එක....

334 71 35
                                    

" බන්..."

" හ්ම්..."

" මොන ලෝකෙද ඉන්නෙ?"

" මොකුත් නෑ බන්"

" උබේ හිනාවට අනිත් උන් රැවටුනාට මට හංගන්න බෑ...උබ ආයි ඒකි ගැන හිතනව නේද?"

" හ්ම්...ඇයි එයා එහෙම කරේ?"

" ඒකි කිව්ව නෙ බන්...ඒකිට ඒකිව තේරුම්ගන්න බැරුව ඉදල තියෙන්නෙ "

" ඒත් ඇයි බන් ආපහු මට ආදරේ කරන්න හිතුනෙ...ආපහු අවුරුද්දකට වීතර පස්සෙ හිතට ආදරේ කරන්න හිතෙන කොට ඇයි එක පාරටම ගියේ...ඇයි මට ඒකිට ආදරේ කරන්න හිතුනෙ?"

" කාට කාටත් තියෙන්නෙ හිත් බන්....කොච්චර ගලක් වෙන්න හැදුවත් හිත හෙල්ලෙන වෙලාවල් තියෙනව..."

" පන්තියට යමන්...වැඩක් නෑ කියවල ...විදවල විදවලම ආපහු හරි යාවී"

" යමන්"

මමයි සයුමි යි ආපහු පන්තියට ගියේ interval එක ඉවර වෙලත් විනාඩි පහක් විතර ගිහින් තිබුන නිසා...සර් කොල්ලොන්ට ත් පස්සෙ පන්තියට ආපු අපි දෙන්න දිහා අමුතුවට වගේ බැලුවට අපි ගනන් නොගෙන excuse කරල වාඩි උනා...

" තාරු මොකද පරක්කු උනේ?"

" නෑ විහගි...පොඩි කතාවක් දැන්ම...වෙලාව යනව දැනුනෙ නෑ"

" සර් ගානක් දුන්න...මම ඔයාගෙ පොතෙත් ලිව්ව..."

" Thanks "

Physics සර් දිගටම පාඩම කරනව ...ඒත් අහගෙන හිටියට මොනවත් ඔලුවට යන්නෙ නෑ...මනස මීදුමකින් වැහිලා වගේ...ලාවට දැනෙන ඔලුව කැක්කුම නිසා මම ඔලුව ගහගත්තා...

" තාරු...මොකද ලෙඩ වෙලාද?"

" පොඩි ඔලුව කැක්කුම ක් විහගි...හරි යාවි ටිකකින්"

" හ්ම්...ඔයා තාම අරයා ගැන හිතනවද...ජීවිතේට මිනිස්සු එනව යනව...අපිට පාලනය කරන්න පුලුවන් ඒක...ඒත් ආදරේදී ඒක ප්‍රායෝගික නෑ...ඇයි ඔයා ඔයාට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්නෙ නැත්තෙ ?"

" එයත් කිව්ව මට ආදරෙයි කියල"

" නෑ ඔයාට ඇත්තටම ආදරේ කරන අය ඔයා ලගම ඇති ...හිතල බලන්න "

හිමි අහිමි...Where stories live. Discover now