2

201 53 17
                                    

Namjoon's pov :

ජින් අමාරුවෙන් ඉන්නේ ඊයේ ඉදලා...මමයි වැරදි... මට තිබුනා මීට වඩා එයා ගැන හොයලා බලන්න... එයාට මොකුත් කරදරයක් උනොත්. ..

" මිස්ටර් නම්ජූන් "

මම කල්පනා කර කර ඉද්දි...ඩොක්ටර් ඇවිත් මට කතා කලා... ඇත්තටම මම හිටියේ ගොඩක් බය වෙලා... ඩොක්ටර් ජින් ගැන කියන්න යන්නේ මොකක් උනත් මට ඒක අහන්න ශක්තියක් නෑ වගේමයි දැනුනේ...

" congratulations මිස්ටර් නම්ජූන්... ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ.... "

මොකක්.... මට ඒක ඇහුන විදිහද.. නැත්තන් ඩොක්ටර් ඇත්තටම එහෙම කීවද....

" ඩො...ඩොක්ටර් .. ම්...මොකක්ද..?"

" ඔව්.. ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ... දැන් මාස ගානකට කලින් තමා ජින් මට කියලා සර්ජරි එක කරගත්තේ... එයාට ඔයා වෙනුවෙන් ඒ දේ කරන්න ඕන උනා.... ඉතින්.... අද එකේ ප්‍රතිඵලේ..ගොඩක් සතුටුදායකයි... දැනට ජින් ගොඩක් හොදින්...හැබැයි ජින් ව ගොඩක් පරිස්සම් කරන්න වෙනවා... ඒක ඉතින් මිස්ටර් නම්ජූන් ගේ අතේ තමා තියෙන්නේ.... "

ඩොක්ටර් කියපු දේවල් මට ඇහුනේ හීනෙන් වගේ. . ඒක ඇත්තක්ද? එතකොට මම දැන් අප්පා කෙනෙක්.... මෙච්චර දෙයක්.... මන් වෙනුවෙන්?

" මට ජින්ව දැන් බලන්න පුලුවන් ද? "

" ඔව්... පුලුවන් .... මතකනේ... ජින්ට මේක ටිකක් අමුතු අත්දැකීමක් වේවී.... එයාව ගොඩක් පරිස්සම් කරන්න වේවී... "

" හරි ඩොක්ටර් මට තේරුනා... "

_______________________________*

නම්ජූන් ජින් ව හොයාගෙන යද්දි ජින් කකුල් දෙකත් එරමිනියා ගොතාගෙන ඇද උඩ වාඩි වෙලා ඇගිල්ලකුත් කටේ ගහගෙන ලොකු කල්පනාවක හිටියා...

" ජින්... "

" නම්ජුනා ....... "

නම්ජූන්ගේ කටහඩත් එක්ක පියවි සිහියට ආපු ජින් කදුලු පෙරාගෙන නම්ජූන්ගේ ඇගේ එල්ලුනේ පොඩි ලමයෙක් වගේ... ජින් හිටියේ ටිකක් කලබල වෙලා... ඒක එයාට විතරක් නෙමේ නම්ජූන්ටත් ටිකක් අමුතු අත්දැකීමක් උනේ මෙහෙම දෙයක් කිසිම වෙලාවක බලාපොරොත්තු නොවුනු නිසා ...

" ජින්.. ඇයි මේ අඩන්නේ... "

" ම්ම්ම් මේ. . ම් මට පොඩ්ඩක් බයයි වගේනේ. . "

නම්ජූන් ගොඩක් ආදරෙන් ජින්ව තුරුල් කරගන්න ගමන් ජින්ව සන්සුන් කරන්න උත්සහ කලා ... නම්ජූන් ට මේ වෙලාවේ එයාට දැනෙන දේ කියාගන්නවත් බැරි තරමට කලබල වෙලයි හිටියේ.... නම්ජූන්ට ජින්ව මුන ගැහෙද්දි නම්ජූන්ගේ ජීවිතේ කවුරුත්ම හිටියේ නෑ... ජින් නිසා නම්ජූන් ගේ තනි උන ජීවිතෙ ගොඩක් එලිය උනා...

" ජූන්.... "

" ම්ම්ම්ම් "

" ඇත්තටම මම දැන් පපා කෙනෙක්... එතකොට ඔයා.. දැන් අප්පා කෙනෙක්.. "

" ඔව් මැනික "

" එතකොට පපා වෙනුවෙන් අප්පා.. ඕනම දෙයක් කරනවා නේද... "

" යස් පපා.... "

" අප්පා පපාට ගුඩාආආආආක් ආදරෙයිද ? "

" යස් බේබී "

" එහෙනම් ගිහින් පපාටයි පපාගෙ බන්ඩි ඇතුලේ ඉන්න සූටි දගයටයි ....... "

" ඕඕඔ "





























"කන්න මොනා හරි අරන් එන්න....... "
.
.
.
.

.
.
.
.
.
.
.

හෙම්ලෝ 😂

මට හිනා යනවා.. 😂

__Vimneth

❤︎ 𝑃𝑒𝑎𝑛𝑢𝑡 𝐵𝑢𝑡𝑡𝑒𝑟 ❤︎|Namjin Where stories live. Discover now