Hana POV
මුලු පන්තියෙම ලමයින්ගේ අවදානේ එයාගේ පැත්තට ගන්න ගමන් පන්තියට ඇවිත් කිසිම දෙයක් නොවුන ගානට ගිහින් වාඩි උනේ, චෝයි රීහා නැත්තන් ටේහ්‍යුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඇතිවුන රන්ඩුවකින් පස්සේ.
"ටේහ්‍යුන් රීහා එක්ක බ්‍රේකප් වෙලා"
මට ඇහුනේ පන්තියේ අනික් ලමයින්ගේ කතා සද්දෙ. ඒ දෙන්නා බ්‍රේකප් වෙලා. ඒක අමුතුවෙන් පුදුම වෙන්න් දෙයක් නොවුනට මට නම් මේ වෙච්ච දේට පුංචි සතුටක් ඇති නොවුනම නෙවෙයි. ඒ සතුටට හේතුව සමහරවිට රීහා ටේහ්‍යුන්ට ඇත්තටම ආදරේ නෑ කියලා ටේහ්‍යුන් තේරුම් ගත්ත නිසා වෙන්නත් පුලුවන් නැත්තන් මම දැන් අවුරුද්දක් විතර ඉදන් ටේහ්‍යුන්ට ආදරේ කරන නිසා වෙන්නත් පුලුවන්.
"ඒක ඇත්තක්ද?"
මගේ ලගට ඇවිත් අහනකොට මම මගේ හොදම යාලුවා දිහාට හැරුනා. ලී ජිනූ. හරිම කූල් එකේ ඉන්න කෙනෙක්. බෝල වගේ රවුම් ඇස්, හීනි ලා රෝස පාට තොල් වගේම ඉන ගාවට දිගට තිබුන කොන්ඩේ පෝනි ටේල් එකක් දාලා උඩට කරන් හිටියත් සාමාන්‍ය කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම වෙනස් ලස්සනක් එයාට තිබුනා.
"මොකක්ද?"
එයා අහපු දේ දැනගෙන උනත් මම නොදන්න ගානට ඇහුවා.
"ඕහ් මොකක්ද හනා. මම දන් නෑ කියලද හිතන් ඉන්නේ? මට විතරක් නෙවෙයි ඔයාගේ ඇස් දැක්කම ඕන කෙනෙක්ට ඒක කියන්න පුලුවන්"
ජිනූ මගේ මේසෙට බර වෙලා එයාගේ පුරුදු විදිහටම පොඩි ලමයෙක් වගේ කියාගෙන ගියා.
"කෝ එහාට වෙන්න මට මේ වැඩේ ඉවර කරන්න දීලා"
ජිනූගේ ප්‍රශ්නෙන් බේරෙන්න ඕනවට මම පැත්තකට කරලා වහලා දාලා තිබුන පොතක් දිග හරින ගමන් කිව්වා.
"ටේහ්‍යුන් රීහා එක්ක බ්‍රේකප් උනාද??"
මගේ දිහා ඇස් කොනින් බලන ගමන් ජිනූ මුලු පන්තියටම ඇහෙන්න කෑ ගහලා අහද්දි මම ඉක්මනට පොතට ඔලුව ඔබා ගත්තේ ටේහ්‍යුන් පවා අපේ දිහා බලන්න ගත්ත නිසා.
"ම්ම් ඔව්"
ටේහ්යුන්ම ජිනූගෙ ප්‍රශ්නෙට උත්තර දෙනකොට පන්තියේ හැම තැනින්ම වගේ ලමයි මුමුනන සද්ද ආවේ ටේහ්‍යුන් එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්ලගෙන් පිට කෙල්ලෝ එක්ක මෙහෙම කතා කරනවා අඩු නිසා.
YOU ARE READING
HOLD ME TIGHT || KTH
FanfictionDon't forget I'm just a girl, standing in front of a boy, asking him to love her.