@ university 🏢යුන්කිව ජන්ග්කුක් ඇදන් යන දිහා කට්ටියම බලං හිටියෙ හරියට ඒ දෙන්නව කන්න බලං ඉන්න සොම්බි ටිකක් වගේ. එයාලා පේන්නෙ නැතුව ගියාම සූමින් කතාවකට මුල පිරුවා.
Sumin - ආ.. මේ.... කට්ටිය මං දෙයක් කියන්න හිටියෙ ඔයාලට.
Min Ha - මොකද්ද ??
Sumin - මං ජොබ් එකක් කරන්න හිතුවා. මං ඇප්ලිකෙශන් දැම්මා. අනිද්දට ඉන්ටර්විව්.
Ji woo - මොකක් කියන්නේ ?? ආයෙ කියාම් මයෙ අම්මා.
Sumin - හී.. හී... ඇයි..
Ji Ha - උබ කොහොමද අපිටවත් නොකියා එහෙම තීරණයක් ගත්තේ ???
Sumin - ඔයාලට කිව්වොත් ඔයාලා යන්න දෙන්නෙ නෑ කියලා දන්න නිසා කිව්වෙ නැත්තෙ.
Seo Ah - ඉතින් උබලගෙ පවුලෙන් උබට ලැබෙන සල්ලි මදිද ?? අපි හැමෝම සල්ලි නැති මිනිස්සු නෙමෙයි නෙ.
Sumin - ඒක ඇත්ත. අපි හැමෝම සල්ලිකාර පවුලවල ලමයි තමා. ඒත් මට ඕනෙ මගේ උත්සහයෙන් තැනකට එන්න.
Aro - ඒකත් ඇත්ත හැබැයි. කමක් නෑ ඔයාගෙ කැමැත්තක් කරන්න. ඒත් අපිට දුක මේ ගැන අපිට නොකියපු එක ගැන.
Jimin - එතකොට ඔයා ජොබ් එකට යනකොට යුනී එකේ වැඩ වලට මොනාද කරන්නෙ ??
Sumin - ම්ම්.... මෙහෙමයි. කොහොමත් අපි ලබන මාසෙ උපාධිය අරන් යුනී එකෙන් අයින් වෙනවානෙ.
Jimin - හ්ම්ම්.... ඔව්...
Sumin - ඉතින් ලබන මාසෙට තව දවස් දෙක තුනයිනෙ තියෙන්නෙ. කොහොමත් අන්තිම මාසෙ යුනී යන එක එච්චර වැඩගත් නෑනෙ. ඒක නිසා උදේ වරුවෙ ජොබ් එක කරලා හවසට ගෙදර ඇවිත් පාඩම් කරනවා.
Sangwon - මරු හැබැයි අදහස ඒත් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔෆිස් ගිහින් බාගෙට මැරිලා ඇවිත් ආයෙ පාඩම් කරන්න ගත්තම එපා වෙයි.
Sumin - ඒක ගානට හැන්ඩ්ල් කරගන්න වෙනවා. ඔච්චර මහන්සි වෙන්න වෙන්නෙ මාසයයිනෙ. ඊට පස්සෙ යුනී නෑනෙ. ඒ මාසෙත් ඉක්මනට ගෙවිලා යයි.
Tae - මට නම් ඔහොම වැඩ කරන්න ගියොත් පිස්සු හැදෙයි.
Ha Yoon - ඔයා ඉතින් කොහොමත් පිස්සානෙ.
YOU ARE READING
seoul lovers 💕
Fanfictionකවුද ශැලී ????? අදර මාවතක ගලායන මාෆියාවක් ..... seoul lovers.....