Mamma mia 🌊(04)

4.2K 699 183
                                    

දොර ලඟ හිටගෙන ඉන්න ජන්කුක්ව දැක්ක ටේහියුන්ග්ගේ ඇස් දෙක ලොකු වෙලා ගියේ ඉබේම වගෙයි....

නමුත් ඒ ජන්කුක්ගේ මුහුන දැකලා නම් නෙමෙයි  ඒ ජන්කුක් ඉන්න විදිහ දැකලා....

පපුව ලඟටම towel  එකත් ඇදගෙන , shower cap එකත් දාගෙන අතේ පිට මදින sponge එකත් අරගෙන සබන් නාලා ඉන්න ජන්කුක්ව දැකලායි ටේහියුන්ග් පුදුමෙන් ඇස් ලොකු කර ගත්තේ....

ජන්කුක්ගේ කකුල් දිගේම සබන් ලස්සනට වෙලීලා තිබ්බ ටයිල් එක උඩට තාමාත් වැක්කෙරෙනවා....

ඒක දැක්ක ටේහියුන්ග් එයාගේ බෙල්ල ටිකක් කාමරේ දොරෙන් එලියට දාලා ජන්කුක් මෙච්චර වෙලා ඇවිදගෙන ආපු කොරිඩෝ එක දිහාට දැම්මාම ඒක දැක්ක ටේහියුන්ග්ට දැනුනේ මොහොතකට එයාගේ හදවතද නතර උනාව වගේ හැඟිමක්.......

🐯: මගේ ගෙදර.....!!!!!!

ටේහියුන්ග්ගේ කටින් ඒ විදිහට කෑගැහිල්ලක් පිට උනේ මුලු කොරිඩෝ එකේම ජන්කුක් එන ගමන් සබන් හලන් ඇවිත් තියෙනවා දැකලා.....

🐰: මේ ටෙටේ...අහනවාකෝ හලෝ....

🐯: මොකක්ද ඔයා මේ කරන්නේ.....!!!

🐰: හැමදේටම අපේ පිනා වගේ කෑගහන්න එපා හයියෝ...මං ආවේ ඔයාට වැදගත් දෙයක් කියන්න....

🐯: මොකක්ද ?

🐰: ඔයාගේ මේ ගෙදර කොච්චර වටිනවා උනාත් මහ මෙලෝ රහක් නැහැ නේ අනේ...බලන්න...ඔයා මට දුන්න කාමරේ තියෙන බාතෲම් එකේ ටැප් එක මං ඇල්ලුවා විතරයි කැඩිලා ගියා....ඇයි ඔයා ඔය වගේ බාල බඩු මගේ කාමරේට දාලා තියෙන්නෙ....

🐯: ම්...ම්..මොකක්....කැඩිලා ගියා....?

🐰: ඔව් කැඩිලා ගියා....

ජන්කුක් එයාගේ ඉනටත් අත් දෙක තියාගෙන එහෙම කිව්වාම ටේහියුන්ග් තව විනාඩියක්වත් පරක්කු නොකර දිව්වේ ජන්කුක්ගේ කාමරේට.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now