2007; June
සිර කුටියේ දොර විවර විය. ඇතුලට පැමිණි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා පැවසීමටත් පෙර ඔහු තමාගෙ අත් ඔවුන් වෙත දිගුකලේය.
ඒ නිසැකවම ඔවුන් මාංචු දමන බව දැනසිටි බව පෙන්වීමට නොවේ. තවදුරටත් මෙම සිර කුටියේ මිනිත්තුවකදු හෝ ගත කිරීමට ආසාවක් ඔහු තුල නොවූ හෙයිනි.
Mr.Jeon...අපිට සමාවෙන්න මේ තරම් කාලයක් මෙසේ සැලකීමට සිදුවීම ගැන...අපිට රාජකාරිය නොසලකා හරින්න බැහැ...මන් ඒක දන්නව ඔෆිසර් ජන්ග්...ඔබ ඇතුලු පිරිස උපරිම හොදින් මෙහෙදී මට සැලකුවා...ඒ ගැන මම ස්තුතිවන්ත වෙනව...
සර්ට පොරොන්දු වුනු විදිහටම අපි මේ කිසි දෙයක් ගැන මීඩියාවලට යන්න දුන්නෙ නැහැ...මේ සිද්ධියට අදාළ හැම ලේඛනයක්ම කිසිම විදිහකින් එලියට ගිහින් නැ...නඩුවේ දර්ශන පවා මකා දමලා තියෙන්නෙ...කොටිම්ම කියනව නං Mr.Jeon මාස හයක් සිරේ සිටිය බව අපේ කණ්ඩායමත් Mr.Kim ගෙ බිරිදත් හැර කිසිකෙනෙක් දන්නෙ නැහැ...
ඔබ කල දේ මන් අගය කරනවා ඔෆිසර් ජන්ග්...ඒත් ඔබ තාමත් එක දෙයක් වරද්දනවා...ඇය තාමත් Mr.Kim ගෙ බිරිද ද කියන එක හොදට හිතා බලන්න ...
ඔහ්...සමාවෙන්න...ඇත්තටම මට ඒ ගැන අමතක වුනා...ඔබ දෙදෙනා විවාහ වුනත් මට තවමත් එය මදක් නුහුරුයි...
ජන්ග්...මම කැමතියි ඉක්මනින් මෙතනින් එලියට යන්න...
ඔහ්...ඔව් අනිවාරෙන්ම...
අදුරු සිරකුටිය තුල මාස හයක් ගත කර එලියට පැමිණි Mr.Joen ට තවමත් හිරු එලිය නෙතට හුරු නොවීය. එබැවින් ඔහු නිසොල්මන්ව බිම බලාගෙනම සිර ගෙදර විසල් ගේට්ටුවෙන් පිටවී ඇවිද යන්නට විය. බිම බලාගෙන ගමන් කරන ඔහුගේ නෙතට හසුවූයේ දිවඑන පා කිහිපයකි. ඔහු සැනෙකින් හිස එසවූයේ ඒ තමා බලාපොරොත්තුවෙන් සිටි අයදැයි දැනගැනීමටයි.
අප්පා....
-------------------------------------------
හෙලෝ...මේ ශින් ලෝයර් නේද...
ඔව්...කව්ද මේ...

VOCÊ ESTÁ LENDO
ill-fated
Fanficඑය සැබැවින්ම මීනිමැරුමක් විය ;නමුත් එහි වරදකරු තමා විසින්ම දිවිතොර කරගත්තේද නැතිනම් මරා දැමුවේද...? }-- යුෂ්මතාගෙ නම? ජියොන් ජන්කුක්... යුෂ්මතා මේ මිනිමරුවාව ඝාතනය කල බවට පිලිගන්නවාද? }-- ටේහියොන්ග්...මන් ඔයාට ආදරේ බව ඇත්ත...ඒත් මන් කොහොමද ඔයාගෙ තාත...