chapter 13đŸē

350 66 6
                                    

Jungkook's pov















Flashback...........

ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් හිටිය මන් ළඟ නායොන් දැවටි දැවටි හිටියා. ශික්!! මේකි මන් එහාට වෙද්දිත් එන්නෙම ඇඟට😑. බොහොම අමාරුවෙන් නායොන්ව ඈත් කර කර මන් හිටියෙ මන් බලාපොරොත්තුවෙන් හිටපු කෙනා එනකම්. මට ඇහුණා එයාලා අද මෙහෙට එනවා කියලා. ඉතින් මන් මගේ අවස්ථාව එනකම් ලෑස්ති වෙලා හිටියා............ එයාගෙ හිත කොහොමහරි මං රිද්දන්න ඕනි......... මන් කැමති වුණත් අකමැති වුණත් වැඩක් නෑ ඒකයි මට කරන්න තියෙන්නේ.

ආහ්........එයා එනවා..........කළු මාස්ක් එකකින් මූන වහගෙන හිටියත් මට එයාව අඳුර ගන්න පුළුවන් වුණා........දනිසට අඟල් දෙකක් තුනක්ම උඩින් තිබුණ ඩ්‍රෙස් එක......ඒ කෙහෙරැළි........ඇත් දළ පාට හම.............මට හොඳටම දැනුනා මගෙ කම්මුල් රත් වෙනවා. මන් මගේ මූණත් හෙමීට පැත්තකට හරවන් හිටියෙ එයා VIP රූම් එකට යනකම්. මගේ වාසනාවට එයා මාව දැක්කෙ නෑ............. කොහොම හරි නායොන්ව තල්ලු කර කර මන් හිටියෙ VIP room එකට ගිය ටේහි ආපහු එනකම්.

වැඩි වෙලාවක් යන්න කලින් ටේහියි යේජියි එළියට ආවා. මාස්ක් ගලවලා දෙන්නම bar counter එකේ ඉඳගත්තෙ සිනාමුසු මුහුණෙන්. එයා හිනා වෙනවා........... යේජිගෙ පිටටත් ගහ ගහ හිනා වෙන ටේහි දිහා බලන් ඉන්නකොට මට දැනුණේ මගේ මූණෙත් ඉබේටම හිනාවක් ඇඳෙනවා..............ටේහිගෙ හිනාවට මන් හරිම ආසයි.......ටේහ්‍යොන්ග්ගෙ පෙට්ටි හිනාව වගේමයි ටේහිගෙ හිනාවත්....... ඒත් හ්‍යොන්ග් තරම් හැකර නම් නෑ 🙂. දෙයියනේ.......... මන් එච්චරටම ආස ඒ හිනාව දැන් මට හිතක් පපුවක් නැති විදිහට නැති කරලා දාන්න වෙනවා...........මට දැනුණේ මගේ හදවත මට එපා කියලා කෑ ගහනවා වගේ.......ඕ ගෝඩ්....ටේහිව මාව දැක්කා...... මන් ටක් ගාලා අහක බලාගත්තත් මන් හොඳටම දැක්කා එයාගෙ මූණ ටික ටික වෙනස් වෙනවා........ මන් හිතන්නේ එයා නායොන්ව දැක්කා......

අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්ත මම එසැනින් නායොන්ව ඇදලා අරන් එයාගෙ තොල්වලට බර වුණා........ මන් ඉක්මනට ඇස් වහගත්තේ මට ටේහිගෙ මූණ බලන්න ශක්තියක් නැති නිසා.......... ඒත් මට දැනුණේ මගේ හදවත කෑ ගහනවා වගේ. මට ඇස් ඇරලා බලන්න ඕනෙ උනේ නෑ...... මන් දන්නවා දැන් ටේහිට දැනෙන විදිහ..........මගේ හදවත මට කොච්චර දොස් කිව්වත් මට මේක කරන්නම වෙනවා...........

My Alpha đŸ’Ģ❤ī¸ JJK ❤ī¸ (Completed)Unde poveștirile trăiesc. Descoperă acum