.
.
.
බාගෙට ඇරිලා තිබ්බ දොරෙන් ඇතුළට ආපු කෙනා දකිද්දි මන් උස්සගෙන හිටපු කකුල එහෙම්මම බිමට දාලා ඒ දිහා කටත් ඇරන් බලන් හිටියා.
මට පිටිපස්සේ පේලියට ඉන්න ලමයිනුත් මාව අනුකරණය කරලා ඒ දිහා බලන් ඉන්න හැටි මන් ලාවට වගේ දැක්කා.
"එයා සුදුම සුදු පාටයි.ඇස් දෙක හීනී.....හුරතල්.ඇදගෙන හිටපු ටයිට් ජීන්ස් එක නිසා ගානට හැදිලා තිබිච්ච කලවා හොදට පෙනුණා.උඩට ඇදන් හිටපු රෝස පාට කොට ටීෂර්ට් එක එයාටම හදාපු එකක් වගේ...වාව්..... මාරම cute අප්පා.............ආස හිතෙන රූපයක්......."
මට හිතුනේ කාලෙකින් පස්සෙ මගේම කෙනෙක් මුනගැහුණා වගේ....හැමෝම එයා දිහා මූනත් දෙල් කරන් අප්පිරියාවෙන් බලන් ඉදිද්දි මන් විතරක් එයා දිහා වශී වෙලාවගේ බලන් හිටියා...........
හුහ් මල විකාර කෙල්ලො .
මන් එයාලට රැව්ව......හරියට එයාට බනිද්දි මට රිදෙනවා වගේ......
දෙය්යනේ මනුස්සයෙක්ට පුලුවන් ද මෙච්චර කියුට් වෙන්න.අනේ ඉතින් මගේ පුවර් හාටුව........හැමදාම කරන්නෙ ලබා ගන්න බැරි දේවල් පස්සෙ යන එකනෙ...දැනටමත් තුන්පාරක්ම ආදරෙන් පැරදිලා....තවම පාඩමක් ඉගෙන ගෙන නෑ..මේ වගේ අය කෙල්ලො එක්ක කවදද යාලු උනේ මොට්ටියේ......දැනටමත් boyfriend කෙනෙක් ඇති. අතෑරල දාන්න.......
මන් මටම කියා ගත්තේ ලොකු වේදනාවකුත් එක්ක පරණ මතකයන් අවුස්සවමින්..
YOU ARE READING
🥀YOU ARE MY CHOICE 🥀✅
Romanceහිමිනොවනා බව දැනදැනත් ඔය උණුහුම ලග විතරයි මගේ හිත රැදුණේ.......... 💑🥀 Femboy× Tomboy🥀