Chapter 23

2.5K 605 116
                                    

ඉයුන් හා නින්දෙන් එකපාරට ඇහැරුනා..
ඇස් පිල්ලම් එක ලග ගහන ගමන් ටික වෙලාවක් ඉදලා බාත්රූම් එකට දිව්වා..

වොමිට් කරලා ඉවර කෙල්ල වෙව්ලන කකුල් එක්ක හෙමීට නැගිටලා කට හොදගත්තා..එක ලග හුස්ම ගන්න ගමන් කලන්ත ගතිය මග අරවගත්ත කෙල්ල තමන්ගේ යටි බඩ පරිස්සමට අතගාන්න පටන් ගත්තා..

ඔයා මට නිදාගන්න දෙන්නේ නෑ නේ

කෙල්ල පොඩි හිනාවක් එක්ක
බඩ දිහා බලලා කියන ගමන් බාත්රුම් එකෙන් එලියට ගියා..

කෙල්ල පුදුම වුනේ නෑ ඇදේ කවුරුත් නැති එක ගැන..හුස්මක් පිට කරන ගමන් ඉයුන් හා රූම් එකෙන් එලියට ගියා .

තමන් pregnant කියලා දැනගෙන දැනට සතියයි ඒ වගේම  ජිමින් තමන්ව මග අරින්න පටන් අරගෙනත් සතියයි

කෙල්ල මුලදි හිතුවේ ජිමින්ට කාලේ ඕනි කියලා
හුරු වෙන්න ඒත් දවස් තුනකට කලින් ඉයුන් හා හිතන්න ගත්තා ජිමින් මේ දේට කැමති නෑ කියලා
ඉයුන් හා ජිමින්ව දකින්නේ කලාතුරකින්

ජිමින් හැම තිස්සෙම busy මිෂන් වලට දවල් කාලේ රෑට එන්නේ ගොඩක් පරක්කු වෙලා ඉයුන් හා ජිමින් එනකන් ඇහැරන් ඉන්න උත්සහ කරන හැම වෙලාවක කෙල්ලට නින්ද යනවා ඒ නිසා ඉයුන් හා දන්නෑ ජිමින් එන වෙලාවවත් යන වෙලාවවත්..

ඒත් අද ඉයුන් හාට දැනුනා ජිමින් ලග ඉන්න බව
කෙල්ල මුලු මැන්ශන් එක පුරා ජිමින්ව හෙව්වත් හම්බුනේ නෑ..

ඉයුන් කූඩූවටත් ගියා වොචර් කෙල්ලට දැනුම් දුන්නා ජිමින් ටිකකට කලින් කූඩූවෙන් එලියට ගියා කියලා ...
කෙල්ල ආයෙත් හැරිලා ඇතුලට ආවත් එකතැන නතර වෙලා උඩබලද්දි දැක්කේ මෙච්චර වෙලා හොයපු කෙනා roof top එකේ කෙලවර අහස දිහා බලන් ඉන්නවා..

කෙල්ල වේගවත් අඩි එක්ක උඩට ගිහින් ජිමින්ට ටික දුරක් ඈතින් ගැට්ටෙන් ඉද ගන්න
ගියත් එකපාර ඔලුව කරකැවෙන්න ගත්තේ බැලන්ස් එක නැති වෙද්දි..

ජිමින් සද්දෙට වම් පැත්ත බැලුවත් ඉක්මනට හිටගත්තේ ඉයුන් හා වැටෙන්න යනවා දැකලා..

RED FLAG |SEASON 2|✔Where stories live. Discover now