❤මුළු හිතම පාළුවෙන්....💚(බෝනස්)
හබී බනී ගෙදර නෑ කියලා දැනගත්තාම යීබෝ කරේ මුළු ගෙදරම බනීව හොයපු එක.වත්ත වටේ,බැරිම තැන ගස් උඩත් බැලුවා...
බනී...ඔයා කොහෙද හැංගුනේ... කොහෙද ඉන්නේ මැණික...හබී බය වෙලා එන්නකෝ අනේ...
යීබෝ කොච්චර හෙව්වාත් එයාගේ බනීව නම් හම්බ උනේ නෑ...බැරිම තැන යීබෝ ඇකඩම් එක,බනීගේ ගෙදර,යීබෝගේ ගෙදර ඔක්කොගෙම බැලුවත් රෑ වෙනකල් එයාගේ පපාගෙන් බනීගේ පපාගෙන් ගුටි කාලා පාලම උඩ ඉදලා කොච්චර වෙලා ගියත් බනීව හම්බ උනේ නෑ...
අදම බනී නැති වෙලා මාස තුනකටත් කිට්ටුයී ..මේ මාස දෙකට හා දවස් ගානට අඩලා නොකා ඉදලා හරියට නිදා ගන්නේ නැතුව ඉඳලා කලින් උන්නු හැඩකාර යීබෝ වෙනුවට කෙසඟ ශරීරයක් ඔහේ වැව්නු කොණ්ඩෙ රැව්ලක් තියෙන අප්රසන්න පෙනුමක් තියෙන කෙනෙක් වෙලා...
කාත් එක්කවත් කතාවක් නැති යීබෝ දවසෙම කරන්නේ ඇඳට වෙලා අන්තිම දවසේ බනී ඇදන් උන්නු ඇදුම බදාගෙන ඉන්න එක්ක...
බනී ගිහින් තිබුනේ එයාගේ ෆෝන් එකත් ගෙදර දලා... ඒක දවස් තුනකට පස්සේ තමයි යීබෝ දැක්කේ...ඔන් කරලා බැලුවම ඉස්සරහම උන්නේ යීබෝ...නමිබර් එක සෙව් කරලා තිබ්බේ My Everything.....❤
යීබෝට ඒක දැකලා හුස්ම ගන්නත් බැරි උනා...
"අනේ බනී රත්තරන්...මට එච්චරටම ආදරේද දෙයියනේ...ඔයාගේ හැමදේම මමද..එතකොට මන් මොනවද කරේ මැණික...මම ආදරේ කරා බබා...ඒත් ශූවාන් එදා ඉස්සර වෙලා..සමාවෙන්න රත්තරන්...
යීබබෝ ෆෝන් එක පුරාම බැලුවා..ෆොටෝ තිබ්බ ගොඩ දැකලා යීබෝ ඒ සේරම ඕපන් කරා...දෙයියානේ ඒකේ තුනෙන් එකක්ම තිබ්බේ යීබෝගේ විකාර ෆොටෝ..ඔරවන් ඉන්න,හිනා වෙලා ඉන්න,ගේම් ගහනවා එකී මෙකී නොකී ෆොටෝ ජාති ගොඩක් තිබ්බා..යීබෝගේ ෆෝන් එකේ නම් බනීගේ ෆොටෝ ඕන නම් දහයක් විතර ඇති.. ඒවත් බනී ඉල්ලලා අරන් ගත්තු සෙල්ෆි...
"බබා...මාස දෙකක් මන් නිදාගත්තේ නෑ..."
"ඔයාට තුරුල් වෙන්නේ නැතුව මේ හබීයා නිදාගන්නේ කොහොමද ඔයා හිතුබේ නැද්ද යන්න කලින්"

YOU ARE READING
༺ ආයෙමත් ආදරෙන් ༻ ✓
Fanfictionහැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting bu...