හොස්පිට්ල්

870 213 26
                                    

නම්ජුන් දීපූ කිස් එකෙන් පස්සේ අඩපන වුන මගේ සරීරස්කන්ධය නැවත යතා තත්වෙට පත් වෙන්න මන් හිතන විදිහට දවස් දෙක තුනක්ම ගියා.දැන් නිකන් නම්ජුන්ව දකින දකින සැරයක් පාසා  මගේ හාට්ටුවෙන් මොනාදෝ බුර බුරා නැගෙන්න හදනෝ වගේ.මන් ඒ ගැන මිකීට කිව්වම ඒ මික්කා කිව්වේ නම් මගේ හදෝතේ නම්ජුන් වෙනුවෙන් ආදරේ පැලේ පැල වෙන්න අරන් කියලා.මිකි එහෙම කිව්වාමයි මන් දන්නේ හාට් එකේ ඔය වගේ පැල ජාතිත් හැදෙනවා කියලා.බලන්න නයනී ඒකෙත් හැටි.

"අක්කේහ්හ්හ් අක්කේඒඒඒඑහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

අපූ මුගේ කටේ සද්දේ.වෙන කවුද මයේ බුරූ මලයා මිසක්.මන් ඇහෙන්නේ නෑ වගේ ඉන්නේ මොකද මන් දැන් කරනදේ හඩ නගා ලොකේට කියන්න බැරි නිසා.ඇයි කිව්වොත් අද මහම මහ මූසල කුජීත පාන්කඩ පිත්තල කාලකන්නී දවසක්.

"ආයිශ් මේ මල වදේ...උදේ ඉදන් උදේ ඉදන් යනවා යනවා ඉවරයක් නැති හැටියක්"

ඊයේ රෑ මොන දහ ජරාවක් කෑවත මන්දා උදේ ඉදන් මගේ පදින්චිය බාතෲම් එක.සැක් දැන් දවල් වෙන්නත් කිට්ටුයි ඇහැරුන වෙලාවේ ඉදන් කාමරෙන් බාතෲම් එකට බාතෲම් එකෙන් කාමරේට මාරු වෙලා මයේ කකුලුත් රිදෙනවා.ඔක්කොමත් හරි අද මේ වෙනකන් මන් තාම මයේ වෙන්ඩ හබියව දැක්කේ නෑ.එහෙන් මේ ගෙදර අයත් නෑ.වෙඩින් එකට මාස ගානක් තියේ.දැන් ඉදන්ම කාඩ් බෙදන්න යනවා.පිස්සුද මන්දා....

"ආයිමත් නම් එපාආආආආආආආ"

මනෝ විකාර ගගහා ඇවිත් ඇදෙන් ඉදගත්තා විතරයි ආපහු මයේ වදකාර බන්ඩිය තොයිල් නටන්න ගත්ත නිසා මන් මටම කෑගහන් බාතෲම් එකට දිව්වා.

"බඩබොකුත් ගිහින් ඇති මේ ගියපු ගියවිල්ලට"

එහෙම කියන් බඩත් අත ගගා මන් ආයිමත් මයේ කාමරේට එද්දි මන් ගැස්සුනේ මගේ ඇද උඩ වාඩි වෙලා හිටපූ නම්ජුන්ව දැකලා.

"ඔයා??"

"මියූ..ඔයාට ගොඩක් අමාරුද.අපි හොස්පිට්ල් යමුද??"

"මට බෑ.දැන් නම් අඩියක්වත් උස්සන්න බෑ..."

"එහෙම කියලා බෑනේ බබා.බලන්න ඔයාට ගොඩක් අමාරු පාටයි"

•° MY WEDDING °• ||KNJ| (Completed)Where stories live. Discover now