3. grey or blue

218 47 42
                                    

මම කාමරේ තිර රෙදි අතරින් ඔලුව දමලා අපේ ඇඳ දිහා බැලුවේ කෙඳිරි ගාන සද්දය ඇහුනේ එ හරියෙන් නිසාමයි. යුංගි හ්‍යුන් පොරවන රෙදි අතරේ ගුලි වෙලා හිටියේ ගොඩාක් අපහසුවෙන් වගෙයි.

"හ්‍යුනී.. "
මන් එයාට  කතා කරා . එයා යන්තමින් ඔලුව සෙලෙව්වේ මගේ කටහඩ ඇහුන බව දන්වන්න වගෙයි.

"ඔයාට මොකද මේ උනේ .. ?"

මන් ඇද මත වාඩි වෙලා එයාගේ ඔලුව අත ගෑවා. එයා තවත් පොරෝනා අස්සට ගියේ මන් අල්ලනවාට අකමැත්තෙන් වගෙයි.
හ්‍යුන්ගේ ඇඟ හොඳටම රස්නෙයි වගේම එයාගේ නහයත් කම්බුලුත් රතු වෙලා තිබුනේ හෙම්බිරිස්සාවක් හැදිලා වගෙයි. හ්‍යුන් පුරුදු විදිහටම මාව අහකට තල්ලු කරේ මටත් අසනීප වේවි කියලා බයට වෙන්න ඕනේ. එයා එයාගේ වෙවුලන අත් වලින් පොරවන රෙද්ද ආහපු ඇදලා ගත්තා.

"හ්‍යුන් ඔයාට අසනීපයිනේ හොඳටම "

මට කියවුනේ එයා වෙවුලන හැටි දැක්කාමයි. මන් කාමරෙන් එලියට ගිහින් එයාට බොන්න පැනඩෝල් පෙති දෙකක් ගෙනාවා.

"කෝ මේක ගිලින්න .. "
මන් එහෙම කියද්දි එයා හිස සැලුවා .

"මන් ආපු ගමන් බිව්වා, මන් අද ඔෆිස් එකෙන් ඉක්මනට ආවා. ඇඟට අමාරුවක් දැනුන නිසා.
උදෙත් අමාරුවෙන් හිටියේ ටිකක්"
යුංගි හ්‍යුන් එහෙම කියද්දි මට මන් ගැන තරහවක් ඇති උනා.
'එයා උදෙත් අමාරුවෙන් හිටියේ ? '
මන් ඒක දන්නෙ වත් නැහැනේ.. මට ඒක පෙනුනෙවත් නැහැ. මන් හ්‍යුන්ට අවධානය දෙන්නෙ මොන තරම් අඩුවෙන්ද කියන එක ගැන මට පුදුම හිතුනා. මන් එයා දිහා බලාගෙන මොහොතක් හිටියේ මගේ මනස හිස් වෙලා ගිහිල්ලා වගේ නිසයි . මන් අසනීප උන කාවවත් බලාගෙන නැති බව මට මතක් උනේ ඒ මොහොතෙදියි. මට අසනීප උනාම එයා නම් මාව බලාගෙන තියෙනවා.

"ඒකට කමක් නෑ බබා මට තව ටිකකින් අඩුවෙයි. ඔයා යන්නකෝ ගිහින් ස්කෝලේ වැඩක් බලාගන්න. "

මන් එයා කියන දේ නොඅහා ගිහින් උනු වතුර එකක් රත් කරේ එයාට sponge bath එකක් දෙන්න හිතාගෙනයි. ඊට කලින් ඕඩිකොලොන් දාපු පුංචි තුවායක් එයාගේ නළල උඩින් තිබ්බා. එයාගේ නහය හැකිලුනේ ඕඩිකොලොන් සුවදේ සැරට වෙන්න ඕනේ . හ්‍යුන් අසනීප වෙනකම්ම මන් ඒක දැන ගෙන නොහිටපු එකට මන් මටම බැන ගනිමින් වැඩ කරා. එයා මාව උදේ බයිසිකලෙන් ගිහින් දාද්දිත් අමරුවෙන්ද දන්නෙ නැහැ හිටියේ. එයා තනියෙම ආපහු ඇවිල්ලාත් එක්ක මඟදි මොනවා හරි උනා නම් එහෙම .. මන් උණුවතුර පරිස්සමෙන් භාජනයකට වක් කරන ගමන් හිතුවා.
හ්‍යුන් නහයෙන් හුස්ම ඉහලට අදිමින් ඇද විට්ටමට හේත්තු වෙලා හිටියේ මන් කරන දේට අමනපයෙන් වගේ . ඒත් අන්තිමේදි එයාගේ අත් දෙක දෙපැත්තට විහිදුනු විදිහට මට හිතුනා එයාට සනීපයක් දැනෙන්න ඇති කියලා . මන් හිමීට එයාව බදා ගත්තේ එයා නිකම් හග් එකක් ඉල්ලනවා වගේ අත් තියාගෙන හිටපු නිසාමයි. යුංගි හ්‍යුන්ගේ අත මගේ කෙස් අතරින් ගියේ එයා මාව සනසන්න හදනවා වගේ. එයා මගේ ඉනෙන් අල්ලාගෙන මගේ උරහිසෙන් නිකට තියාගනිද්දි මන් එයාගේ පිටට තට්ටු කරා. එයාගේ පපුවෙන් හුස්ම ගන්න සද්දය හොඳට ඇහුනේ එයාට අසනීප නිසා වෙන්න ඇති. 

love never dies [short story]Dove le storie prendono vita. Scoprilo ora