6

259 70 22
                                    

"නිනෝ...කගමි කියන්නේ කවුද..."

ඒඩ්‍රියන් එතනින් ගියාට පස්සෙ මන් අහන්න හිටිය ප්‍රශ්නේ මට කලින් ආල්‍යා ඇහුවා..

"කගමි කියන්නේ ඒඩ්‍රියන්ගේ තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක්...එයාව මේ ටිකේ ඒඩ්‍රියන්ට ගොඩක් ලන් කරන්න හදලා..කෙටියෙන්ම කිව්වොත් ප්‍රපෝසල් එකක්..."

මොකක්....ඒ කියන්නෙ දැන් මගේ ක්‍රස් එක මල් කඩනවා මට බලන් ඉන්න වෙනවද...සීවරං දෙයියනේ...ගිය ආත්මේ මම කපල් වලට බාල්දි නැව් පිටින් පෙරලලා වගෙ...

"මැරී...ඔයා හොදින්ද..."

ලූකා මගේ ඇහුවෙ මගේ අතකින් අදින ගමන්..

"ඔව් ලූකා...."

ඒ එක්කම බෙල් කරපු නිසා අපි ඔක්කොම පන්තියට ගියා...





❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

අද නිවාඩු....ආල්‍යාගේ ඕප දූප සෙවීමේ මහා කර්ත්ව්‍යට උදව් වෙන්න කෞතුකාගෙට යන්න මටයි ලූකාටයි සිද්ද උනා..

(❤️මැරීනෙට්
🧡 ආල්‍යා
🐍 ලූකා)

🐍 මේ කෞතුගාරේ මරුනේ...

❤️ ඇව් ඇව්...මාර බෝරිං...

🐍 පොඩ්ඩක් දනාත්මකව හිතන්න මැරීනට්...

❤️ ඇහ්...දනාත්මක හැගීමක් එක්ක සෘනාත්මක හැගීමක් ගැටුනම උදාසීන හැගීමක් ඇති වෙන්නේ...එතකොට මම සොම්බියා වගේද ඉන්න ඕන..

ලූකා අමුතුම ලුක් එකක් දාන් ඉද්දි ආල්‍යා සුපුරුදු ජාගර හිනාව දැම්මා..

🧡 ලූකා...මේකි එක්ක වාද කරනවට වඩා හොදයි කට ගලක උදා ගන්න එක..

දෙන්නට රවන් මම ඉස්සරහට අඩියක් තිබ්බා..ඒ එක්ක්ම දැක්ක දේ නිසා මගේ කකුල් පොලවට ඇලුනා වගේ මට දැනුනේ....ඒඩ්‍රියන්....කගමි එක්ක අයිස් ක්‍රීම් කනවා..!!!!

🐍 ආල්‍යා...මැරීනට් අවුලකින්ද...

🧡 ම්හ්...එයාගෙ ක්‍රශ් එක වෙන කොල්ලෙක් එක්ක හුරතල් වෙනවා දැක්කම ඔහොම වෙනවානේ..

🐍 ඇහ්...ඒකද...කාටවත් බෑ මගෙ බෙස්ටිව අඩවන්න..

ලූකා ආල්‍යා එක්ක මොනාද කියලා එයාගේ අතක් මගේ කරවටේ දාගෙන මාව එක්කන් ගියේ අයිස්ක්‍රීම් වාහනේ ගාවට..

Really for you✔️✔️Where stories live. Discover now