් ඇස් දෙක පොඩි කර කර නැගිට්ටා..
- හෙලෝ කවුද මේ?
- සර් අද වැඩට එනවද?
-ඔව් ඇයි දැන් වෙලාව කීයද?
-දැන් නවයයි දහයයි සර්
-යකෝ නවයත් වෙලාද? ආ.. මං මේ....මං මේ එනගමන් ඉන්නෙ. දැන් එන්නම්.ජීවන් ෆෝන් එක කට් කරලා ඉවර වුනාම දැක්කා එයාගෙ එහාපැත්තෙ මූණ රතු කරගෙන හුරතල් හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ශක්තිව.
මං කොහොමද දෙයියනේ මේ කොල්ල ඉස්සරහා මාව පාලනය කරගන්නෙ.. ස්ස්ස්ස්ස්...
-ආහ් ඔයා නැගිට්ටද?
ශක්ති හිරි අරින ගමන් ජීවන්ට කතා කළා.-ඔව් දැන් නවයත් පහු කරලා.වැඩට යන්නෝනි දැන්.
ජීවන් එහෙම්මම ශක්තිට පුංචි හාදුවක් දීලා නැගිටින්න හැදුවා. නැගිටගන්න බැරි වුන ජීවන් කෙදිරි ගාන්න පටන් ගත්තා.
- මගෙ ඉන්ස්පෙක්ටර් කොල්ලට නැගිටගන්නවත් බෑ නේද?ඉන්න මං සපෝට් එකක් දෙන්න. පව් වැඩේ....
ශක්ති ඇද උඩ තිබ්බ ශෝට ඇදගෙන ජීවන්ගෙ පැත්තට ආවා.
- කාගෙ හපන්කම් හින්දද දන්නෑ නේද මට මෙච්චර අමාරු?
- හරි ඉතින්. මං විතරක් නෙමේනෙ.
-ශක්තී.. ඔයාගෙ මූණ රෝස පාට වෙලා.
- හම්මෝ.. ඒමද???- කෝ අත අල්ලගෙන නැගිටින්න.
ශක්ති ජීවන්ට උදේ Tea එක හදලා දීලා එයාව වැඩට යවන්න ලෑස්ති කළා.
- එහෙනම් මං ගියා.උදේට ඔය මොනාහරි කඩෙන් කන්නම්.ඔයා මොනාහරි උයාගන්න. බෑ වගේ නම් ඉස්සරහ කඩෙන් පරාටා දෙකක් ගෙන්න ගන්න.
- හා හා. ඔයාගෙ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්නකො.
- හ්ම්ම් ....
ජීවන් බයික් එක ස්ටාර්ට් කරලා ශක්තිට අත වනලා එතනින් ගියා.
@C.B.C.I.D crime branch.
ජීවන් - හරි දැන් ඔක්කොම cctv footages එක screen එකකට ගන්න.
හ්ම්ම්..... right. හැම එකේම කළු පාට ඇදගත්ත කෙනාව zoom කරන්න.ඊටපස්සෙ ඒ හැම එකකම කොපි එකක් ගන්න.
YOU ARE READING
|| HSII ~||(Ongoing BL)
Aventuraඅසහනකාරී සමාජයේ යම් සිදුවීම් හමුවේ වන්දි ගෙවූ ජීවිත වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම රාජකාරිය කරගත් ජීවිත සියල්ලකම එකතුවක්..... Bl story, කරුණාකර අකමැති නම් කියවීමෙන් වලකින්න.....