03.

270 53 2
                                    

මං  කිව්වනේ Mew ට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා.

ඒත් එයා කරන්නේ Business Management.

එයා dorm එකේ ඉඳන් සින්දු කියනකොට ඒව අහන් ඉන්න Gulf ට මෙයා ඇයි Music නොකළේ කියලා හිතුන වාර අනන්තයි. Gulf ඉතින් ඕක ඇහුවම Mew කිව්වෙ " මං ඉතින් පව්ලේ එකම ලමයනේ, අම්මලට ඕනි මං family business එක බලාගන්න. මටත් ඉතින් බෑ කියන්න බෑ නේ. මං අකමැති නෑ business වලට. ඒත් music වලට වැඩිපුර ආසයි. මං හොරෙන් Music degree එකක් කරනවා අනේ" කියලා .
ඒම කියලාMew මහා සද්දෙට හිනා උනා.

"මට කියන්නකෝ ඉතින් ඔයා මොකද Business කරන්න හිතුවේ?" Mew, Gulf ගෙන් ඇහුවා. "බොරු කියන්න ඕනි නෑ නේ මං නම් ආසාවෙන්මයි Business තෝරගත්තෙ. ඒ තාත්තලගෙ business එක කරන් යන්න නෙමෙයි, මට ඕනි මගේම කියලා business එකක් පටන් ගන්න. බලමුකෝ ඉතින් නේද?" කියලා Gulf උත් හිනා උනා.

මේ කතා කරන අතරතුරේ Gulf ට අලුත් අදහසක් ආවා.

"Mew සින්දුවක් ලියලා release කරමුකෝ..." Gulf එයාගේ අදහස කෙලින්ම Mew ට කිව්වා.

Mew ට කොහොමත් සින්දුවේ හැගීම් බොහොම හොඳට දැනවෙන විදිහට සින්දු කිවීමේ හැකියාව තිබ්බා. ඒ අදහස ඇහුනම Mew හිතුවා මගේ හිතේ Gulf ගැන තියන හැගීම වචන වලට පෙරළන්න මේක හොඳ chance එකක් වගේ කියලා Gulf ගේ යෝජනාවට එක පයින් කැමති උනා.

Gulf ට ගොඩක් සතුටු හිතුනා. මේ වෙද්දි Mew ගේ Gulf කෙරෙහි තිබ්බ මෘදු හැසිරීම නිසා Gulf ගේ හිතෙන් බාගයක් ම Mew හොරකම් කරන් ඉවරයි. ඒක Gulf වත් හරියට තේරුම් අරන් තිබ්බේ නෑ.

කොහොමහරි Gulf ගේ යෝජනාවට අනුව Mew එයාගේ හිතේ හැගීම් වචන වලට පෙරළන්න පටන් ගත්තා. ඒ හැගීම් කොච්චර ප්‍රබලද කිව්වොත් එයාට ඒ සිංදුව ලියලා ඉවර කරන්න මහ ලොකු දවසක් ගියේ නෑ. දවස් තුනෙන් මුළු සින්දුවම ලියලා ලස්සන තනුවකුත් දාලා ඉවර කරනවා.

ඒත් Mew එයා සිංදුව ලියලා ඉවරයි කියලා Gulf ට කියන්න ගියේ නෑ. සතිය ඔහොම ගෙවිලා ගිහින්, සෙනසුරාදා ඉරිදා දවස් දෙක උදා උනා,

ඒ දවස් දෙක uni එක නිවාඩු නිසා Mew, Gulf  අනිත් යාළුවෝ එක්ක සෙට් වෙලා beach side එකේ BBQ Party එකක් දාමු කියලා තීරණේ කරන් ගෙවල් වලිනුත් අවසර අරගෙන එහෙ ගියා.

කට්ටිය එක්ක හොඳට විනෝද වෙලා සෙල්ලම් කරලා මහන්සි අරින්න කියලා අනිත් හැමෝම කාමර වලට යද්දී Mew, Gulf දෙන්නා විතරක් beach එකේ තනි වුනා.

" Gulf, මං සිංදුව ලියලා ඉවර කළා. දැන්නම් ටිකක් දවස්. Melody එකකුත් දැම්මා. ඔයාට මුලින්ම අහන්න දෙන්න කියලා හිටියේ, යෝජනාව ඔයාගේ නිසා. මොකද කියන්නේ" Mew හදිස්සියෙම ඇහුව.

Gulf ගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා. මගේ එක වචනෙට Mew ඇත්තටම සින්දුවක් ලියලද කියලා එයාට පුදුම හිතුනා. " ඇත්තමද? කියන්නකෝ අහලා බලමු" Gulf ඒම කිව්වා.

Mew දුවල ගිහින් කොහෙන්ද මන්දා guitar එකකුත් උස්සන් ආවා. දැන් ලෑස්තියි සිංදුව කියන්න.

.
.
.
.
.
.
.
.
.
.
.

MG || Mewgulf ✅Where stories live. Discover now