ඔන්න ඉතින් මෙයාලා දෙන්නම දැන් highschool ජිවිතේ ඉවර කරලා university එකට ඇවිත් මේ freshman year එක.
Mew, Gulf දෙන්නම Business Management තමා කරන්නේ. සරලව කියනවනම් දෙන්නම එක පන්තියේ.
කොහොමහරි පළවෙනි දවසේ මේ දෙන්නා වාඩි උනේ එක ළඟ....
එහෙම උනේ, Gulf ට clz එකට එන්න පළවෙනි දවසේම පරක්කු උනා.
Mew ලඟ කව්රුත් හිටපු නැති නිසා Mew ගෙන් අවසර අරන් Gulf එයාට එහාපැත්තෙන් වාඩි උනා.
Gulf ව දැකපු පළවෙනි තත්පරේම Mew ගේ හිත මොකද්ද වෙලා ගියා.Mew ත් හරිම handsome ඉතින්. කෙල්ලෝ වහ වැටිලා. Gulf උත් ලස්සනයි. Gulf ලස්සනටත් වඩා හුරතල් පාටයි. අපි කියන්නේ adorable කියලා. අන්න ඒ වගේ.
කොහොමහරි ටික වෙලාවකට Mew ට එයාගේ ඇස් Gulf ගෙන් අහකට ගන්න බැරි උනා. Gulf ට මේ බැල්ම තේරිලා වගේ එයා හැරිලා Mew දිහා බැලුවා, එයා කේන්තියෙන් බැලුවේ නෑ ඉතින්. Mew දිහා බලලා ලස්සනට හිනා උනා. 😊
Gulf "ඔයාට මේකේ වෙන යාළුවෝ නැද්ද?" කියලා හරිම හුරතල් විදිහට ඇහුවා.
Mew එක පාරට ගැස්සිලා වගේ "ආ ඔව් ඔව් මං විතරයි වෙන කව්රුත් දන්න කෙනෙක් නෑ" කියලා කිව්වා.
හිතට ආපු ක්ෂණික සිතුවිල්ලකට Mew ටක් ගාලා Gulf ගෙන් ඇහුවා "යාළුවෝ වෙන්න කැමතිද" කියලා.
Gulf ට හරිම සතුටුයි ඉතින්, ඇයි එයාට කලින් යාළුවෝ ඉඳලාම නෑ නේ. ඉතින් මෙයා පැනපු ගමන් හා කිව්වා.
Mew ඉතින් එදා එයාගේ හිතේ ඇතිවෙච්ච හැගීම හංගගෙන යාළුවෝ වගේ හිටියා. ඇත්තටම ඒ හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න එයාට තේරුමක් තිබ්බේ නෑ.
ක්ෂණික ආකර්ශනයක් වෙන්න ඇති කියලා එයා හිතලා නිකන් හිටියා.
.
.
.
.
.
.ඇත්තටම ඒ හැගීම ටික දවසකින් එයාට අමතක වෙලා ගියා.
ඔන්න ඉතින් කොහොමහරි එදා ඉඳන් මේ දෙන්න හොඳම යාළුවෝ උනා.
තව දෙයක් කියන්න ඕනි, මේ දෙන්නගෙන් එක්කෙනෙක් වත් gay නෙමෙයි. හැබැයි දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් first love එකක් නෑ. (දෙන්නම virgin කියමුකෝ🤣) දෙන්නටම ආදරේ ගැන පළපුරුද්දක් නෑ.
.
.
.ආ මට කියන්න අමතක උනා නේ. Freshman year එකේදි university එකේ නීති රීති වලට අනුව හැම freshman කෙනෙක්ටම university dorm වල නවතින්න සිද්ද උනා.
එහෙම කළේ freshman year එකේ මෙයාලා වෙනුවෙන් වැඩසටහන් ගොඩක් ලොකු අයියල අක්කලා (seniors ලා) ලෑස්ති කරලා තිබ්බ නිසාම වගේම ඒව ඉවර වෙද්දි රෑ වෙන නිසා.
කොහොමහරි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දෙන්නට එකම dorm එක හම්බුනේ. ඒ කියන්නේ දෙන්නම එකම කාමරේ. දැන් දෙන්නටම හරිම සතුටුයි, ඇයි ඉතින් අඳුරන දෙන්නෙක් නේ, ප්රශ්නයක් නෑ නේ, ඒ නිසා.
ඉතින් කාලේ ඔහොම ගෙවිලා යද්දී Mew එයාගේ යාළුවන්ට Gulf ව අඳුන්වලා දුන්නා. Gulf cute නේ, යාළුවෝ ඔක්කෝටම මෙයාව අල්ලලා ගියා ඉතින්.
හැමෝම Gulf ට ආදරෙයි ඉතින් දැන්. Gulf චූටි ළමයෙක් වගේ නිසා හැමෝම හුරතල් කරනවා.
දැන් මේක බලන් ඉන්න බෑ Mew ට. එයා තනියම හිතනවා "අපරාදේ මෙයාලට අඳුන්නලා දුන්නේ, මං විතරක් Mew ව දැනන් හිටියනං ඇතිනේ, shit අපරාදේ" කියලා.
ඒත් ආපහු හිතනවා "ඇයි මට මෙහෙම හිතෙන්නේ, මං ඉරිසියයි ද?" කියලා.
ඒ ගැන ටික දවසක් හිතද්දී එයාටම තේරුම් යනවා එයා Gulf ට හිතින් ආදරේ කරන විත්තිය.
ඉතින් මේ හේතුව නිසාම Mew ටිකක් Gulf ගැන over protective උනා.
ඒත් Gulf එයාගේ හොඳම යාලුවෙක් නිසා එයා ඒ හැගීම Gulfට දැනෙන්න ඉඩ තිබ්බේ නෑ.ඒක හංගන් ඉන්න තීරණය කරනවා.
කොහොම උනත් Mew ගේ over protective හැසිරීමට Gulf ට නොදැනුවත්වම Gulf ගේ හිත ආස කරමින් තිබ්බා. "මේ ආදරේද?" Gulf එහෙම හිතුවත්, " මටත් පිස්සු" කියලා හිතලා එයා ඒ හැගීම අමතක කරලා දානවා.
.
.
.
.
.
.
.
.
ВЫ ЧИТАЕТЕ
MG || Mewgulf ✅
ФанфикSinhala Mewgulf Story - My 3rd sinhala bl story 🏳️🌈 ❗Only fan fiction ❗Imagination only ❗Don't Copy