" ජිනී....... ඔයා තාම නිදිද ? "
" ජිනී.... මොකො මේ... සනීප නැද්ද ඔයාට... "
" ම්ම්ම්ම්ම් "
" කෝ බලන්න... ඇගත් රස්නෙයි... මොකද මේ... "
නම්ජූන් ඔෆිස් යන්න ලෑස්ති වෙලා... ආයෙමත් කාමරේට ඇවිත් බැලුවේ වෙනදට නම්ජූන් නැගිටින්නත් කලින් සේරම
වැඩ ඉවර කරලා.. නම්ජූන්වත් ලෑස්ති කරවන ජින් අද තාමත් නිදි නිසා... නම්ජූන් ගේ චූටි රෝසමල ජින්... නම්ජූන් එහෙමයි ජින්ට කතා කලේ..." ජින්... ඔයාට උන වගේ.. අපි බෙහෙත් ගන්න යමුද... මම අද ගෙදර ඉන්නම්... "
" ම්හු.... එපා... මේක ටිකකින් හරියයි... ජූන්... ඔයා යන්න.. අද මීටින් එකනේ"
" නෑ ජින්... ඔයාට අමාරුයි වගේ... කෝ එන්නකො ලෑස්ති වෙන්න අපි යමු බෙහෙත් ගන්න.. "
" ඕනේ නෑ ජූන් මේක හරියයි... "
" යමු කීවනේ.. කෝ කෝ නැගිටින්න... "
" අනේ.....බෑ කීවනේ මට බෑ බෙහෙත් බොන්න "
" කීවම අහලා නැගිටින්න..."
" මට බෑ... "
" ජින්... නැගිටින්න මම ආයේ කියන්නේ නෑ... "
" ඇයි ඇයි ඔයා මොනා කරන්නද"
" උස්සන් ගිහින් අතාරිනවා බාත් ටබ් එකට .."
" හුහ් එච්චරයිද"
" ඇයි. තව මොනාද ඕනේ... "
නම්ජූන් ජින්වත් ආයෙම ඇදේ පෙරලගෙන ජින් ගේ ඇග උඩට ආවා... නම්ජූන් ජින්ව මැරි කරලා දැන් මාස හයක් විතර... දවසක් ජින් ලයිබ්රි එකේදී ලොකුම ලොකු පොත් කන්දක් උස්සගෙන ඇවිත් නම්ජූන්ව දකින්නේ නැතුව එයාවත් පෙරලගෙන බිම වැටුනා....එදා තමා නම්ජූන් ජින් ව ඉස්සල්ලම දැක්කේ.... අවුරුදු පහක ආදරයක් කෙලවර උනේ ඒ දෙන්නගේ විවාහයෙන්.... ජින් ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි නොදැනුවත්වම නම්ජූන්ව ඈත අතීතෙකට ඇදිලා ගියා....
" මොනවද බලන්නේ... "
නම්ජූන් ගේ ඇස් වලට වැටිලා තිබුනු කොන්ඩ කෑලී අතින් එහෙ මෙහෙ කරන ගමන් ජින් නම්ජූන් දිහා බලාගෙන මිමිනුවා... නම්ජූන් ගොඩක් ආදරෙන් ජින්ගේ නලලෙන් උනුසුම් හාදුවක් තියලා.. ජින් ව තුරුල් කර ගන්න යද්දිම...
" අහ්හ් නම්ජුනා... අයින් වෙන්න........ "
ජින් ගොඩක් කලබලෙන් නම්ජූන්ව ත් තල්ලු කරගෙන වොශ් රූම් එකට දිව්වා..... උනේ මොකක්ද හරියට තේරුම් ගන්න නම්ජූන්ට ටික වෙලාවක් ගත උනත්... ඉක්මනින් නම්ජුනුත් ජින් ගේ පස්සෙන් වොශ් රූම් එකටම දිව්වා... නම්ජූන් යද්දී... ජින් ගොඩක් අමාරුවෙන් වොමිට් කරනවා.... නම්ජූන් ජින් ලගින් දනගහගෙන ජින්ගේ පිටට තට්ටු කලේ ඇස් දෙකේ කදුලු පුරවගෙන... නම්ජූන් දකින්න අකමැතිම දේ තමා.. ජින්ගේ වේදනාව...
ටික වෙලාවකට පස්සේ හයියෙන් හුස්ම ගන්න ගමන් ජින් නම්ජූන්ගේ ඇගට හේත්තු උනා... නම්ජූන් ජින්ව හරහට වඩාගෙන... ආයෙමත් ඇදෙන් හාන්සි කරලා.. ඉක්මනට එයාලගේ ෆැමිලි ඩොක්ටර්....මින් යුන්ගිට කෝල් එකක් ගත්තා....
.
.
.
.
.
.
.
.
.හෙම්ලෝ පීචස් ❤️
මේල් ප්රෙග් එකක් ඉතිම්... 🥀
__vimneth
YOU ARE READING
❤︎ 𝑃𝑒𝑎𝑛𝑢𝑡 𝐵𝑢𝑡𝑡𝑒𝑟 ❤︎|Namjin
Fanfiction" අයිස්ක්රීම් ඕනී....පීනට් බටර් එක්ක... " " ස්ටෝබරි ඕනී... පීනට් බටර් එක්ක... " " කුකීස් ඕනී..... පීනට් බටර් එක්ක..... " His ten months 😋 #namjin #bl #m.preg #ff