දෙක...

391 70 13
                                    


" ආනේ මේ එන්නෙ දෙන්න...Good Morning දෙන්නට "

" Gm බන්"

" යකූ මැසේජ් නෙවෙයි මේ...කට ඇරල සුබ උදෑසනක් කියාම් මට"

" මොන සුබද යකූ උදේ හතට රිවිෂන් පන්ති එද්දී...මට තාම නිදිමතයි"

" ආආආ...දෙන්න රෑ වෙන සලලලලා....මොනවහරි,...ආහා"

" පල යන්න උබ පට්ට වල් සයූ"

" අනේ හරි අහිංසක එකානෙ මූ...නේ විහගි"

" අනේද කියන්නෙ...ඔන්න සර් ආවා"

උදේ හතට බයෝ රිවිෂන් ...ඉතින් පහට නැගිටලා ඔක්කොම කරලා හයට බස් එකට නැගල ආව මේ...හුම්...බස් එකේදි විහගිගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගත්ත...ඒත් නිදිමතයි...

පන්ති ඇරිලා අපි තුන් දෙනා බස් එකට යන ගමන් ඉද්දී ඉස්සරහ කොල්ලො සෙට් එකක් බලාගෙන ඉන්නව දැක්ක...ඒත් ගනන් නොගෙන යන්න ගියත් එකෙක් අපිව නැවැත්තුව...

" ඇයි?"

" ඔයාට නෙවෙයි ...මේ ලස්සන නංගිගෙ නම මොකක්ද දන්නෙ නෑ"

" එයාගෙ නම ඔයාට ඕන නෑ...පාරෙන් අයින් වෙන්න "

" ඔයාට නෙවෙයි නෙ නංගි කතා කරේ..."

" හරි ඉන්න තාරු...අයියට මොකටද මගේ නම?"

" මම දැන් මාස කීපෙක ඉදලා නංගිට කැමති..මෙන්න මගේ නම්බර් එක,ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න කෝ නංගි"

" මම ඔයාට කැමති නෑනෙ අයියෙ"

" පොඩ්ඩක් හිතල බලන්න නංගි"

" එයා සැරයක් කිව්වනෙ...සිංහල තේරෙන්නෙ නැද්ද...එන්න යමු"

මම විහගිවත් ඇදගෙන ආවා එතනින්...

" මෙන්න විහගි අරූගෙ නම්බරේ දෙන්න කියල මට දුන්න "

" ඕක විසික් කරන්න සයූ"

" උබට නෙවෙයිනෙ දුන්නෙ තාරු...ඕනද විහගි..ඒ කොල්ල නම් හැන්ඩියා"

" ඕන නෑ බන්...කැම්පස් ගිහින්ම බලනව"

මම සයූ අතේ තිබුන නම්බර් එක අරගෙන විසික් කරා...විහගි නම් ලාවට හිනා වෙනව දැක්ක...මම දන්නව මම එයාගෙන් යාලු වෙන්න අහන කොල්ලො ඔක්කොම එයාට කලින් රිජෙක්ට් කරන එකෙන් එයාගෙ හිතට මම එයාට ආදරේ ඇති කියල බලාපොරොත්තුවක් දැනෙනව ඇති...ඒත් මම එයාට ආදරේ නෑ...ඒත් මම කැමති නෑ හැමෝටම වඩා හොදට මාව දන්න මාව බලාගන්න මට අවධානය දෙන එයාව වෙන කෙනෙකුට දෙන්න...දවසක එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව මට දකින්න වේවී...ඒත් දැන්ම නෙවෙයි....මම පුලුවන් තරම් කාලයක් එයාගෙ අවධානය මටම විතරක් තියාගන්නවා...ආදරේයි මට ඕන නැත්තෙ...ඒත් අවධානය, මමත් ආසයි මට කෙනෙක් විශේෂයෙන්ම අවධානය දෙනවට හොයල බලනවට ...මම ගැන විතරක් විශේෂයක් දක්වනවට...
ඒ අවධානය තවත් ආදරේ තුලින් හොයන්න ඕන නෑ මට...මටම කියල එක කෙනෙක් තියාගන්න ගිහින් හැම පාරකම මටම නොසෑහෙන්න රිදෙන එක වෙන්නෙ...මේ විදිය හොදයි...මම ආත්මාර්ථකාමී යි, දන්නව මම ඒක...ඒත් වෙන කරන්න දෙයක් හිතාගන්න බෑ...

මටත් ඕන මම ගැන හොයන මට අවධානය දෙන මටම කියල කෙනෙක්...මට විතරක් නෙවෙයි හැමෝටම ඕන ඇති...එහෙම නේද...වැරදිද මම ඉතින්...

<><><><><><><><><><><><><>

විකාරයක් වගේද මේ කොටසම....හෙ හේ...

හිමි අහිමි...Where stories live. Discover now