chapter 8

57 8 122
                                    

යුන්ගිට එන්න කියලා ෆෝන් එක සාක්කුවට දාන් වාහනේ වටේ කෝදුරුවා වගේ කැරකෙන්න ගත්ත හොබීගෙ උරහිසට කවුදෝ  අතක් තිබ්බා.

"අහ්..ඔයා!!"

දෙන්නාම එක වෙලාවෙ ගෑ ගහගෙන පස්සට පැන්නා.එතන හිටියෙ හැල්මා ගහෙන් බස්සන ඉණිමග උස්සන් ආපු කෙනා.

"ඔයා...වාහන හොරකමේ යනවද?"

එයා හොබීගෙන් ඇහුවෙ අත් දෙකත් පපුව හරහට බැදන් උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි අමුතු බැල්මක් දාන ගමන්.

"ම-මං මං..   මොකද යකූ ගොත ගැහන්නෙ    හොරෙක් නෙවෙයි.මේ අපේ වාහනේ.මේකෙ ආපු මගෙ යාළුවව හෙව්වෙ.එයාට ඩ්‍රයිවින් බෑ"

"දැන් මට ඔයාව විශ්වාස කරන්න කියලාද කියන්නෙ.ඩ්‍රයිවින් බැරි කෙනා වාහනේ කරේ තියන් මෙතනට ඇවිත් වෙන්න ඇති?හහ්!"

"බැරිනම් නිකන් ඉන්නවා.ඇයි යකූ..වැඩක් බලාගෙන යනවා.මේක මාර මගුලක්නෙ"

තද වුණ හොබී  කෙල්ලටත් පුප්පලා වාහනෙත් පාස් කරන් යන්න ගියත් කොල්ලාට තේරෙනවා ඉස්සරහට යන්නෙ නෑ වගේ.එකතැන ඇවිදිනවා වගේ.ටිකක් වේගෙත් වැඩි කරලා බැලුවා.ම්හු.බෙල්ලත් උළුක්කු වෙන වේගෙන් ඊගහ වගේ හැරුණ හොබී දැක්කෙ කලිසමේ බෙල්ට් එකෙන් දෑත බදලා අල්ලන් ඉන්න කෙල්ලව.

මේ මොන මරාලයක්ද සාන්ත මේ..

"කොහේ යනවා කියලාද හිතන් ඉන්නෙ.අද සමාජෙ මේ අපරාධ වැඩි වෙලා තියෙන්නෙ අපි දැක දැකත් නොදැක්කා වගේ යන නිසා.ඒ සෙල්ලං බෑ කොල්ලො මාත් එක්ක"

"මො-මොන   අයිශ්..අතාරිනවා මාව."

හොබීට ඕන වුණේ ඉක්මනට නම්ජුන්ව හොයා ගන්න.වාහන පදින්න බැරි මනුස්සයා වාහනෙත් අරන් ඇවිත් මොන කරදරයක් කරගෙනද කියලා එයා වද වුණා.සාමාන්‍යයෙන් හැමෝත් එක්කම හිනා වෙලා සුහදව ඉන්න හොබී මේ වෙලාවෙ කලබල වෙලා ඉදයෙ ඒකයි.

"ආ...ව්..."

එයා එකපාරට අත ගසලා දාපු නිසා බැලන්ස් නැති වුණ කෙල්ල නැවතුනේ පොළෝ මහී කාන්තාව සිපගෙන.

"අ-අනේ ස-සමාවෙන්න මං ඒක හිතලා කළේ න්-"

කෙල්ලව අල්ලලා නැගිට්ට්වන්න ගිය හොබීට ඊළග මොහොතෙ එතනම බිම බදා ගන්න වුණේ එයා දික් කරපු අතින්ම මේ කෙල්ල ඇදලා අරන් හොබීව පොළෙවෙ ගහපු නිසා.

Puss in HeartWhere stories live. Discover now