Sub Rosa_intro

377 33 13
                                    

මෙම පොතේ සඳහන් වන සියලුම කරුණු හා සිදුවීම් මෙහි කතෘ වන මාගේ පූර්ණ පරිකල්පනය හෝ සත්‍ය සිදුවීම් මත පදනම් වුනු අර්ධ පරිකල්පනය මත ගොඩනැගූ දෑ වන බැවින් කතෘ අවසරයකින් තොරව ශ්‍රව්‍ය,දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් කිසිවක් ඔස්සේ පලකිරීමට අවසර නැත. එමෙන්ම කතෘ අවසරයක් සහිතව හෝ රහිතව මෙහි සඳහන් කිසිවක් වාණිජමය අරමුණු හෝ ප්‍රසිද්ධිය තකා සිදුකරන කිසිඳු ක්‍රියාවක් උදෙසා ලබාදීම සිදුනොකෙරෙන බව මෙයින් දන්වා සිටිමි.

©Monalisa

__________________________________________


'Sub Rosa' කියන්නේ ඉංග්‍රීසි භාශාවෙන් 'done in secret' කියන එකට සමාන පදයක්. 

______________________________________ 


"හැමතිස්සෙම ඇගයෙන්නේ තිරේ ඉස්සරහ වෙන දේවල්. ඒවා ඇගයෙන්නේ තිරේ කළු නිසා නෙමේද? කළු පාට රෙද්දක තියන සුදු පාට තිතක්....කැපිලා පේන්නේ රෙද්ද කළු නිසා නේද? දැකලා තියෙනවද? වේදිකා නාට්‍ය රඟ දක්වන්නේ, කළු තිර ඉස්සරහ. දිගහැරෙන නාට්‍යයට ප්‍රශංසා කරාට, තිරේ පිටිපස්සේ අන්ධකාරය නිසයි ඉදිරිපිට නාට්‍යය කැපී පේන්නේ කියන එක කවුරුවත් හිතන්නේ නෑ. එදත් නෑ. අදත් නෑ. හෙටත් නැති වෙයි.

අපි ඒ අන්ධකාරය තුල ඉඳන් නාට්‍යය වලට කැපීපේන්න ජීවිත කැප කරපු මිනිස්සු..... 

හැමදාමත් රහසේ ඉන්න නියම වෙච්ච අන්ධකාරය රකින උරුමක්කාරයෝ...." 

-ධරන් විදුශ්ක- 


"ලෝකේ හැමදාම සටන් කරනවා. එක එක විදියට. එක එක දේවල් වෙනුවෙන්. මං කවදාවත් ඒ  වගේ සටනකට මැදි වෙන්න ඉඳපු කෙනෙක් නම් නෙමෙයි. දෛවය මට නපුරු වෙනවද? නැත්තන් හොඳම දේ දෙනවද?  සුදු පාට තිතක් කැපී පේන්නේ පසුබිම කළු හින්දා විතරමද? මොනවා සිද්ධ වුනත්, රහස් හැම එකක්ම රහස් විදියට තියන තාක්කල් ලෝකේ සුපුරුදු විදියට කැරකෙයි. 

ඉන්න....!!!!

රහස් එලිවුනොත්....? ලෝකේ අනිප්පැත්තට කැරකෙයිද? " 

                                                                                          -අකේන් රුවිනෝද්-  


ඇත්තටම, රහස් එලිවුනොත්.....

ඒකත් එසේ මෙසේ රහසක් නැතුව.....

ලෝකේ දෙදරවන රහසක් වුනොත්.....

ඔය කියන තරම් අවුලක් වෙයිද? 

රහස් හැමදාම රහස් විදියටම තියෙන්න පුලුවන්ද?

එහෙම රහස් මේ ලෝකේ තියනවද? 

අපි වෙනුවෙන් කැප කිරීම් කරන අය කොයිතරම් ඉන්නවද? 

දැකලාවත් නැති මිනිස්සු වෙනුවෙන්, ජීවිත කැප කරන්න උන්ට තියන හේතුව ?

එන්න යමු !!!

උත්තර හොයන්න. 

  ______________________________________


මා ප්‍රිය මිතුරනි, මිතුරියනි....., 

ඔබලා කොම්පියුස්ඩ් උන්ගා බුන්ගා වුනෙහිද?

වුනාද? ඒනම් එච්චරයි වෙන්නෝනේ.....😏🤭 

හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ඩ්‍රාෆ්ට් තියන් ඉන්න පිස්සුව......😶😕 

ලියන්න නම් වෙලාවක් නෑ මිතුරනි....එකෙන්ම එරිලා ඉන්නේ..... 

ප්ලොට් එක ඔලුවට ආපු ගමන් ස්කෙච් එකකට අරන් ඉන්ට්‍රො එක දැම්මේ අමතක වෙයි කියලා...... :)) 

විභාගේ ඉවර වෙච්ච ගමන් දෙන්නම් ඈ.....හිහිහිහිහි....

එතකන්.....

stay tuned 



_මීට ඔබේ ආදරණීය මොනාලිසා 

@අහවල් කෞතුකාගාරය 


❤ 


@Monliest 




SUB ROSAWhere stories live. Discover now