"නම්ජුනාආආආආආආආආආආඅ"
නම්ජූන් හිටියේ තද නින්දක... මොන තරම් තද නින්දක් උනත් ඒ ගාන්ඨාර කටහඩට නම්ජූන් උඩ ගිහින් අවදි උනා..ඒ වෙන කවුරුත් නෙමේ... කලකට ඉහතදී නම්ජූන් රෝස මල නමින් හදුන්වපු කිම් සෙයොක් ජින්
නෑ නෑ දැන් එයා රෝසමල නෙමේ එයා දැන් පීනට් සුන්දරී...
" ජින් මොකද කෑ ගහන්නේ "
" කෝ පීනට් බටර් එක"
" ෆ්‍රිජ් එකේ ඇති අනේ... දැන් වෙලාව කීයද"
" දෙකයි නේද ? "
" ආආආඅයිශ් ජින් මම හෙට වැඩට යන්න ඔන"
" අනා මගෙ සූකිරියා... මට හොද ලමයා වගේ අර ස්ට්‍රෝබරි ටික ගෙනත් දෙන්නකො "
" අයියෝ.....ජින්... "
" මේ මේ මේ ඕවට එන්න එපා හරිතේ.. මගෙ බඩේ ඉන්නේ ඔයාගෙ දරුවා... ඔහේ වගේම බඩජාරියෙක්... ඒකට මම මොනවා කරන්නද... "
ඔක්කොටම වඩා අමාරු ජින්ගේ කතා අහගෙන ඉන්න එක නිසා නිදිමරගාතෙම ගිහින් ජූන් ස්ට්‍රෝබරි ටිකක් අරගෙන ආවා...
" කෝ "
" මොනවද ... "
" අහ් ජූන් ඔයා මොන සිහියෙද ඉන්නේ... ඔයාට දැන් මාව වදයක් වගේද.. එහෙමත් නැත්තන් මම ඔයාට කරදරයක්ද... ඉස්සර වගෙ මට ආදරේ නැද්ද ජූන්"
" ඇයි ජින් මොකද උනේ... මම මොකක් හරි වැරැද්දක් කලාද "
මෙච්චර වෙලා හොදට හිටපු ජින් එක පාරට එහෙම දෙයක් කීව නිසා නම්ජූන් ගොඩක් කලබල උනා... එක පාරටම ජින් මූඩ් වෙනස් කරන විදිහ නම්ජූන්ව නොසෑහෙන්න පුදුම කලා..
" නෑ ජූන් මට ඕනේ නෑ... අහ් මේ ටික ඔයාම කන්න "
ඉමෝශනල් මූඩ් එකෙන් ඇන්ග්‍රි මූඩ් එකට මාරු උනු නිසා නම්ජූන් ඉක්මනට එතනින් ලිස්සලා ගියේ ස්ට්‍රෝබරි බාස්කට් එක ඔලුවෙ නැමෙන්න කලින්
* Next day *
" එයාට මොනවා වෙලාද.?
" ඒ එයාගෙ හැටිද නැත්තන් එයාට ලෙඩක්ද?"
" මගෙ ජිනී නෙමේ මේ ඩොක්ටර්.."
" මම මොකද දැන් කරන්න ඕනේ "
නම්ජූන් උදේම ගියේ ඩොක්ටර් යුන්ගිව මුනගැහෙන්න.... මේ වෙද්දි යුම්ගි ඩොක්ටර් හිටියේ ඔලුව මේසෙට තද කරගෙන අත් දෙකෙන්ම කන් දෙකත් වහගෙන ....
" ඕයි නම්ජූන්"
" කියන්න ඩොක්ටර් "
" දැන් මාස කියද?"
" මටද? "
" උබෙ අහවල් එකට... උබට නෙමේ බන්... උබෙ ලමයට...අනේ මන් දන්නේ නෑ.. මුන් හින්දා මගෙ ඩොක්ටර් පට්ටමත් කුඩු වෙනවා.."
" දැන් එයා ජින්ගේ චූටි බන්ඩියට ඇවිත් මාස 4යිනේ ඩොක්ටර් "
" එහෙනම් තව මාස 6 ක් ඔය දුක ඉවසහන් කොල්ලෝ... කරන්න කිසිම දෙයක් නෑ.... මොකද මේ දේ ජින්ගේ ඇගට හුරු දෙයක් නෙමේ... ඔයාට මම කියන එක තේරෙනවා නේද නම්ජූන්... මේ වගේ දේවල් ප්‍රෙග්නන්ට් උනු ඕනම.කෙනෙක්ට තියෙන දේවල්... ඒත් ජින්ට ටිකක් වැඩියෙන් දැනෙනවා වෙන්න පුලුවන් .. ඉතින් මෙ වෙලාවේ ඔයාගෙ සපෝට් එක ගොඩක් එයාට ඕනේ.... ටිකක් ඉවසන්න... සේරම හරියයි.... අමතක කරන්න එපා... ජින් මේ දේ කරන්නේ ඔයා වෙනුවෙන් "
" මට තේරුනා ඩොක්ටර් .. ඇත්තටම ගොඩක් තැන්ක්‍යූ .. මම එහෙනම් ගිහින් එන්නම්..."
" එනිටයිම් නම්ජූන්... දෙන්නටම ගුඩ් ලක් "
නම්ජූන් ගෙදර ගියේ එයාට පුලුවන් උපරිමෙන්ම ජින් ව බලාගන්නවා කියන එක තදින්ම හිතට අරන්. නම්ජූන් ජින්ට ගොඩක් ආදරෙයි, ඒ වගේම ජින් කියන්නේ එයාගේ එකම පව්ල.. නම්ජූන් ඒ පව්ලට ගොඩක් ආදරේ කලා. නම්ජූන් හොද අප්පා කෙනෙක් වේවී..
---------------------
හායිම් කාලෙකිම් මම ආවා 😂
මේ බලන්නකො _Lan_kimra නන්ගා මට හදාලා දුම්නූ එක 😭😭😭 හුවෑ මම ඒකට ආසයි,,, තෑම්ක්ස් බබූ ❤️❤️❤️❤️❤️❤️❤️_Vimneth
YOU ARE READING
❤︎ 𝑃𝑒𝑎𝑛𝑢𝑡 𝐵𝑢𝑡𝑡𝑒𝑟 ❤︎|Namjin
Fanfiction" අයිස්ක්‍රීම් ඕනී....පීනට් බටර් එක්ක... " " ස්ටෝබරි ඕනී... පීනට් බටර් එක්ක... " " කුකීස් ඕනී..... පීනට් බටර් එක්ක..... " His ten months 😋 #namjin #bl #m.preg #ff