නම්ජූන් උදේම අවදි වෙලා බලද්දි එයාගේ එහා පැත්තෙන් නිදාගෙන හිටපු ජින් පේන්න හිටියේ නැති නිසා නම්ජූන් ටිකක් කලබල උනා... මොකද මේ දවස් ටිකේම ජින්ට ටිකක් තදින් අමාරු උනු නිසා.... ජින් හැසිරුනේ හරියට පිස්සු හැදිලා වගේ....නම්ජූන් ඉක්මනට නැගිටලා පහලට ගියා....
නම්ජූන් පහලට යද්දි ජින් හිටියේ පස්සත් උඩ දාගෙන ෆ්‍රිජ් එක ඇතුලට ඔලුව දාගෙන මොනවද හොයන ගමන්
" ජිනී... මොකද කරන්නේ... "
" කෝ මේකේ තිබ්බ පීනට් බටර් එක අහ් "
" ඒක ඔයා කාලම ඉවර උනානේ... මම කීවේ අද අරන් එන්නම් කියලා "
" බෑ මට ඕනේ.... යන්න ගිහින් අරන් එන්න... පීනට් බටර් නැතුව කොහොමද මම බත් කන්නේ "
" හරි හරි ඉන්නකො මම වො- ඇහ් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... පීනට් බටර් එක්ක බත්? "
" ඔව් ඇයි??? "
" ජි..ජිනී මේ ඒත්... "
" ජූන් මේ මට දැන්මම පීනට් බටර් එකක් ගෙනත් දෙන්න... අහ්හ් එකක් නෙමේ ගොඩක් ගේන්න.. ඒත් එක්කම ස්ටෝබර් ටිකකුත් ගේන්න ... ඊයේ ඒවා ටික බබා කෑවා "
" බබා ? ජිනී මොනාද මේ කියන්නේ "
" මෙන්න මේක ඇතුලේ ඉන්න බබා "
ජින් බඩටත් අත තියාගෙන තොල් දෙකත් පෙරලන් නම්ජූන් දිහා බලාගෙන හිටියා
" හ්... හා.. මම ගේන්නම්... කෝ එන්නකො දැන් වොශ් එකක් දාන්න "
නම්ජූන් හිමින් සැරේ ජින්වත් අරගෙන වොශ් රූම් එකට ගියා...ටික වෙලාවකින් ජින්ව වොශ් කරවලා නම්ජුනුත් වොශ් එකක් දාගෙන රෙඩි උනේ මාකට් එකට යන්න
" මමත් එනවා... "
" කොහෙද "
" මාකට් එකට යන්න "
" අනේ පැටියෝ.. ඔයා ගිහින් බෑනෙ..මම ගිහින් අරන් එන්නම් "
නම්ජුන් බලාගෙන ඉද්දිම ජින්ගේ මූන අදුරු උනේ ... එච්චර හොද දේකට නෙමේ කියන දේ නම්ජූන් හොදාකාරවම දැනගෙන හිටියා...
" ශ්ශ්හ් ජි..න් ම්"
" හුවෑආආආආආආආ ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ...මාව දාලා යනවා... ඇයි මට දැන් ආදරේ නැත්තේ...මම කරදර කරන නිසාද... මාව දාලා යන්න එපා.... ප්ලීස් ... ජුනී මාව දාලා යන්න එපා.. "
නම්ජූන් ඉක්මනින් ජින්ව අත් අතරට අරගෙන තුරුල් කරගත්තෙ ජින්ගේ කදුලු නම්ජූගේ වේදනාව උනු නිසා
" ඕකේ... අපි යමු... දැන් අඩන්නෙ නැතුව ඉන්නකො මගෙ චූටි රෝසමල හොදද... "
නම්ජූන් ජින්වත් එක්කගෙන කාර් එකට නැග්ගා... ජින් සතුටු උනේ හරියට පොඩි ලමයෙක් වගේ.. නම්ජූන් ජින්ගේ ලොකු වෙනසක් දැක්කත් නම්ජූන් ජින්ගේ මොන විදිහටත් ගොඩක් ආදරෙව් කලා...
ඔව් නම්ජූන් ජින්ට ආදරෙයි... ගොඩක් ආදරෙයි ❤️
හෙම්ලෝ ❤️🌼
ඔව් මේක කැතයි... මම දන්නවා 😂
__vimenth
YOU ARE READING
❤︎ 𝑃𝑒𝑎𝑛𝑢𝑡 𝐵𝑢𝑡𝑡𝑒𝑟 ❤︎|Namjin
Fanfiction" අයිස්ක්රීම් ඕනී....පීනට් බටර් එක්ක... " " ස්ටෝබරි ඕනී... පීනට් බටර් එක්ක... " " කුකීස් ඕනී..... පීනට් බටර් එක්ක..... " His ten months 😋 #namjin #bl #m.preg #ff