" ඒ සයූ good morning "
" good morning තාරු...කෝ විගහි..."
" ඒකි කැන්ටිමට ගියා...කන්න දෙයක් අරගෙන ඒවී..මේ අද ලෙකා ආවයි"
" ඔව් ඔව්...මම දැක්ක..."
මමයි සයූයි පේරාදෙණිය යුනි එකේ ඉන්නෙ මේ...A /L වලදී අපි තුන් දෙනාටම තිබුන ටාගට් එක පේරාදෙණි එන්න ඕන කියන එක...හිතුව වගේම මහන්සියේ ප්‍රතිඵල විදියට අද අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන් වෙනි වසරේ ශිෂ්‍යයෝ හුම්...ගැම්මක් තමා...කාලය පට්ට ඉක්මනට ගිහින් නේද...ඔව් මට දැනුන දෙයක් තමයි එකොළහ වසරේ ඉදලා O/L ලිව්වයින් පස්සෙ ඉදලා කාලය ගොඩක් වේගෙන් ගියා...සමහර වෙලාවට පැය 24 මදි කියල හිතුනා...
" තාරු....අපි දැන් 3rd year...ඊලග අවුරුද්දෙ අපි කැම්පස් නෑ"
" ඕ ඉතින්..."
" ඉතින් ගාන්නෙ...උබ තාම තනිකඩ...විහගිත් උබ නිසා බලාගෙන ඉන්නව...යකූ අවුරුදු කීයක්ද...උබ හිතනවද විහගිට තව බලාගෙන ඉන්න පුලුවන් කියල...ඒකිටත් ජීවිතයක් තියෙන්න ඕන...අර 2nd year ඉදලා විහගිගේ පස්සෙන් එන ලහිරු ඉන්නෙ...විහගි ඌ ගැන ටිකක් උනන්දුයි දැන්...උබ දැන්ම ඇහුවෙ නැතොත් ඉස්සරහට උබ පරක්කු වැඩි වෙයි...දැන්ම කිව්ව ඔන්න "
" මට ආදරේ ගැන හැගීමක් නෑ බන්...විහගි හොදයි එයා මට ආදරෙයි...ඒත් මට බෑ...මට ආදරේ ගැන ගානක් නෑ"
" මෙච්චර කල් ගිහින් උබේ හිත තාම එකම තැනද?"
" නෑ ..මම අතීතෙ කොතනවත් නැවතිලා නෑ...ඒත් වර්තමානෙත් හිත කොතනවත් නැවතුනේ නෑ"
" හිතල බලපන්...හැමදාම එකම විදියට විහගිටත් ඉන්න බෑනෙ"
" දන්නව බන්"
මාස දෙකකට පසු ____________________
" විහගි මොකද ලොකු කල්පනාවක...අවුලක් ද බන්?"
" නෑ සයූ...කෝ තාරු"
" ඇයි ඇයි මාව හොයන්නෙ"
" හ්ම් මම ලහිරුට කැමැත්ත දෙන්න බැලුවෙ "
" සිරාවට? "
" ඔව් සයූ ...එයා හොදයි , මට ආදරෙයි , පෙනුමත් හොදයි...කියන්න අඩුවක් නෑ එයාගෙ....හැමදාම මිරිඟුව ක් පස්සෙ යන්න බෑ බන්...මට හති"
" ඒක හොද තීරණයක් විහගි...ඔයාල දෙන්න පෙනුමෙනුත් ගැලපෙනව"
" Thanks තාරු"
<><><><><><><><><><><><><>
YOU ARE READING
හිමි අහිමි...
Nonfiksi______________________________ තනිකම මතින් පියනැගි විඩාබර මාවතේ ආදර සෙවන යට අතරමං වූ නිමේෂයක ... ______________________________ ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත.මෙහි සත්‍ය සිදුව...