3

215 26 9
                                    


"ඈහ්.....යුරෝපියන් කන්ට්‍රීස් 4ක් එකතු වෙලා කරන මිශන් එකකට අපෙන් උදව් ඉල්ලලා?" මට මගේ කටහඬේ පුදුමය හංගගන්න බැරිවුනා. 

"ඔව් බං....ඒක තමා මෙච්චර වෙලා උඹට මේ කිව්වේ. දන්නවනේ අපේ රටේ තත්වේ මොකක් වුනත්, අපේ අධ්‍යාපනයයි අපරාධ විශ්ලේශනයයි තාමත් ලෝකේ ඉහලින්ම පිලිගන්නවා. ඒ අතරිනුත් අපේ යුනිට් එක......අපි දෙවනි ස්කොට්ලන්ඩ්‍යාඩ් එකට විතරයි කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ." නිසල් අයියා කියාගෙන ගියා. 

"ඔව් ඉතින්. අපේ රටේ දේවල් වලට අපි හොයලා දෙන ඒවා ක්‍රියාත්මක නොකරන නිසා මිසක්කා, අපි මොකෝ හොයලා නොදෙනවා නෙමෙයි නේ." මට කට කොණකට හිනා වෙලා කිව්වා. 

"මේක එහෙම එකක් නෙමෙයි කොල්ලෝ. ටීම් එකේ රටවල් 5යි. ඇමරිකාවයි එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවයි අපියි. රටකින් ටීම් එකකට 5 ගානේ මේන් ඇක්ටිව් සෝල්ඩ්ජර්ස්ලා ඔක්කොම 25. ඔක්කොම පහසුකම් තියනවා. මේන් ටාර්ගට් එක අයිස්. සබ් ටාර්ගට්ස් කොකේන් ඇන්ඩ් නිකොටින්. බුලට් ඇක්සෙස් අන්ලිමිටඩ් ඇන්ඩ් අහුවුන තැන වෙඩි තිබ්බා.....එහෙමයි මේක වෙන්නේ. නඩු, හිරගෙවල්, සාකච්ඡා නැත. දුටු තැන වෙඩි. මේක සම්පූර්ණ ලෝක ආරක්ෂාව වෙනුවෙන් යූ එන් එක බේස් කරන් සිද්ධ වෙන මිශන් එකක්. අපේ රටෙන් ඉල්ලලා තියෙන්නේ ටීම් එක ඔයාගේ යටතේ. කට්ටිය 4 දෙනෙක් ඔයා එකතු කරගන්න ඕනේ. හොඳම අය. " නිසල් අයියා ශෝට් ඇන්ඩ් ස්වීට් මට මිශන් සමරි එක පැහැදිලි කරා. මගේ මොලේට ෆුල් සමනල් ගැටයක් වැටුනා ඒක අහලා. 

"මොකා...මංද දැන් මිනිස්සු හොයාගන්න ඕනේ ? හරි හරි හෙට බලමුකෝ ඕක. තව හිතන්න ඕනේ." මං එක පාරටම කැමතියි නොකියා අයියට එහෙම කිව්වේ ඇත්තටම තව ටිකක් හිතන්න හිතාගෙන. මේ ගමනට යන පාරට අඩියක් තිබ්බොත් නැවත හැරීමක් නම් නෑ. එක්කො මරණය නැත්තන් ජයග්‍රහණය තෝරගෙනයි මේ පාරට අඩිය තියන්න ඕනේ. 

එහෙම තමයි මේ දේවල්. ලෝකේ හුඟක් දේවල් තියනවා මේ වගේ. සැඟවුන ලෝකයක් කිව්වොත් වැරදි නෑ. අපි තමයි ඒ දෙක අතරේ ඉන්න හමුදාව. එකකින් එකක් විනාශ වෙන්න නොදී ආරක්ශා කරන අය. අන්ධකාරයයි අපි රකින්නේ. අන්ධකාරයට පිට වෙන්න නොදී ඒක රැකගෙන ඉන්නේ, කොහොම කොයි විදියට ආලෝකය තිබ්බත්.....වැහි වලාකුලකට පුලුවන් ඉරත් වහලා දාන්න. කොහොමත් තව හිතන්නම ඕනේ මේක ගැන. 

You've reached the end of published parts.

⏰ Last updated: Jun 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

SUB ROSAWhere stories live. Discover now