මගේ වෙඩිම

824 201 56
                                    

" නන්ගි මෙයාගේ ඔලුව කෙලින් අල්ල ගන්නකෝ පොඩ්ඩක් "

" අහ්හ් ඉන්න අක්කේ "

ඈත ලෝකෙන් මිකීගෙයි තව කාගෙයිද මන්දා කටහඩක් මට ඇහෙනවා ඇහෙනවා වගේ දැනෙද්දි මන් තවත් ඇස් තද කරලා නිදා ගත්තා.

" මොන මල වදයක්ද මේ නිදාගන්නවත් නෑනේ සෙද්ද "

ඈනුම් ඇර ඇරම මන් ඇස් ඇරලා ලග ඉන්න එකාට බැන්නේ උන් නිසා මගේ නිදිලොව කඩාකප්පල් වෙන එක ඉවසගන්න බැරිම තැන.

" ගොන් ගෑනියේ. ඇහරලා ඉදපන් අද උබේ වෙඩිම "

" මගේ වෙඩිම..අද...පිස්සුද...ඔහ් ගෝඩ් අද මගේ වෙඩිම "

එක පාරට ඉද්ද ගැහුවා වගේ මන් නැගිට්ටත් නැගිට්ට පාර ආයිම මාව පුටුවට ඉන්ද වුනේ දාන් හිටපු හයි හීල්ස් දෙක නිසා. මන් මේවා කොයි වෙලේ දැම්මද මන්දා. ඒවා කොහෙ මතක තියෙන්නද වෙඩිම කියලා මතක් උනෙත් නිදන් ඇහැරලා මිකී කිව්වට පස්සෙනෙ. උදේ දෙකයි ගානක ඉදන් ඇහරලා ලෑස්ති වෙලා සැලොන්න්න්න්න් එකේ අක්කා මේකප් කරන ඩින්ගට තමා මට නිද ගිහින් තිබ්බේ. වාව් මියූ.. ඔයා තමා හැමදාම හොදටම කරන්නේ..🙂✋

"ඌඋව්ව් බලපන්කෝ ලස්සන "

මේකප් කරලා හෙයා ස්ටයිල් එකත් දාලා ඉවර වෙලා මන් නැගිට්ටම මිකි හැමදාම වගේ මාව මුරුන්ගා අත්තේ තිබ්බා. කන්නාඩියෙන් මන් මාවම දැකලා බය උනේ මට මාවම අදුරගන්න බැරි තරම් පොටි ප්‍රමානයක් සැලෝන්න්න්න්න් එකේ අක්කා මට උලලා තිබ්බ නිසා.

" මිසටර් බිග්බොඩි මේ මගේ මියූ නෙමේ කියලා මගුල දාලා දිව්වේ නැත්තන් ලොකු දෙයක් "

සැලොන් එකේ අක්කටත් ඇහෙන්නම මන් මිකීට කියද්දි අම්මයි නැන්දම්මයි අපි හිටපු කාමරේට ආවා.

" මගේ පුතාට බුදුසරනයි "

හැම සාම්ප්‍රදායික අම්මෙක් වගේම අපේ අම්මත් මට එහෙම ආශිර්වාද කලා. තනිකර බොරුවනේ. මාව යවාගන්නනේ මේ තරම් දේවල් කරන්නේ. නැන්දම්මත් ඉන්නෝ මූනේ හිනා කටයි.

" යන් පහලට "

ඇත්තටම මන් එච්චර ලොකුවට වෙඩින් එකක් ගන්න කිසිම ආසවක් නෑ. ඒත් අම්මලගේ කැමැත්තට ඉඩ දීලා ගෙවල් දෙකේම ලගම අයට විතරක් කියලා ගෙදරම වෙඩින් එක ගන්න මන් එකග උනා. කොරියන් සෙට් එකක් බැහැලා අපේ ගෙදර නිකන් පුන්චි කොරියාවක් වගේ.

•° MY WEDDING °• ||KNJ| (Completed)Where stories live. Discover now