14 episode 💜️

77 11 0
                                    

ජන්ග්කුක් මූනත් තැලිච්ච පුවක් ගෙඩිය වගේ කරන් සෝෆා එකේ වාඩි වෙලා අහස පොලව ගැට ගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට තමා ජින් ආවෙ කෑම උයන්න තියෙන නිසා. එතකොට ජින් දැක්කා ජන්ග්කුක් සෝෆා එකෙ ඉන්නවා. පොඩි එකාගෙ මූන දැක්කම ජින්ට හිනත් ගියා.

Jin - ජන්ග්කුක් මොකෝ මේ....

Jk - මොකෝ මේ ?

Jin - මොකද කොල්ලො මේ ගහගන්න වගේ කතා කරන්නෙ.

Jk - ගහගන්න? ගහගන්න නෙමෙයි මට දැන් ඔලුව ගලක ගහගන්න හිතිලා තියෙන්නේ සෙද්ද.

Jin - අනේ මන්දා ඔයා කියන ඒවා මට නම් තේරෙන්නෙ නෑ. මං යනවා උයන්න.

Jk - යනඑකයි ඇත්තෙ.

ජින් බොහෝම අමාරුවෙන් හිනාව කාගෙන kitchen එකට ගියා උයන්න. ටික වෙලාවකින් හැමෝම ලෑස්ති වෙලා ආවා පහලට breakfast එක ගන්න. කට්ටියම මේසෙ වාඩිවෙලා හිනා වෙවී සුහද සාකච්ඡාවක ඒත් එක්කෙනෙක් පුපුර පුපුර ඉන්නෙ. එයාට කවුරුත් wish කරේ නෑ කියලා. ජන්ග්කුක්ගෙ මූන දැක්ක යුන්ගි අතින් ඇනලා හොබීට ජන්ග්කුව පෙන්නුවා. දෙන්නටම හිනා එයාගෙ මූන දැකලා. හැමෝම හොදට හිනා වෙවී කිසි ගානක් නැතුව කෑම කද්දි ජන්ග්කුක්ට තවත් කේන්තියි. මේ වෙන දේවල් තවත් බලං ඉන්න බැරුව ජන්ග්කුක් කෑම එකත් බාගෙට කාලා පුටුවෙන් නැගිට්ටෙ university එකට තනියම හරි යන්න හිතන්.

Jk - මං යනවා.

Hobi - කොහෙද යන්නෙ ?

Jk - යුනී.

Jimin - පොඩ්ඩක් හිටපං අපිත් එනකං.

Jk - අනේ පලයං යන්න තොපි එකෙක් එපා මට. මගෙ බල්ලටවත් එපා.

Yoongi - ඈහ්... උබට බල්ලෙකුත් ඉන්නවද අපි දන්නෙ නෑනෙ.

Jk - අනෙ මේ මගෙන් මුකුත් අහගන්න එපා. මං යනවා යන්න.

Tae - පොඩ්ඩක් හිටපං අපිත් එනවා.

Vmin දෙන්නත් හිනා වෙවී බෑග් එකත් අරන් තරහෙන් පැලෙන්න ඔන්න මෙන්න ඉන්න ජන්ග්කුක් පස්සෙන් දුවන් ගියා.


@ girl house 🏠️

Ha yoon - හරිනේ ඔක්කොම ලෑස්තියි නේද ? තෑගි ඔක්කමත් ගත්තා නේද ?

seoul lovers 💕Where stories live. Discover now