( A/n - SQ GANG එක ගැන මතක නැත්නම් හරී දන්නෙ නැත්නම් හරී SQ_7_SQ මෙ account එකෙ තියන this is sq gang කියන පොතේ introduction එක අනිවාරෙන්ම කියවන්න. නැත්නම් කිසිම වැඩක් නෑ මෙ කොටස කියෙව්වට. එ කිව්වෙ ඔයාගෙ හිතට වදින්නෙ නැති වෙයි කියලා )
🔘 Min doyun pov
Mihi - එ කියන්නෙ ඔයාට හනහකි ?
Doyun - දෙ ඔන්නී.. 🥺 මම දැනගත්තේ දවස් දෙකකට කලින්. මට සමාව දෙනවා නෙද ?
Mihi - අනී මැනික මේක ඔයාගෙ වරදක් නෙමේ..... ඔයා කිසිම වැරැද්දක් කරලා නෑ. Doctors ලා මුකුත් කිව්වෙ නැද්ද ?
Doyun - කිව්වා. තාම පැලේ චුටි නිසා ඔපරේෂන් එකකින් අයින් කරමු කියලා... ඒත් එයා වෙනුවෙන් තිබ්බ හැම හැගීමක්ම මම කොහොමද දෙයියනේ නැති කරගන්නේ
කැස්සත් එක්ක පිට වෙන මේ මල්පෙති හරි වදයක් මට... ලොකු මගෙ දිහා බලන් ඉන්නේ ලොකු දුකකින් වගේම ලොකු අනුකම්පාවකින්.
Mihi - මම දන්නවා දෝයොනා. ඒත් ටිකක් හිතලා බලන්න. ලැබෙන්නෙ නැති දෙයක් නිසා ඔයාට ආදරේ කරන අයට දුකක් දෙන්න එපා.
Doyun - මට ටික කාලයක් දෙන්න ලොකූ..... අනික මේක ගැන කිසිම කෙනෙක්ට කියන්න එපා.. චේබල්. විශේෂයෙන්ම පොඩි දෙන්නට. යුන්හී සෝහී පව් 🥺
Mihi - පොරොන්දු වෙනවා මැනික
Doyun - කුමාවෝ ඔන්නී හැමදාම මාත් එක්ක හිටියට.
Mihi - ඔහොම කියන්න එපා දෝයොනී 🥺 දරාගන්න බෑ රත්තරන් මට මේක.
Doyun - එක්කො මම ජීවත් වෙයි නැත්නම් මම මැරෙයී... මොනාහරි වෙයි නේ අපි බලන් ඉමු.
Mihi - jhope ටත් අසනීපයි ලූ නේද ?
Doyun - දේ ඔන්නී එයාට මොනාහරි උනොත්..... 😔
Mihi - නෑ මැනික බය වෙන්න එපා. අපි බිසීගෙනුයි සෝහිගෙනුයි විස්තර අහමු.
Doyun - ඔව් එ දෙන්නා Hybe එකේ BTSලගෙ staff එකේ නේ.
මම කියල ඉවර වෙනවත් එක්කම ඇවිදින්න ගියපු පස් දෙනා ආවා.
" දෝයන් ඔන්නී "
එ වෙන කවුරුත් නෙමේ මගෙ පොඩ්ඩො දෙන්නා සෝහී යුන්හී. අපි තුන්දෙනා තමා අපෙ සෙට් එකේ බාලයෝ තුන..
ඉතින් අපි තුන්දෙනාට අපි තුන්දෙනාව නැතුව බෑ. හරියට BTSලගේ vminkook වගේ. Bts කියන නම මතක් වෙද්දිත් මගෙ පපුව රිදෙන්න ගත්තේ මගෙ මැනිකට කොහොමද කියලා හිතෙන නිසා....
Sohe - මෙ බලන්න ඔන්නී මම ඔයාටයි ලොකූටයි fish cake ගෙනාවා.
Yoonmi - ඒත් ඕකී මගෙ සල්ලි වලින් ගත්තේ 😒 මෝඩ පොඩි එකා. යුන්හිත් සෝහිට සප් එක දුන්නා.
Sohe - ඒම තමා. සූටි බබාලට ඔන්නිලා හැමදේම අරන් දෙන්න ඔනේ හුම්.
සෝහී Fish cake කෑල්ල කටේ තියන් කියපු විදිහට අපි හැමෝම හිනා වෙන්න ගත්තා. ඒත් පෙනහලු වලින් එන වේදනාව මම කාටවත් පෙන්නන්න ගියෙ නෑ...
Jiwoo - හෙට වැඩ මොනාද ඔයාලගෙ shopping පාරක් දාමුද ?
මගෙ හිත ඇතුලේ තිබ්බ ප්‍රශ්නේ ජිවො ඔන්නි ඇහුවෙ හරියට එයා මගෙ හිත කියෙව්වා වගේ. අනිත් අය කෙසේවෙතත් මට බිසිගෙයි සෝහිගෙයි වැඩ දැනගන්න ඕන උනා. මොකද එ දෙන්නා වැඩ කලේ BTS ලගෙ management staff එකේ.
Bisi - අපො කතා කරන්න එපා. හෙට මටයි සෝහිටයි වැඩ වැඩි වෙයී. හොබි ඔප්පා නැති නිසා ඔක්කොම වැඩ cancel නේ.
Sohe - කකුල් දෙක කැඩෙයි මෙහෙම ගියොත් 😒
Mihi - මෙ හොබි ඔප්පා ගැන විස්තර මොනාහරි දන්නවානම් අපිටත් කියන්න ඈ.
මිහි ඔන්නි මගෙ දිහා බලලා එහෙම කිව්වේ මගෙ උවමනාවට කියලා මට තේරුන.
Bisi - අනිවා අනිවා 😌
දවසම ගෙවිලා ගියේ මගෙ සහෝදරියෝ හය එන් එක්ක. ලේ තැවරුණු මල් පෙති ටික මේයාලගෙන් හන්ගන්න මට ලොකු මහන්සියක් වෙන්න උනා.
ඒත් එ හැම දේම අමතක කරලා මම අද දවසම සතුටින් ගෙව්වේ තව ටික දවසකින් මාව මැරිලා ගියොත් කියලා හිතලා....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මම එච්චර දරුනු නෑ ඒයී ලා 😌
හෙටත් පුලුවන් උනොත් ඩබල් update දෙන්න බලන්නම් ❤️
හිතෙන දේ කොටන් යන්නකෝ 😌
_Ky_
YOU ARE READING
Petals Of Love 🌷✅
Fanfictionමගේ ආදරේ වටිනාකම මේ මල් පෙති වල ඕනවටත් වඩා වැඩියෙන් ඇති. මගෙ ආදරේ ගැන මට තියන එකම සාක්ශියත් මේකයී........... 🥀 Only fanfiction 🥀