𓂀 අවසන් කොටස...

693 191 151
                                    


හවස් වරුවේ බැල්කනි එකට වෙලා කලබලකාරී Newyork නගරයේ සුන්දරත්වය විදිනගමන් අතීතේ කිමිදිලා ඉදපු මම පියවි සිහියට ආවෙ මගේ ලගින් ඇහුන සොෆ්ට් කටහඩ නිසා...

" මොකක්ද කල්පනා කරේ ?"

" විශේෂ මොනවත් නෑ අනේ...ටවුන් එක මෙතනට ලස්සනට පෙනුනට දැන් ටවුන් එකේ ඉන්න අයට ඒක කොහොම දැනෙව ඇතිද කියල හිතුවා"

" හ්ම්...අසී හෙට ඇවිදින්න යමුකෝ අපි"

" ඒ මොකෝ එකපාරටම...ගිය සතියෙත් ගියා නේද අපි"

" ඒ කියන්නෙ ඔයාට අමතකයි...එහෙම නේද..."

" අනේ ඉතින්..බලන්න මම ඔයාව surprise කරන්න හිටියේ..මේ කෙල්ල එක්ක බෑනෙ ඉතින්"

" එහෙම ද...මොකක්ද surprise එක?"

" surprise කියන දේවල් කියල කරන්නෙ නෑනෙ"

" නෑ ඉතින්...මෙහෙම කරමු..ඔයා දැන් මට කියන්න...මම ඒ වෙලාවට surprise උනා වගේ ඉන්නම්..හා නෙ"

" ඔච්චර හුතරල් වෙන්න එපා බබා...අනේ ඔයා නම්"

හෙට මගෙයි රියා ගෙයි 3rd wedding anniversary එක...ඔව් එයා රියා ෆර්නෑන්ඩෝ...දැන් රියා දිසානායක....මම එයාව මුලින්ම දැක්කෙ Newyork වලට ජොබ් එක කරන්න ආවම...එයාව දැකපු ගමන්ම මට අතීතෙ මතක් වෙන්න මොහොතක් වත් ගියේ නෑ...එයාට තියෙන්නෙත් දිග ඇස්...හරියට නසීමා ගෙ වගේමයි...මූණත් ලාවට නසීමා ට හුරුයි...මට මුලින්ම රියාට ලන් වෙන්න ඕන උනේ එයා නසීමා වගේ නිසා...මගේ පලවෙනි ආදරේ වගේ නිසා...මට මුලින්ම රියාව ඕන උනේ නසීමා විදියට, මම එයාව දැක්කෙ නසීමා විදියට.....

ඒත් කාලය ගත වෙද්දී මට තේරුම් ගියා රියා නසීමා කියන්නෙ දෙන්නෙක් බව...මම ආදරෙයි නසීමා ට...ඔව් මම තාමත් ආදරෙයි නසීමා ට...ඒත් මම රියාටත් ආදරෙයි...ඒ එයාගෙ පෙනුම නසීමා වගේ නිසා නෙවෙයි...මම රියාට ආදරෙයි ...රියා විදියට මම රියාට ආදරෙයි...නසීමා කියන්නෙ මගේ පලවෙනි ආදරේ...කාටවත්ම තමන්ගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ....කිසිම ආදර කතාව ක අමතක වීම් නෑ...කාලය එක්ක අලුත් මතක එක්ක පරණ මතක යටපත් වීමක් සිද්ද වෙන්නෙ...නසීමා කියන්නෙ මගේ අතීතෙ...මම ජීවත් වෙන්නෙ වර්තමානයේ...ඒ රියා එක්ක...මගේ බිරිඳ එක්ක....මම ආදරෙයි රියාට...ඒත් මට ඊලග ආත්මෙ නසීමා ගෙ වෙන්න දෙන්න රියා...මම පොරොන්දු වෙනවා ඊට පස්සෙ හැම ආත්මෙකම ඔයාගෙ විතරමයි කියලා...ඒත් ඊලග ආත්මෙ විතරක් මට එයාගෙ වෙන්න දෙන්න ....

රියා හදාගෙන ආපු කොෆී එක බොන ගමන් අද දවසේ විස්තර පෙත්තෙක් වගේ කියවන රියාව මම ආදරෙන් තුරුලට ගත්තෙ රෑ වීගෙන එනකොට දැනුන හීතල අඩුකරගන්න .....


<><><><><><><><><><><><><>

Silent reader කෙනෙක් වෙන්න එපා ...හිතෙන දේ කියාගෙන යන්න...අඩුපාඩු මොනවද ඔය හැමදේම...මගේ පලවෙනි gl එක...

බායි...කියෙව්වට ස්තූතියි...අඩුපාඩු ඇති මේක පලවෙනි එකනෙ...උත්සාහය ටිකක් හරි සාර්ථක ද කියල දැනගන්න කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම...

මම Lazy-kitty 😴 😺

අදුන් නයන 𓂀Where stories live. Discover now