"කාලා බලන්න රහයිද කියලා.."
ලීසා එහෙම කිව්වෙ පළවෙනි වතාවට ඉව්ව නිසා.
"ම්ම් අවුලක් නෑ.."
ශාන් කාලා එහෙම කියනවා..
"ඒ යීබො ඔයත් කියන්නකො.."
ඒක නිකම් අහිංසක ඉල්ලීමක් උනත් ඔයාලා දන්නවානේ යීබොගෙ හිත උණු වෙන්නෙ ශාන්ට විතරයි කියලා..😂😂
"අවුලක් නෑ..ඒත් මෙයා උයනවා මීට වඩා රහයි."
යීබො එහෙම කියලා ශාන්ව පෙන්නුවෙ නිකම් ලීසාගෙ කනට ගහනවා වගේ..😂😂
"හරි හරි ඉතින් මං අදනේ පළවෙනි වතාවට ඉව්වෙ...ටිකක් අවුල් ඇති තමා..මං නැත්තම් රසට උයනවනේ..."😅😅
ලීසා අපහසුතාවයට පත් උනත් ඒක පේන්න දෙන්නෙ නැතුව ලැජ්ජාවට එහෙම කිව්වා...
"ඒ ශාන්...."
"ඔව් කියන්න ලීසා.."
"හෙට රෑ පාර්ටි එකක් තියනවා යීනා ඕර්ගනයිස් කරපු..අපි තුන්දෙනාට එන්න කියලා අද ඉන්විටේශන් එවලා තිබ්බා.."
"ආහ්...මගෙ කකුල...මං කොහොමද යන්නෙ.."
"අප්පෝ ඕකත් මහ ලොකු දෙයක් නෙවේනෙ...ඔයාව පිටි මුට්ටෙ වගේ හැමතැනම අරන් යන්න මේ යීබො ඉන්නෙ..."
යීබොට එක පාරට කෑම පිට උගුරෙ ගියා..යීබො කහිනවා.ශාන් එයාට වතුර පොවලා පිට අත ගානවා..😅❤️
"දැන් හරිද..."
ශාන් ඒක හරිම ආදරෙන් ඇහුවා කියලා යීබොට තදින්ම දැනුනා...😘❤️
යීබොත් අහිංසක හිනාවක් දාලා ශාන් දිහා බලලා ඔලුව වැනුවා..
"එයා ඇත්තටම මං ගැන හිතනවා නේද...මට දැන්මම මෙයාට ඇත්ත කියන්න තිබ්බනම්...ඔයා මගේ විතරයි කියලා...මං ඔයාට ආදරෙයි ශාන් කියලා...එහෙනම් මේ ගෙවන ජීවිතේ තවත් ලස්සන වෙන්න තිබ්බා.."