"පාර්ක් ජිමින්, කිම් ටේහ්‍යුන්, ලී ජිනූ... තුන් දෙනාම යනවා පන්තියෙන් එලියට..."
අදත් වෙනදා වගේම මිස්ටර් චෝයි පන්තියට ආපු ගමන් කෑ ගැහැවේ තුන් දෙනාගේ රන්ඩු බේරන්න බැරි නිසා.
ජිනූ ටේහ්‍යුන් දෙන්නා ෆැම්ලි ෆ්‍රෙන්ඩ්ස්ලා. එතකොට ටේහ්‍යුන් ඩේට් කරපු එක කෙල්ලෙක් විතරයි ජිනූ කියන්නේ. දවස් ගානකට සීමා වෙච්ච එකක්. මම ඒ කාලේ ලොකුවට ටේහ්‍යුන්ට කැමැත්තක් තිබුනෙත් නෑ.
බ්‍රේකප් වෙන්න හේතුව ජිමින්. එයයි ජිනුයි රන්ඩුවක් වෙලා ජිනූ ටේහ්‍යුන්ටත් බැනලා ආවා. එදා ඉදන් අද වෙනකන් ජිනූ ජිමින් දෙන්නා රන්ඩු වෙනවා. ටේහ්‍යුන් එක්ක තරහක් නොතිබුනාට ජිනූ ජිමින් නිසා ටේහ්‍යුන් එක්ක වැඩි හොදක් නෑ. ටේහ්‍යුන් ජිනූට බයයි ඇත්තම කිව්වොත්. මගේ යාලුවා තමයි ඒ උනාට කෙල්ලගේ වැඩේ ටේහ්‍යුන්ගේ හැම වැඩක්ම ගිහින් ටේහ්‍යුන්ගේ ඔම්මගේ කනේ තියන එක. ටේහ්‍යුන්ගේ ඔම්මා පවරපු වැඩක්ලු.
අදත් ටේහ්‍යුන්ගේ දෙපැත්තේ මේසවල ඉන්න ජිනූ ජිමින් දෙන්නගේ වලියකට මැදිහත් වෙලා බේරන්න ගිහින් ටේහ්‍යුන්ටත් උනේ අනික් දෙන්නා එක්කම පන්තියෙන් එලියට යන්න.
මම හුගක් වෙලාවට ටේහ්‍යුන් දිහා බලන්නේ හොරෙන්. අඩු ගානේ මම එක වචනයක්වත් එයා එක්ක කතා කරලා නෑ. කොහොමත් එයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ ඒ කාලෙට එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක මිසක් වෙන අය එක්ක වැඩි කතාවක් නෑ.
ටේහ්‍යුන් දිහා බලන්න ඕනි නිසාම මම ඉන්නේ ජිනූගේ පිටිපස්සේ තැන. එතකොට ජිනූට එහායින් ඉන්න ටේහ්‍යුන් දිහා මට නිදහසේ බලන් ඉන්න පුලුවන්.
"ඔයා නම් මේක නවත්තන්නෙම නෑ නේද"
ජිනූ ආපහු පන්තියට ආපු ගමන් එයාගේ පුටුව අනික් පැත්තට හරවගෙන වාඩි වෙද්දි මම ඇහුවා.
"පටන් ගත්තේ මම නෙවෙයි හනා.. ඕකේ.. මේ දැන් වෙන ටොපික් එක්කට එන්න"
මම බනිනවා කියලා දන්න නිසාම කෙල්ල වෙන දෙයක් ගැන කතා කරමු කිව්වා. ඒ උනාට ඒ එක්කම වගේ එතනට ආවේ ජිමින්.. ජිනූ නම් කොල්ලා ආපු ගමන් එතනින් නැගිටලා ගියා. මම ජිමින්ගේ මූන දිහා බැලුවේ ඇයි අහන්න.
DU LIEST GERADE
HOLD ME TIGHT || KTH
FanfictionDon't forget I'm just a girl, standing in front of a boy, asking him to love her.