Chapter 04

61 16 16
                                    

"හනා.."

මගේ කාමරේට කෑ ගහගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි ජිනූ. අද නම් කෙල්ල වෙනදා වගේ නෙවෙයි. වෙනදට උඩට කරන් ඉන්න කොන්ඩේ අද නිදහසේ පහලට වැටිලා. මම මේ විදිහට ජිනූව දකින්නේ කීප වතාවයි.

"අනේ හනා.."

මම ජිනූ දිහා බලාගෙන ඉද්දි කෙල්ල මගේ ලගට ඇවිත් මාව බදාගද්දි මාත් ආපස්සට එයාව බදා ගත්තා.

"මේ ටේහ්‍යුන්ට නියම චොයිසස් තියෙන්නේ හැබැයි"

කෙල්ල ඇහැක් ගහන ගමන් කියද්දි මම ඇහුවේ ඒ මොකද කියල...

"ඒකනේ කොල්ලා ඔයාව තේරුවේ"

"ටේහ්‍යුන්ට වඩා ජිමින්ට හොද චොයිසස් තියෙන්නෙ... "

"අනේ මේ එයා කවුද.. මගේ නම් කවුරුත් නෙවෙයි "

මේ දෙන්නා අදත් රන්ඩු වෙලා වගේ. ඕවා සාමාන්‍යයි. තරහ වෙලා ටික වෙලාවකින් බලද්දි දෙන්නා ආය එකට. මම ජිනූගේ ඔලුවටත් පොඩි තට්ටුවක් දාලා ඇවිල්ලා කාර් එකට නගිද්දි ජිනූත් ඇවිත් නැග්ගම ඩ්‍රයිවර් අපිව එක්කන් ගියේ පාටි එක තිබුන තැනට.

කතා සද්ද වලින් වගේම සද්දෙට දාලා තිබුන සින්දු වලින් එතන පිරිලා තිබුනා. මායි ජිනූයි ඇතුලට යද්දිම අපිට හම්බුනේ එයාලව..

හ්ම් ටේහ්‍යුන්. වෙනදට වඩා ලස්සනකින් එයා මගේ ඉස්සරහ හිනා වෙවී බලන් ඉද්දි මායි ජිනූයි දෙන්නා ඉක්මනට ගියේ ටේහ්‍යුන්, ජිමින් ගාවට.

මායි ටේහ්‍යුනුයි දෙන්නා එලියට ආවේ ඇතුලේ තිබුන සද්දත් එක්ක අපි දෙන්නට නිදහසේ කතා කරන්නවත් බැරි නිසා.

"බබා.."

මගේ ඉන වටෙන් අත් දෙක දාලා මාව එයාට තුරුල් කරගන්න ගමන් ටේහ්‍යුන් කතා කරද්දි මම තවත් එයාට තුරුල් උනේ ඒ උනුහුමට මට ඒ තරම් ආස කරපු නිසා..

"කියන්න.."

"ඔයා අද හුගක් ලස්සනයි.. මම ඔයාව මේ තරම් ලස්සනට දැකපු පලවෙනි වතාව"

"මට වඩා ඔයා ලස්සනයි ටේ.. "

"මට ඔයාව දාලා යන්න බෑ මැනික"

එයා ඒ කිව්ව දේ මම වැඩිය ගානකට ගත්තේ නෑ. ඒත් එදා මම ඒ ගැන ටිකක් සැලකිලිමත් උනානම්..

"ඔයා මාව දාලා කොහේ යන්නද ටේ.. අපි හැමදාම එකට ඉන්නවා"

"මාව අමතක කරනවද? මොනා හරි උනොත්"

"ටේ විකාර කියවන එක නවත්තන්න. අද දවස තියෙන්නේ සතුටු වෙන්න මිසක් දුක් වෙන්න නෙවෙයිනේ"

එයා එදා කිව්ව දේවල් මට එවෙලේ නොතේරුනත් දැන් නම් හොදට තේරෙනවා මොනාද එදා ටේ කිව්වේ කියලා...

සතියක්ම ඔහේ ගෙවුනා. මම ගේ ඇතුලටම උනා. නිවාඩු කියලා ටේට නිදහසක් තිබුන් නෑ බිස්නස් වැඩ වලට අප්පා එයාව එක්ක ගත්තා.

දවස් දෙකක් ටේගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැති උනා. මුලින් බිසී නිසා කියලා හිතුවා. පස්සේ ජිමින්ගෙන් අහද්දි එයා ප්‍රශ්නේ මගහැරියා. ටේ මෙහෙම නෑ. මොන දේ තිබුනත් එයා දවසකට එක විනාඩියක් හරි මන්වෙනුවෙන් වෙන් කරා.

බලන් ඉදලා බැරිම තැන මම ලෑස්ති උනේ ටේගේ ගෙදර යන්න. දෙපාරක් විතර බෙල් කරාගෙන් පස්සේ දොර ඇරියේ ටේලගේ ගෙදර සර්වන්ට් කෙනෙක්.

"මිස් හනා.. "

එයා මාව අදුරගත්තා මම කලින් මෙහේ ආපු නිසා.

"ටේ ඉන්නවද "

මම දොර ගාව ඉදන්ම කියනකොට එයාගේ ඇස් උඩ ගියා..

"මිස් සර්ව මෙහේ හොයලා වැඩක් නෑනේ.. එයා ගියානේ"

මොනාද මේ කියන්නේ... ඔලුවේ දාහක් ප්‍රශ්න කෑ ගහන්න ඔඅටන් ගත්තා..

"කෝ එයා?"

"ටේ සර් මෙහෙන් ගියා මිස් දන් නැද්ද... එයා ලන්ඩන් ගියා යුනිවර්සිටි යන්න.."

එයා තවත් මොනාද කියවද්දි මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තේ ඒ කිව්ව දේ මම විශ්වාස කරන්න අකමැති නිසා...

කරගන්න දෙයක් නැතුන් මම දිව්වේ ජිනූගේ ගෙදර. ජිනු ජිමින් දෙන්නා ඉස්සරහ මම පිස්සෙක් වගේ අඩ අඩ මගේ ටේව ඉල්ලද්දි මම පරක්කු වැඩියි...

එයා ගිහින්.. මාව දාලා. මට නොකියම. කියන්න තරම්වත් එයාට මාව වටින් නැද්ද... කෝල් එකක් මැසේජ් එකක්... මම එයාගේ කවුද.. මමයි වැරදි. මට දැනුයි තේරෙන්නේ ටේහ්‍යුන් ගැන ස්කූල් එකේ ලමයි කතා උන දේවල්. ඒ වගේ මනුස්සයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උන මමයි වැරදි.

වෙලාවකට හිතට සතුටුයි ඔයාගේ බොරුවෙන් හරි මම සතුටු උනානේ කියලා.. ඒත් හැමදේම එලියට ආපු දවසට මේ හිතට ඒවා දරාගන්න අමාරුයි ටේ..

END
_________________________________________

Hi!

This is not just an end. In other way it may be a begin for everything. See you in epilogue.

Leave your precious comments below.

HOLD ME TIGHT || KTH Where stories live. Discover now